ගී ගණිතය සමඟින් ඇම්ඩා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගී ගණිතය සමඟින් ඇම්ඩා

    ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි ( ඕකා මොකකටද දුර්වල නැත්තෙ කියල මගෙන අහන්න එපා).
    ගණිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ.
    කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මැලි නිසා ඇම්ඩ විතරක් නෙවෙයි අනිත් ලමයිනුත් හරිම කම්මැලිකමෙන් තමයි පාඩම ඉගෙනගන්නෙ.
    සර්ත් මේක දැනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනෙ කියලා සර්ට හිතුනා.:oo:
    ඔන්න දැන් සර් තාලෙට ගනන් උගන්වනවා.

    ආ.. ළමා..යී… කියන්..න.. බලන්..න.. පහෙන්… දෙක…ක් කියලා කියනකොට ළමයි “තුනා..යී…” කියලා කියන්න ඕනෙ. “ප..හෙ..න් එකා…ක්…” කියනකොට “හතරා..යී..” :baffled:

    කියලා කියන්න ඕනෙ. ටික වෙලාවක් යනකොට ඇම්ඩාට මේකත් මහ වදයක් වගෙ දැනුනා.
    සර් දැන් ළමයින්ව නැගිට්ටලත් “ගී ගණිතයෙන්” ප්‍රශ්ණ අහනවා. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිටවලා
    ප්‍රශ්ණ අහන එක, ඇම්ඩගෙ ටීචර්ස්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඩව නැගිටවල ප්‍රශ්ණ අහන එක (මොකද ඇම්ඩගෙ කට හොඳ නෑනෙ.) :nerd:
    කොහොමින් කොහොම හරි ඇම්ඩගෙ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා.

    “ආ ඇම්ඩා.. කියන්…න… බලන්..න… තුනෙන්.. එකා..ක්…”:rolleyes:

    ඇම්ඩා පැනපු ගමන් කිව්වා“දිගා…යි….”
    :oo::lol:
    කියලා.
    පාඩම එතනින් ඉවරයි… ඇම්ඩත් ඉවරයි…
    :rofl:

    ඉස්සුවේ : thelastrow.net