ගුරා ගිලපු ගෝලයෝ

gepa

Well-known member
  • ගුරා ගිලපු ගෝලයෝ

    🔴 ගුරා ගිලපු ගෝලයෝ 🔴

    ගුරා ගෝලයනුත් සමග සමනල වඳින්නට යමින් සිටියේය. කැලෑව මැද්දෙන් පාර හරියට සොයාගෙන යෑමට ගුරා තුළ තිබූ දක්ෂතාව ගැන ගෝලයෝ මවිත වූහ. මහ වන මැදදී පොත දිගහැර බැලූ ගුරා මෙතැනින් ගියොත් සමනලට අලුත් පාරක් සොයාගත හැකියැයි කීය.

    ගුරාට වරදින්නට බැරියයි ගෝලයෝ සිතූහ. ඔවුහු "එය හරි!" "එය හරි"යි කීහ. ගුරා ගෝලයනුත් පිරිවරාගෙන වන මැදට වනි. ගෝලයෝ ජය ඝෝෂා කළහ. අලුත් සොයාගැනීමෙන් මත් වූ ගෝලයෝ ගුරාටත් පෙරටුව ගමන් කරන්නට වූහ. තමන් මංමුළා වූ බව ටික වේලාවකින් ගුරාට අවබෝධ විය. එහෙත් ගෝලයෝ තවමත් ප්‍රීති ඝෝෂා පවත්වති.

    තමන් මංමුළා වූ බව කීවත් දැන් දැන් ගෝලයෝ ඒ නොඅදහති. යම් විදියකින් ඇදහුවොත් ඔවුහු ගුරා අත හැර යති.

    ගෝලයන් හැර ගියොත් ගුරා තනිවම වල්මත් වෙයි. තනිව වල්මත් වීමට වඩා ගෝලයනුත් සමග වල්මත් වීම මැනවැයි සිතූ ගුරා ඔවුන් පසු පසම දුවන්නට විය.

    #ගුරා_ගිලපු_ගෝලයෝ
    ව්‍යංගා
    කේ. ජයතිලක
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    උබ කියන්නෙ සමනල කන්ද කොරෝනා නම් ගෝඨාභය රාජපක්ෂයි එයාට උදව් කරන පිරිසයි කොරෝනා වනාන්තරය මැද්දෙ අතරමන් වෙලා කියලද ? :confused:
     

    gepa

    Well-known member
  • උබ කියන්නෙ සමනල කන්ද කොරෝනා නම් ගෝඨාභය රාජපක්ෂයි එයාට උදව් කරන පිරිසයි කොරෝනා වනාන්තරය මැද්දෙ අතරමන් වෙලා කියලද ? :confused:

    මේක වෙලාවැ හැටියට ගොඩක් එව්වට ඇප්ලයි කරන්ඩ පුලුවන්..
     
    • Like
    Reactions: animation

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    මේක වෙලාවැ හැටියට ගොඩක් එව්වට ඇප්ලයි කරන්ඩ පුලුවන්..

    :D උබ කෙලින් කියන්නෙ නෑ නේද කට්ටිය උබේ රෙප් කපයි කියල. :P