ය යා මචං උගන්වපු ගුරුවරු මතක් වෙනකොට එන්නේ පුජනිය හැගීමක්...

අනිවාර්යෙන් මචංය යා මචං උගන්වපු ගුරුවරු මතක් වෙනකොට එන්නේ පුජනිය හැගීමක්...

අනිවාර්යෙන් මචංඅයේ බොරුවට නෙමෙයි. මට නම් මතක එක ටීචර්වයි.. නැටුම් මිස්.. යු නො වට් අයි මීන්..


මට මතකයේ රැඳුනු හොඳම ගුරුතුමන් ලා තමා ඉන්නේ
හැබැයි ඒ අයගෙන් ඉගෙන ගන්න කාලයේ ඒ අය යක්ෂයෝ වගේ දැනුනේ
ගුටි කනවා ඇත පය තුවාල වෙන්න
එත් දැන් සිහි කරද්දී අපිව හදන්න ඒ මනුස්සයෝ වෙච්ච මහන්සියට නිවන් සුව පාර්ථනා කරනව් මිසක් වයිරයක් තරහවක් එක දසයමයක් නෑ හිතේ.
ජය වේවා ටොමෝ...... මට නම් ගොඩාක් මතක් වෙන්නෙ මගේ මොන්ටිසෝරියේ ටීචව.
අනේ ඔව් බන්.. බිග් මැච් එකේදී sir කෙනෙක් ලගට ගියාම කියපි "මොකෝ මේ පිස්සෙක් වගේ.. කොන්ඩේ රැව්‍ල කපලා මනුසයෙක් වගේ ඉන්නවකෝ" කිව්වා. මාර ආදරයක් දැනෙන්නේ ඒ ගුරුවරු ගැන.අනිවාර්යෙන්. මාස දෙක තුනකට කලින් අපේ ඉස්කෝලේ හිටපු විනය බාර සර් හම්බුනා. සර් ඉස්සල්ලම කිව්වේ පුතා ටිකක් කොන්ඩේ වැඩි නේද කියලාසර් දැන් පැන්ෂන්. ඒත් සර්ට වැඩිහිටි අපිව තාමත් පේන්නේ ඉස්කෝලේ හිටපු ලමයි වගේ.
දුක් වෙන්නෙපා බන් සමහර මිනිස්සු එක්ක බලද්දි උබ හෙන ග්‍රේට් මචං උබට පුළුවන් විදිහට උබ ඒ ගෞරවණිය බැදීම තියාගත්තා ඒත් ලෝක ස්වභාවයට අනුව හැම දේම ස්ථාවර නැහැ සදාකල් පැවැත්මකුත් නැහැ ඉතින් ඒ ආත්මය මතක් කරලා පිනක් දහමක් කරලා බැදීම බරක් කරගෙන ජිවත්වෙන්නෙ නැතිව හිත හදාගනින් මගේ උගත් මිත්‍රයා... ජයවේවා
අනේ ඔව් බන්.. බිග් මැච් එකේදී sir කෙනෙක් ලගට ගියාම කියපි "මොකෝ මේ පිස්සෙක් වගේ.. කොන්ඩේ රැව්‍ල කපලා මනුසයෙක් වගේ ඉන්නවකෝ" කිව්වා. මාර ආදරයක් දැනෙන්නේ ඒ ගුරුවරු ගැන.
ඒ අතරේ ත්‍යගි බෝග නිසා එකෙ එක ළමයිට එක එක විදිහට සලකපු අය හිටියේ නැතුවමත් නෙවේ.
ඔව් මචං. ඒ වෙලාවට අපි හිතින් නිකංම ළමයි වෙනවා.
ඔව් බං එහෙම ගුරු වරුත් හිටියා. හැබැයි හැමෝම මනුස්සයෝනේ බං. එක එක මනුස්සයන්ගේ විවිධාකාර වැරදි තියනවා.



හ්ම්.......
ඒලෙවල් කරන්න කලින් අපේ පාසැලේ යන චිරාගත වට වන්දනාවේ ගොස් මට පළමු වසරේ දී ඉගැන් වූ තිලකා සමරසිංහ ගුරුමෑණියන් ගේ දෙපා වැද ආ හැටි මට අද මෙන් මතකය....
හොදට විභාගෙ කරන්න පුතේ, ඔයාට වරදින්නේ නෑ යයි ඇය කීවාය.....
6 වසරේදී මට ඉගැන් වූ පංති භාර ගුරු විජේදාස ගුරු මෑණියන් ගිය වසරේ දිනක පාසැලේ දී හමු වී ඇය ගේ දෙපා වැළද හැඩූ හැටි මට සිහිවේ. නහරකාරයෙක්ව සිටි මා හොද දරුවෙකු කලේ ඇයයි......
10 වසරේ පන්තිභාර ගුරු විතාන සර් මගේ සායනයට පැමිණි දින මට හැඩිණි....
අප මේ තැන් වල සිටින්නේ වෙස්සන්තරලා සේ ශිල්ප දානය දුන් මේ උතුම් මනුෂ්‍යයන් නිසා ය.......
කෝරලේමහත්තයා;21742802 said:නිවාඩු දෙනකොට හෝල් එකේ පුටු එක තැනකට ගොඩ ගහනව(දැන් කරනවද දන්නෑ)
පුටු ඩෙස්ක් කන්දයි ඔක ඇතුල රිංගල යන්න ඒ දවස් වල හරි ආසයි...
You must spread some Reputation around before giving it to Mr.Tom again.
කෝරලේමහත්තයා;21742802 said:නිවාඩු දෙනකොට හෝල් එකේ පුටු එක තැනකට ගොඩ ගහනව(දැන් කරනවද දන්නෑ)
පුටු ඩෙස්ක් කන්දයි ඔක ඇතුල රිංගල යන්න ඒ දවස් වල හරි ආසයි...
You must spread some Reputation around before giving it to Mr.Tom again.


අනිවාර්යෙන් බං. ටියුෂන් එකක උනත් කුණුහරුප කියන ගුරුවරුන්ට ලමයි ඒ වයසට ඇදුනට, පස්සේ එහෙම ගුරුවරු දැක්කම ලමයි පුලුවන් නම් කෙල ගහලා යන්නේ. සැර කරලා, අවශ්‍ය නම් ගුටියකුත් දීලා ළමයින්ව හරි මගට ගන්න ගුරු වරුන්ට ළමයි හැමදාම ගරු කරනවා.

හොද චීචර් ලා අතරේ මහ කැරි චීචර්ලත් ඉන්නවා. මට මතකයි 5 වසරේදී එක්තරා චීචර් කෙනෙක් තොරගත්ත අයට විතරක් සලකනවා. අපි සත පහකට ගණන් ගන්නේ නැහැ. පස්සේ බලනකොට තමයි වැඩේ තේරුනේ අපි ඒ චීචර්ගේ පන්තියට යන්නේ නැති නිසා තමයි එහෙම කරන්නේ...
තවපාරක් 6 වසරේදී මමයි තව යාළුවෝ 4 දෙනෙකුයි පෑන් ගැහුවා. අපි ඉස්කෝලෙන් අස්කරනවා කියලා පොර ලොකු ටෝක් එකක් දුන්නා.අස්කරනවා නම් අස්කරපන් කියන ගාණට මමත් හිටයේ.. අනික් උන් 2 නෙක් හොටු පෙරාගෙන අඩනවා.
උබ මොකද සද්ද නැත්තේ කියලා කනට එකක් ගැහුවා මගේ..
මිනිහගේනම දිසානායකද මොකද්ද කියලා එකක්. මම උසස් පෙළ එහෙම ඉවර උනහම ආරංචි උනා මිනිහා මැරුණා කියලා.
වැරදිලා......හුහ්.....වැරදිලාවත් ඉස්කෝලේ DS ද?



