* දවල් 2 වෙද්දි දවසේ වැඩ ඉවරයි.ඊට පස්සෙ ටියුශන්.සෙනසුරාද ඉරිද නිවාඩු.පාසල් නිවාඩු කාලයම මේ අයටත් නිවාඩු.
Teaching වල තත්වය භාහිර ප්‍රජාව දකිවට වඩා ගොඩක් වෙනස්,
මේ හරියට බැංකුවකට ගණුදෙනු කරන්න ගිහිල්ලා cashier දැකල ඔ්ක මොකද්ද අපේ සල්ලිනේ මුන්ට ඔ්ක ගන්නයි දෙන්නයි ඔච්චර වෙලාවක් යනවද වගේ කතාවක්.
- ගුරු වරයෙක් පාඩමක් කරන්න කලින් සුදානම් වීමක් විය යුතුයි. lesson plan 1 ඔ්න.
- මේ විස්තර දිනක් ඇතුලත කරන විදිය Daily Note දෙන්න ඔ්න
- මේ පාඩම් කරන්න මොනව හරි උපකරණ / Practicle / Diagrams/ Models / Presentation ඔ්න නම් ඒවා සුදානම් කරගන්න ඔ්න.
- උදාහරණ / ක්‍රියාකාරකම් / පැවරුම් කරන්න ඔ්න.
- Weekly Plan, Term Plan...
- වැඩ කරන්න ඔ්න සජීවී වස්තු එක්ක, ඔය කොච්චර plans හැදුවත් ඒ විදියටම යන්නේ නෑ. ළමයි අසනීප වෙනවා, ගහගන්නවා , දඟලනවා , සමහරු අතපය කඩා ගන්නවා.... ඒවට වගකියන්න ඔ්න.
- ....
මේ කියල තියෙන්නේ ඇත්තටම Teacher ලට කරන්න තියෙන දේවලින් කොටසයි. පාසල් වල තියෙනවා අර කමිටු, මේ කමිටු කියල ගොඩක්, පාසල් සංවර්ධන කමිටු, ගුරුවරු තමයි ඒ සංගම් වල සාමාජිකත්වය හා නිළ තල දරන්න ඔ්න, Accounting කරන්න ඔ්න. පාසල් අයවැය, පස් අවුරුදු සැලැස්ම, වාර්ෂික සැලැස්ම..... කෙලවරක් නෑ මේවා ස්වේච්ඡාවෙන කෙරෙන දේවල් හැටියට සැලකෙන්නේ.
විෂය බාහිර ක්‍රියාකාරකම් -->
- පරිසර නියමු,
- බාලදක්ෂ,
- first aid
- ....
- අමතර ගෙවීමක් නැති සේවා..
* රජයේ වරප්‍රසාද ඔක්කොම ගන්නව
- ගමන් වියදම් ප්‍රතිපූර්ණය කරන්නේ නෑ.
- අතිකාල දීමනා අහිමි නොවුනත්, අමාත්‍යංශ ලේකම් ඉල්ලන්නේ නැත. එබැවින් අතිකාල දීමනා නැත.
- නොගත් නිවාඩු ගෙවීම් නැත.
- ප්‍රමාද පැමිණීම් ආවරණය කල නොහැක.
- නිළ ඇඳුම් දීමනා නැත.
- රාජකාරී ලයිස්තුවෙන් නොපැවරුණු වැඩ ආවරණය සඳහා ගෙවීමක් නැත.
- ප්‍රවාහන පහසුකම් නැත. (රාජකාරී ගමන් සඳහා)
- ...
* ගුරු දෙවිවරු හිටියෙ ඉස්සර.අද තමන්ගෙ පංතියෙ ලමය තමන්ගෙ හවස ක්ලාස් එකට ආවෙ නැත්නම් කොන් කරනව.
බහුතරයක් ගුරුවරු ඉතාමත් හොඳයි. සුලු පිරිසක් මේ වගේ අයත් ඉන්නවා...
මේ අය මහන්සි වෙනවලු.රජයේ අනිත් රස්සා කරන මිනිස්සුන්ගෙත් ඇවරේජ් පඩිය මේක තමයි.
ඉතින් මේ අය විතරක් වැඩි පඩි ඉල්ලන්නෙ ඇයි ?
සංවාදයට ....
පක්ෂයකට අදාල නෑ ඇයි කියන එක ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා මුල් විනාඩි 8 වෙනකන්