මේ දවස්වල ගුරුවරුන්ගේ වැඩවර්ජන හින්ද කිරිය ගිනියම් වෙලා ඉන්න මොහොතක මට දැනෙන තවත් දෙයක් ගැන ලියන්න හිතුනා.
ගුරුවරු වැටුප් මදි කියනවා . පිටින් බලන තව කෙනෙක් කියනවා වැටුප අඩුයි කියලා දැන දැන ඇයි ගියේ කියලා. වාද විවාද ගොඩයි.
ඒත් හිතිලා නැද්ද ඉස්සරට වඩා ගුරු වෘත්තියට අවතීර්නවන පිරිමි පාර්ශවයේ අඩුවක්.
ඉස්සර සමාජයේ පිරිමි ගුරුවරයට "ස්කෝල මහත්තයා" වගේ බොහොම ගරු සැලකිලි තිබ්බට අද සමාජයේ පිරිමි ගුරුවරයා කියන චරිතය ගනන් ගන්නැති තත්වයක් තියෙන්නේ.
ලොකු ලොකු සල්ලිකාරයෝ, ලොකු ලොකු වෘත්තිකයෝ විවාහ වෙන්ඩ ගුරුවරියන්මනේ හොයන්නේ රැකියාව නිදහස් කියලා. ඇත්තටම එහෙම හිතං ඉන්න තරම් නිදහස් බවක් නම් නෑ . ආ එතකොට ගුරුවරියන්ට ඉල්ලුම තිබ්බට පිරිමි ගුරුවරුන්ට විවාහ යෝජනාවලදී ඉල්ලුමක් තියෙනවද?? නෑ නේද. ඒ මොකද?? වැටුප තමයි හේතුව. ඒක තමයි බහුතරයක් උපාධි අරන් ගුරු වෘත්තිය දිහා හැරිලාවත් බලන්නැත්තේ.
දැන් කට්ටියට හිතෙයි ගුරුවරියන් ඉද්දි මොකටද පිරිමි ගුරුවරු කියලා.
නිකමට මතක් කරගන්ඩ සාමාන්‍ය පෙල කාලේ. කොල්ලොන්ගේ දඩබ්බරකම්, ප්රචන්ඩත්වය උපරිම කාලේ. ගුරුවරියොන්ට හිතන්ඩවත් බෑ කොල්ලොන්ව පාලනය. විශේශයෙන් පිරිමි පාසල් වලට ස්කෝලේ ගියපු කට්ටියට මතක ඇති මේ තත්වේ. ඔතනින් ලමයා හරි හැටි පාලනය උනේ නැත්තම් සමාජයටමයි නරක බලපෑම මොකද එතනින් දඩබ්බර බහුතරේ සාමන්‍ය පෙලින් පස්සේ හැලෙනවා. බහින්නේ සමාජෙට. ඒ හින්ද පිරිමි ගුරුවරු අත්‍යවශ්‍යමයි කියන එක මගේ හැගීම.
අනික 7.30-1.30 වෙනකන්නේ වැඩ. පැය 6නේ.
බම්බුව තමා. අපේ ස්කෝලේ පිරිමි ගුරුවරු බහුතරේ පටන් ගන්ඩ පැයකට කලින් ඇවිත් ඉවර වෙලා පැයක් යනකනුත් හිටියා. ඒ ලමයින්ගේ ආරක්ශාවට. අනික තව කෙනෙක් කියලා තිබ්බා දිවා විවේකය ගැන. ලමයින්ට දිවා වෙවේකයේ තමා ගුරුවරු අවදානෙන්ම ඉන්ඩ ඕනී. බත් එක කකා ඉද්දී ඔන්න ලමයෙක් ඇවිත් කියයි අහවලා සෙල්ලම් කරද්දි ඔලුව පලාගෙන කියල. කකා හිටපු කැම එක පැත්තකින් තියලා ඒ ලමය ගැන බලන්නේ ගුරුවරු. ඕවා චක්‍රලේකවල නෑ කොහෙවත්. එහෙම තුවාල වෙන, ඔලු පලාගන්න ලමයා බෙහෙත් දාන්ඩ හරි ස්පිරිතාලෙකට ගෙනියන්නේ පිරිමි ගුරුවරයෙක් කියන එක අමතක කරන්ඩ එපා.
අනික ගම්බද ස්කෝලවල ගුරුවරියෝ ස්කෝලෙම හවස පන්ති තියද්දි අනිවාරයෙක් පිරිමි ගුරුවරයෙක් ඉන්නවා ඒ පන්ති ඉවරවෙලා ලමයි පිට වෙනකන්.
හොදම එක ස්කෝලේ විනොද චාරිකා. දවසක එකක් වෙන්ඩ පුලුවන් දවස් 2ක එකක් වෙන්ඩ පුලුවන්. පිරිමි ගුරුවරු නැත්තම් ඔවා නෑ අද.
අපි තේරුම් ගන්ඩ ඕනි දේ තමා පිරිමි ගුරුවරු අඩු වෙන්නේ වැටුප අඩු නිසා. ආවත් එන බහුතරේ ටියුශන් බලාගෙන එන්නේ. බයික් එකකින් එනව නම් ඒක ස්ටාට් එකේ තියන් ඉන්නේ අන්තිම බෙල් එක වැදුන ගමන් ටියුශන් පන්ති වලට යන්ඩ. ඒ ගුරුවරුන්ගෙන් මන් උඩින් කියපු කිසිම කැපකිරීමක් බලාපොරොත්තු වෙන්ඩ නම් බෑ.
කැමති දෙයක් හිතීම ඔබට බාරයි...

Last edited: