හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වාදිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්ව තිබෙනවා.
ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ගුවන් විදුලි සංස්ථාවවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදු වුණා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.
source