ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනිය ඒකාබද්ධ වෙයි

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    Telecom එකයි mobitel එකයි එකට එකතු උනා වගේම වෙයි 🤣🤣🤣
    පොත්ත විතරක් වෙනස් උනාට මදේ හැමදාම පුස් නෙ 😂😂
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වාදිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්ව තිබෙනවා.

    ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ගුවන් විදුලි සංස්ථාවවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදු වුණා.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

    source
    oya deka wenama thibbath dekama ekata puttu karath kisi wenasak na. boring presenters la.. mita awurudu 20-30 kata kalin thibba format thawama.
    karoth karanne melo rahak nathi program.. ewaye educational value ekakuth na entertainment value ekakuth na.. pamporiya witharai
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,364
    613
    113
    Colombo
    ඔය ආයතන දෙකට කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙද්දී එක එක සභාපතිල, අධ්‍යක්ෂ ජනරාල්ල ගෙනත් දානවා. උන් තමන්ගේ පොකට් එක පුරවාගෙන කඩා වඩාගෙන යනවා. ඒ අතරේ ඒ ආයතනවල වැඩ කරන, දේශපාලනෙන් ආපු අනාථයෝ ටික ලොකු ලොකු පොස්ට් ඉල්ලනවා. ඉතින් උන්ටත් සලකනවා. අන්තිමේ වැඩ කරන්න උන් නෑ. ඔක්කොම අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ.. සද්ද නැතිව තමන්ගේ වැඩ කරගෙන යන උන් ටික වැඩ ටික කරනවා ආයතනයට තියෙන ආදරේට. ඔහොම යද්දී ආයතන කඩා වැටෙනවා. ලාභ නෑ. ඉතින් කාලෙන් කාලෙට පොඩි සෙල්ලමක් දානවා. මේකත් ඒ වගේ සංසිද්දියක්. වැඩි දෙයක් නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    😂
    උදේ ඉදන් රෑ වෙනකන් රාජපස්ස තමා ඔවගේ හැම නිවුස් එකක්ම
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    animation 3d GIF
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රාජපක්ෂලාට වෙච්ච අපකීර්තිය වහගන්න හඩ්ඩා ලවාඅ කුණු හෝදා ගැනීමට දරන උත්සාහය.. හඩ්ඩා පටන් ගනී අපේ ජාතියේ පියා රට බේරාගත් උත්තමයානන් වහන්සේ මහින්ද රාජපක්ෂ කියලා...