ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම අය මේ ලිපිය කියවල තිබුනා..
    බොහොම ස්තුතියි යාළුවනේ


    මම නැවතත් මතක් කරන්නම්:

    "ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරි" - ධර්මයෙහි හැසිරෙන්නා.. ධර්මය විසින් ම රකිනු ලබන්නේය

    සීලයෙන් තොරව ගිරා පාට් දැම්මට නම් වැඩක් වෙන්නෙ නෑ..
    ඔබ සීල, සමාධි, ප්‍රඥා වඩන්න .. ඒ තුලින් ඔබට සැනසීම උදා වේවි
    තෙරුවන් සරණයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වටිනවා.. පිං සිද්ධ වේවා...

    වෙලාවත් එක්ක ගොඩක් වෙලාවට පහන තියල පහන පූජ කරල පන්සිල් අරගෙන දුවගෙන වැඩට එන්න සිද්ධ වෙලා තියෙනවා..

    වෙලාව - රාජකාරි - අපිව හිරකරල.. හිතින් මනසින් හැම අතින්ම
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    bump...samnnayen gedara mas malu kala hari pitin kala hari awoth hoda ne neda therun namadinna...ethakota wadak nadda...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    bump...samnnayen gedara mas malu kala hari pitin kala hari awoth hoda ne neda therun namadinna...ethakota wadak nadda...

    සහෝ, අපි කන බොන දේ අනුව නෙවේ නෙ අපේ සීලය තීරණය වෙන්නෙ. අපේ චේතනාව මයි.
    ඉතින් ඔබ මොනව කාල තෙරුවන් වන්දනා කලත් ඔබේ ශ්‍රද්ධාව, සීලය, ඔබ ප්‍රඥාවෙන් දැකල වන්දනා කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    ගිහියො විදියට අපේ නිත්‍ය සීලය වෙන්නෙ පංච සීලය මචන්.. ඉතින් උබම සතෙක් මරල, ඒ මස උයාගෙන කෑව නම් ඔබේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී කියල සමාදන් වුන සීලය බිඳෙනවා.
    ඒ අකුසලය වෙනුවෙන් ඔබට ලැබෙන විපාක ඔබට ලැබේවි.
    ඒත් එලෙස ඔබ නොමැරු හො ඔබම මැරූ සතෙකුගෙ මසක් නිසා ඔබ තෙරුවන් කෙරෙන් දුරස් වුනොත් ඔබට ධර්මයෙ පිළිසරනක් නෑ මචන්.

    මෙහෙමයි.. පොඩ්ඩක් හිතන්න.. ඔය කාපු මසේ සතෙක් ඉන්නවද ? ඒ සතා දැන් මැරිලා.. වෙනත් භවයකට ගිහිල්ලත් ඇති. ඒ මස කියන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතු කොටස් වලින් සැදි ආහාරයක් විතරයි. එතන සතෙක් නෑ.. තථාගතයන් වහන්සේ කවදාවත් කිව්වෙ නෑ මස්, මාලු පිළිකුලයි, අපිරිසිදුයි නිසා කන්න එපා කියල.. උන්වහන්සෙ දේශනා කලේ මහා කරුණාව මයි, මෛත්‍රිය තුලින් ඔබ ඔබවම දකින්න..

    මස් නොකා සිටීමෙන් ඔබ තුල සතුන් කෙරෙහි මෛත්‍රිය මතුවේ නම්.. එහෙනම් මස් මාලු නොකා ඉන්න..
    මස මාලු අපිරිසිදුයි කියල දෘෂ්ටිගත වෙන්න එපා සහෝ.


    ඔබ නිර්මාංශයි නම් ඔබ අවිහින්සාවෙන් ම අනුන් කන මස් මාලු, බිත්තර දකින්න..

    ඔබ නිර්මාංශ කෙනෙක් නොවේ නම් ඔබේ පිඟානේ තිබෙන මස්, මාලු, විදර්ශනා නුවණින් දකින්න..
    ඒ කිව්වෙ.. ඔතන සතෙක් නෑ.. ඔය මසින් සැදුන සතා කිව්ව කෙනා දැන් වෙන භවයක. ඔය තියෙන්නෙ සතර මහා ධාතූන් ගෙන් සැදුන අපි "ආහාර" කියල හඳුනවන දෙයක්.
    ඕකත් වෙනස් වෙනවා.. මස් මාලු නෙවෙයි කටට අරන් හැපුවාම. කටට දාගෙන හපපු මස් කෑල්ලේ ඒ තියෙන සුවඳ , රස, නැවත කටින් එළියට අරන් බැලුවොත් තියෙනවද ? නෑ නේද.. ඉතින් ඔතන සතෙක් දකින්න එපා සහෝ.

    ඔබ පිරිසිඳු සිතෙන් යුතුව තෙරුවන් නමදින්න. ඔබ කාපු බීපු දේ ඔබේ සීලය නෙවෙයි.
    බුද්ධ, ධම්ම, සංඝ තුන් රුවන කෙරෙහි අචල ශ්‍රද්ධාව, ප්‍රඥාවෙන් ඇති කර ගන්න..
    ඔබට තෙරුවන් සරණයි.
    ඔබට ගැටළු තියෙනව නම් මෙතන පොස්ට් කරන්න.. මම දන්න විදියට හෝ ගරුතර ස්වාමීන්වහන්සේලා ගෙන් අහල හෝ කියල දෙන්නම්.