ගෙදරින් පිට office එකක් දාගෙන හරිගිය අය ඉන්නවද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    moda weda karanna epa. invest and create ur own office room with AC. room eken eliyata wat enna hiten na atulata giyama
     
    • Like
    Reactions: RLT4U

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටත් හිතෙනවා කාමරයක් අරන් යන්න
    පොඩි එකා එක්ක එහෙම බැ
    ගෙදර වෙනම කාමරේ AC කරල තියෙන්නේ සිල් කරලා
    එත් පොඩ්ඩ දුවන් ඇවිත් දොරට ගහනවා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    wenama room ekak hodata hadaganna AC karala ethana work karanna tiyaganna gedara unata aulak nah
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මමත් WFH දැන් අවුරුදු හතරක ඉඳලා. මට නං ඔහොම අවුලක් නෑ. වයිෆ් වද දෙන්න එන්නෙ නෑ වැඩ කරන වෙලාවට. මගෙ ෆෝන් එකත් එයා ගාව තියාගන ඒවට අන්සර් කරනවා. කවුරුහරි මාව හම්බවෙන්න ආවත් එයා කතාකරලා පණිවිඩේ අහගන්නවා. මමම කේටර් කරන්න ඕන දෙයක් නං ආපු එක්කෙනාට කියනවා වැඩ කරන ටයිම් එකෙන් පස්සෙ එන්න කියලා ෂේප් එකේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ay bn mehema? :rofl:

    Capture.PNG


    eka neme matath ehemai bn, bed tama aula :no:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ලොක්ඩවුන් මගුලත් දික්ගැහි ගැහි යනව. ගෙදර ඉදන් වැඩක් කරනව බොරු. මොන කරුමයක් ද මංද. ගෙදර ඉන්නකොට Office mood එක එන්නෑ. රැවුලක් කපන්න හිතෙන්නෑ. කොන්ඩෙ නීට් එකට තියාගන්න උමනාවක් නෑ. මුලු රුටීන් එකම කෙලවිලා. එහෙන් ගෙදර මිනිස්සුන්ට කොතරම් කිව්වත් එක එක මගුල් වලට කතා කරනව. එකඑක මගුල් කරන්න අරන් එනව සැරෙන් සැරේ. වම් පැත්ත බැලුවම ඇඳ. ඉතින් පනින්න හිතෙනව. මේක හරියන්නෑ මචං.

    ගෙදරට කිලෝමීටර කීපයක් දුරින් රෙන්ට් එකට තැනකට යන්න කියල බැලුවෙ. මම මේ වැඩේ කලින් කරල නෑ. මේකෙ ඉන්නවනේ freelance සගයෝ. ඔයාල මේ ප්‍රශ්නෙ හොඳට දන්නව. ගෙදරට ටිකක් දුරින් ඔෆිස් එකක් අරන් ගියාම හොඳට Productive විදියට වැඩ ටික උනාද? මම එහෙම ඇහුවේ මට බය ඉගුරු දීල මිරිස් ගත්ත වගේ තියෙද කියන එක. මොකද දැන් මට යන්න එන්න ඉස්සර ගිය පැය ගාන ඉතුරුයි. ගමන් වියදම් නෑ. හෙන ලේසියි ඒ අතින්. අවුල තියෙන්නේ වැඩටික කෙරෙන්නැති එක. මට වියදම් උනත් වැඩ ටික වෙනවනම් ඒක තමයි ඕන. ඒකයි ඇහුවෙ.

    තමන්ගෙම ඔෆිස් වල වැඩ කරන යාලුවො රිප්ලයින එකක් දාන් යන්න. දවස productive නෑ වගේ දැනුනම නිකන් ස්ට්‍රෙස් වගේ මහ කුජීත ගතියක් එන්නේ.
    කතාව ඇත්ත බං. එකම පරිසරයේ එක දිගට ඉන්නකොට එපා වෙනවා. අපි පැටන් එකකට ජිවත් වෙච්ච මිනිස්සු. අපි එලියට යනවා වෙනසක්. වැඩ කරන තැනට යනවා වෙනසක්. උන් එක්ක කයිය ගහනවා වෙනසක්. ඔන්න ගෙදර එනවා වෙනසක්. වෙනසක් නැතත්ම් පට්ට බෝරින්.

    ගෙදරින් පිට වැඩ කරනවා වෙගේ නෙවෙයි ගෙදරම ඔපිස් දාගත්තාම. අනිත් උන් නම් දන්නැ. මට බැ දවසම ගැනි එක්ක කතා කර කර හෝ දැක දැක ඉන්න. එපා වෙනවා. කෙන්ති යනවා. අපි මිනිස්සුනේ බං. කලින් කිව්ව වගේ. චෙන්ජ් වෙලා ආවාම කික් එකක් එනවා.

    සමහරුන්ට ඕවා දරාගන්න බැරුව දිවිනසාගෙන පවා තියනවා. ඔව්.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මම ගෙදර තියෙන පැත්තෙන් නැතුව එහා අයිනෙන් තට්ටු දෙකට පොඩි කෑල්ලක් හදලා තියෙන්නෙ
    යට ගබඩා කාමරේකුයි පොඩි ටොයිලට් එකක් හදලා තියෙනවා
    උඩ වෙනම පොඩි කාමරයක් තියෙනවා වටේටම ජනෙල් දාලා, එක පැත්තකට බැල්කනියක් දාලා
    මම ඒකට වෙලා තමා ෆ්‍රීලාන්සින් වැඩ කරන්නේ!
    ගෙදර කවුරුවත් වද දෙන්නෙ නැහැ, මම කෝල් ගන්න අරවට මේවාට යන්නෙත් නැහැ
    අහල පහල අය, ගමේ අයත් දන්නවා මම වැඩ කරන වෙලාවට එන්නෙ නැහැ කියලා කතා කලාට

    මම කලින් කඩයක උඩ තට්ටුවේ ඔෆිස් එකක් දාල වැඩ කලා
    එහෙම කරද්දි යන්න එන්න ගියාම පොඩි පොඩි ප්‍රශ්න එනවා
    වැඩ ඉවර වෙන්නෙ පාන්දර 3 - 4ට නිසා එන්න ත්‍රීවීල් නැහැ
    වාහනේ ඩ්‍රයිව් කරන්න බැහැ නිදිමත නිසා
    පයින් එන්නත් බැහැ කිලෝමීටර් 1 1/2ක් වගේ නිදි මතේ එන්න බැරි නිසා
    පස්සෙ තමා ගෙදරම තැනක් හදා ගත්තෙ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    කතාව නම් ඇත්ත. ගෙදර ඉදන් වැඩ කරද්දි වැඩ කෙරෙනව අඩුයි. මම නම් විසදුම තියන් ඉන්නෙ කරන්න බැරි තරමට වැඩ අරගන්නවා. ප්‍රෙෂර් එකක් ආවම කෙරෙනවා.

    වැඩේ කියන්නෙ ගෙදර ඉදන් මාසෙට කෝටියක් හම්බ කරත් ගෙදර කට්ටියට නිකන් හිතෙනව මට ජොබ් එකක් නෑ වගේ කියල. සාම්ප්‍රදායික ඇහැ. සාමාන්‍ය යෙන් ඔෆිස් වැඩ කරන උන් ඔෆිස්වල ගන්නව කියන ආතල් නම් නෑ. ගෙයින් එලියට බහින්නත් වෙන්නෙත් නෑ සමහර වෙලාවට. වැඩ වලට පට්ට හිර වෙච්ච කාල වලට ඉදල ඉදල පාරට බැස්සම වටේ ගෙවල්වල උන් මාව දැක්කම අහනව කොහෙද ගිහින් හිටියෙ කියලත්. :D :D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Freelance karana ekek ge kamarayata giyaa.... Patta lokyui. dorak kin ethulata giyama podi kamarayak wagea ekak thiyenawa. Eken ethule thamayi. Muge studio eka. Gedara kenek wunath katha karanawa ehenne ne, sound proof. AC dala. First floor. Gedara ayath call ekak deela answer kaloth thamayi, eLiyata ganne.....

    Mama giye print out ekak ganna hadhisi waedakata. 😂