දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ආයෙත් පාර්ලිමේන්තු යවන්න හිතන්නවත් එපා. ඡන්දේ දෙන්න හොද එකෙක් නැත්නම් ඡන්දේ කටු ගාපන්. ගොඩක් උන් හිතන් ඉන්න්වනේ ජේවීපී කියන්නෙත් පරම පූජනීය පක්ෂය කියල. උනත් ඒ වගේම තමයි. හොර හැතිකරයක්.
ලගදි ඡන්දේ එනවා. මුන් ඔක්කොම එකතුවෙලා තැපැල් දීමනාව ඩබල් කරගෙන. අඩූම තරමේ ජේවීපී එකෙක්වත් විරුද්ධ වෙලා නෑ. උබල දන්නවනේ ඡන්ද කාලෙට තැපෑලෙනුත් ඡන්ද ප්‍රචාරන කරනවා කියලා.
අනිත් දේ තමයි මහින්දව අගමැති කරාම ඔක්කොම උන් යකා නටලා ආයෙත් රනිලවම පත් කරා. එහෙම පත් කරලා නීත්‍යානුකූලව ඡන්දේ තියනවා කිව්වා. ඔක්කොඅටම කලින් පරක්කුවෙච්ච ඡන්දේ තියනවා කිව්වා. මහින්ද පැරදුනේ වෙන මොකුත් හින්දා නෙමෙයි බන්. පාර්ලිමේන්තුවේ අලුත් උන්ට පෙන්ෂන් එක නැති වෙන හින් දා. පේනව නේද මුන් ගේ කපටි කම්. මුන්ට ඕනි රට හදන්න නෙමෙයි .