ඉස්සර ඉදන් ඔහොමද? නැත්නම් ලගදි ඉදන් ද? ඔය සීන් එකම අපේ ගෙදරත් තිබ්බා මචං. අපේ ගෙදර ඕක වෙන්න පටන් ගත්තෙ ගෙවල් ළඟ ගහක් කපන්න අපේ පාරේ power line එක temporary off කරපු දවසෙ ඉඳන්. එපා වෙලා හිටියෙ ඒ දවස් වල. UPS එක එහෙම නිතරම ටීක් ටීක් ගාල සද්දෙ.
බැරිම තැන CEB එකට complaint එකක් දැම්මා සිද්දිය කියලා. පස්සෙ දවසෙම ගෙදරට ඇවිත් බැලුවා උන්. ගෙදර power එකේ ඉඳන් ඈතට check කරගෙන ගියා. බලද්දී එදා power එක temporary off කරපු උන් අපේ පාරේ power line එක set කරලා තියෙන්නෙ කලින් තිබුන phase එකට නෙවේ; කලින් තිබ්බ එකට පල්ලෙහා phase එකට.
CEB එකේ සෙට් එක කිව්වා අන්තිමට set කරලා තිබ්බ phase එකේ load එක වැඩි ඇති කියලා. ඒ කියන්නේ ගොඩක් ගෙවල් වලට ඒ phase එකෙන් වෙන්න ඇති power එක අරන් තියෙන්නෙ. කලින් තිබ්බ phase එකට line එක ආයෙ set කරාට පස්සේ ඔක්කොම හරි; කලින් වගේම stable විදිහට power එක දැන් තියනවා.
1987 dial කරලා complaint එකක් දාන්න මචං.