ෆ්රිජ් එක ගොඩක් පරණ එකක්ද? මලකඩ එහෙම අල්ලලද?
මීටරේ හැමදාම එකම වෙලාවකට ලියාගනින්, හැමදාම උදේ 8 ට වගේ. එහෙම කරලා බලපන් එක දවසක උදේ 8 ඉඳල අනික් දවසේ උදේ 8 වෙනකං යුනිට් කීයක් ගිහිල්ලද කියල. එහෙම දවස් දෙක තුනක් බලපන්. එතකොට අයිඩියා එකක් එනවා දවසට යන යුනිට් ගාන. ඊට පස්සේ එක දවසක උදේ 8 ට ෆ්රිජ් එක ඕෆ් කරපං. ආයේ දාන්න එපා පහුවදා උදේ 8 ට මීටර් රීඩින් එක ගන්නකන්. එහෙම කරලා බලපන් ෆ්රිජ් එක ඕෆ් කරලා තිබ්බ දවසේ රීඩින් එක ගොඩක් අඩුනම් ෆ්රිජ් එකේ තමා අවුල. සමහර වෙලාවට වයරින් එකේ ප්රස්න නිසාත් වැඩියෙන් කරන්ට් එක යනවා.
තව එකක්
ෆ්රිජ් එක දාල තියෙද්දී මීටරේ කැරකෙනවද කියල බලද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න
මොකද. ෆ්රිජ්, අවන් වගේ උපකරණ on කලාට එකදිගටම කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ ෆ්රිජ් එකේනම් කම්ප්රෙසර් එක ටික වෙලාවක් වැඩ කරලා ටිකවෙලාවක් නැවතිලා තියෙනවා. අන්න ඒ නැවතිලා තියෙන වෙලාවට මීටරේ බැලුවොත් පේන්නේ හිමින් කැරකෙනවා වගේ තමා. අවන් වලත් එහෙමයි.