

110V / 220V අගයන් තෝරා ගැනීම විදුලි සම්ප්‍රේෂණයේ ඉතිහාස කතාවට සම්බන්ධ දෙයක්.
තෝමස් අල්වා එඩිසන් තමා 110V වලින් DC current එක මුලින්ම සම්ප්‍රේෂණය කරන්නේ. පස්සේ ටෙස්ලා AC current එක හොයාගෙන 250V 60Hz AC යොජනා කරනවා. 250 යොජනා කරන්නේ ගණන් හදද්දී සුළුකරන්න ලේසි වෙන්න ලු. 60 යෝජනා කරන්නේ කාලය මනින්නේ 60 ගුණාකාර නිසා ලු.
නමුත් ඇමරිකාව තෝරා ගන්නේ 110 60Hz. හේතුව ඒ කාලේ තිබුණු එඩිසන් ගේ බල්බ් 110v ට ඔරොත්තු දෙන්න හදපුවා. ඒවා 250V ට සම්බන්ධ කලොත් පිච්චෙනවා.
ටෙස්ලාගේ ගෝලයෙක් යුරෝපයට විදුලි සම්ප්‍රේෂණය හඳුන්වා දෙනවා. එහෙදි තමා 230V 50Hz සම්මත වෙන්නේ.
විවිධ රටවල් තමන් එදා ඉදලා අනුගමනය කල සම්මතතය අනුව තමා මේ අගයන් තෝරා ගන්නේ. එවා වෙනස් කරන්නේ නෑ මොකද දැන් තියෙන උපකරණ අහක දාන්න වෛන නිසා.
SMPS Power supply තියෙන ගොඩක් අලුත් උපකරණ 110 - 250 පරාසයේ වැඩ කරනවා. නැත්නම් සුදුසු converter device එකක් යොදා ගන්න ඕනි.