---- ඊලමට මෛත්‍රී කිරීම ---- දැන් දැන් සිදුවෙනදෑ 
---- ඊලමට මෛත්‍රී කිරීම ----
දැන් දැන් සිදුවෙනදෑ අනුව පෙනී යන්නේ දේශීය හා විදේශීය වශයෙන් ඊලමක්/වෙනම රාජ්‍යයක් ඉල්ලු හැම දෙනා කොන්දේසි විරහිතව පොදු අපේක්ශකයා වටා රොක්වන බවයි. එක් අතකින් එසේ සිදුවීමෙන් හෝ රජයේ සංශෝධනයක් සිදුවීමෙන් රජයේ කිළිටි සේදි යනවාට බහුතරය වු දේශමාමක ජනතාව සතුටුවනු ඇත.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් වු දේශප්‍රේමීන් මේ උගුලේ සිරවී සිටීම දේශප්‍රේමී සියලු දෙනාට තවමත් උභතෝකෝටික ප්රශ්නයකි. අවසානයෙදි හෝ ඔව්න් හරිමඟ ගනීවියැයි දේශමාමකයන් බලා සිටී.
බලය ලබාගනුවස් දේශය, ජාතිය, කුලය පාව දෙමින් සිටින බලලෝභීන් තමන් ගැන පමණක් සිත මෙවැනි ක්‍රියා සිදුකරන බව බුද්ධිමත් ජනතාව තව නොබෝදිනකින් පසක් කරගනු ඇත්තේ තවත් ද්‍රවිඩ පෙරමුණු, සංධාන හා පුද්ගලයන් ඔව්න්ට සහාය දීමට එක්වීමෙනි.
දේමළ සංධානය මෛත්‍රීපාල මහතාට ඉන්දීය මුහුණුවරක් ලබා දෙමින් දමිළ ඡන්ද මෙම අශුද්ධ සංධානයට ලබා දෙන්නට සැරසෙන්නේද තම සිතැඟි ඉටුකරගැනීමටය. "වසන්කොට අත්සන්කල" ගිවිසුම් ඊළම තවදුරටත් ශක්තිමත් හා ප්‍රායෝගික කරනු වස්ය.
අවසානයේ සිදුවනු ඇත්තේ දේශප්‍රේමීන් හා ඊළාම් වාදීන් අතර ඡන්දයකි/සටනකි. දැනටමත් බුද්ධිමත් ඔබ පමා නැත. බලයද....දේශයද.... යන්න දෙවරක් සිතීමට මේ කාලයයි. පුද්ගලයන් මත රැදී නොසිට බුද්ධිමත්ව තීරණයක් ගැනීම සියලු සිංහල බෞද්ධ ඔබගේ වගකීමයි......