ගෙයක් හදාගන්න ඕන

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,779
    113
    Valhalla
    ගෙයක් හදාගන්න ඕන යාලුවනේ. ප්ලෑන් වලට වියදම් කරන එක බොරු වැඩක් නිසා ප්ලෑන් ඇන්දෙ නෑ. වැඩේට සෙට් කරගත්තෙ අපෙ බාප්පයි එයාගෙ පුතයි, පොඩි කාලෙ ඉදන් අපි ආතල් අරන් තියෙන නිසාත් නෑදෑකම නිසාත් අඩුවට කරලා දෙන්නම් කීවා.
    වෙන්න ඕන විදිය මන් එයාට විස්තර ඇතිව කියලා දුන්නා.ගෙදර තට්ටු හතරට හදන නිසා කනු ගොඩක් මහතට දාන්න කීවා. කරන්ට් බිල අඩුකරගන්න ඕන නිසා අව්ව වැටෙන පැත්ත බලලා ජනෙල් ටික හයි කරන්න කීවා. මන් ගොල්ෆ් ගහන්න ආස නිසා උඩම තට්ටුවෙ ස්ලැබ් එක දාලා තනකොල වවලා ගොල්ෆ් ගහන්න හිටියෙ. ඒත් මුං නෑයො උනාටපොඩිකාලෙදි ඇරිය විදියට මට මේපාරත් ඇරියා. බොරු වියදම් ගොඩක් දාලා මගෙ සල්ලි මාරවිදියට නාස්ති කරනවා. බිල් ඉල්ලුවම කටටගනින් බිල්පෙන්නන්නම් කියලා විහිලු කරනවා . බිත්ති බාගෙට බැදලා තියෙන්නෙ දැන්, සල්ලිත් සෑහෙන්න ඉවරයි. මන් මාසෙකට ඩොලර් හයසීයක් විතර එන මගෙ ඔන්ලයින් වැඩත් නවත්තලා මේපාරවත් මැත්ස් වලින් ඒලෙවල් කරලා කැම්පස් යන්න හිටියෙ. මේ හින්දා දැන් ආයෙත් ඩිප්‍රෙෂන් වගේ ඒක කරගන්න වෙන්නෙත් නෑ කියලා බයක් දැනෙනවා. මන් මේකෙන් ගොඩ එන්නෙ කොහොමද යාලුවනේ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,779
    113
    Valhalla
    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි මොනාද ?

    මගේ අතින් වුණු පළවෙනි වැරැද්ද plan එක ඇදගත්ත නැති එක . ඉක්මනටම කරන්න ඕන නිසාත්. ගේ හදන ඉඩමේ chr plan එක අස්ථාන ගත වෙලා නිසාත් plan එක අදින එක මග හැරියා .

    අඩුම structural engineer කෙනෙක් අල්ලගෙන අත්තිවාරම දාන විදිය හරි බලාගන්න තිබ්බා . Boq එකක් හදා ගන්න තිබ්බා
    දැනට කෙල වෙලා තියෙන් එකෙන් .

    තට්ටු පහකට යන්න හිටියා දැන් තට්ටු හරකට වත්යන්න පුළුවන් විදියට ද අත්තිවාරම වැටුණේ කියලා සැකයි.
    Boq එකක් නැති නිසා බාස් දුන්නු බඩු එස්ටිමේට් එක දැනටමත් පැනලා ඉවරයි . ඌට වැඩේ කරගෙන යද්දී තමයි මතක් වෙන්නේ සමහර බඩු . ක්ෂණික දුවන්න ඕනේ හාරෙඩ්වේයාර් එකට. මෙකෙදි transport වලට වගේම පොඩි පොඩි දේවල් ඒවලේ ගෙනන කෝට ගාන කපනවා කඩේන් හදිසි කියලා දන්න නිසා.

    දෙවැනි වැරද්ද - බාස් එක්ක වර්ග අඩියට නෙමේ ගාන කතා කරගත්තේ . කෙලින්ම වැඩ වලට ගාන කතා කරේ මෙකෙදි . %20ක් වත් ඉතුරු කරන්න තිබ්බා කියලා හිතෙනවා. බාස් රෙට් එකත් වැඩි. පස්සේ බාස් ලා එක්ක කතා කරපුවාම

    තුන - බඩු හාර්ඩ්වෙයාර් කිහිපයකට ගිහින් ගණන් බැලුවේ නැහැ අදුනන කමට කියලා දන්න කඩෙන් ගත්තේ. පොඩ්ඩක් දුරයි . මුන් ගාන කපනවා

    - මනම්පිටිය වැලි කියුබ් එක 34000
    - කළු ගල් 21000
    - තුන් කාල 20000

    ගාන වැඩි වගේ හොඳටම, මේක නිසා ගෙවල් ලගම කඩ පොඩි දේටත් සොට් එක දෙනවා.

    😂😂 ado uu nathuwa palui ban. Uge katha ahana eke amuthu arthal ekak tiyanwa

    Fail 📌 🐍
    Ko ban oke original post eka
     
    • Like
    Reactions: Sandy_Fdo