ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

EVC

Well-known member
  • Sep 15, 2008
    28,916
    21,155
    113
    1651022390744.png
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.

    මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය‍ අසත්යතාව දන්නේ නෑ.

    මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.

    වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.

    බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.


    පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.

    හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.

    කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
    ඉපදුන දවසේ ඉදලා මැරෙනකම් කුලියට හිටියත් ඉඩමක් අරගෙන ගෙයක් හදන වියදම යන්නැ ගනන් හදලා බලන්න.
    ( මම ගෙවල් හදන්නේ නැහැ කියලා තිරනය කලේ 2015 දි විතර , අනික ගේ විතරක් නෙමේයිනේ ප්‍රෙදශයත් මාරුකරන්න පුලුවන්නේ. )
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හැමිනෙනව බන්. ටයිල් ඔඩර් ගන්න එපා කියලලු තියෙන්නෙ රොසෙල් එකේ. පරන ටයිල් කෝඩ් එකට දැන් බඩුත් නැහැ කිව්වා.
    මම දන්න පොරක් බදින්න කලින් ගේ හදන්න පටන් ගත්තා තිබ්බ කඩයක් විකුනල ලක්ස 40 ට. ෆවුන්ඩේසන් දාල බිත්ති පටන් ගද්දිම තමයි මේ කෙලවෙන්නෙ පටන් ගත්තේ. බුවා නම් වැඩ නැවැත්තුවා. පව් ආය කවදා නම් ඔව පටන් ගන්නන්ද?
    මිනිස්සු තාම හිතන් ඉන්නේ බඩු වල ම්ල ගනන් අඩුවෙයි කියල. ඒක මේ කපේටනම් වෙන්නෙ නෑ :baffled:
    අන්තිමට කඩෙත් නැහැ, ගත්තට සල්ලිත් තව මාස 6ක් යද්දී ඉවර වෙනවා. විනසයිනේ.

    අපේ අන්තිමට වැඩ කරද්දී 2500 ට කරා. ටයිල් වැඩ ටිකකට කොන්ත්‍රාත් දුන්න. දවසක් අමතර වැඩ ටිකකට ගෙන්න ගන්න වෙලා දවසට 3000ක් දුන්න.
    ------ Post added on Apr 27, 2022 at 8:49 AM

    උබට දැන් ඔය කාමරෙයි බාතෲම් එකයි පැසේජ් එකයි ඔක්කොම කම්ප්ලීට් කරන්න කීයක් වගේ යයිද බං මේ යන විදිහට? ලක්ෂ 7නම් කෑලිත් නැතුව ඇති නෙහ් මේ වෙද්දී?🥲
    මුට ලක්ෂ 7 යනවා බන් ටයිල් වලටට්යි බත්රුම් ෆිටින්ග්ස් වලටයි.

    උදේ කියන ගාන නෙවෙයි හවස කියන්නේ. රොසෙල් එකේන ගන්න එකේ අවල තමයි බඩු එන්න අව්රුද්ද්දක් වගේ යන එක, එතකොට බාස් කුලී එහෙම double වෙලා තියෙන එක. අව්රුද්දක් යනකන් පාවිච්චි කරන්නත් බැහැනේ මචන්.

    රොසෙල් එකට යනවා නම් අනිවා ඉතුරු වැඩ ඔක්කොම තිතට ඉවර කරගනින්. ඊට පස්සේ අව්රුද්දක් යනකන් හිතේ නිදහසේ ඉඳපන් ලෝන් එක එහෙම ගෙවාගන, බඩු ආව ගමන් එක ඉවර කරගනින්.

    ------ Post added on Apr 27, 2022 at 8:52 AM
     
    Last edited:

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මමත් ගේ හදන්න ගත්තා ගිය මාසෙ. පටන් ගන්නකොට අදහස තිබුණේ ස්ලැබ් එකක් දාගන්න කුස්සියයි කාමරයයි බාත්රූම් එකටයි. ඒත් මිල ගණන් වැඩි නිසා කළු ගලෙන් අත්තිවාරම් දාලා තනි තට්ටුවට ඒ ටික හදන්න වැඩ කරගෙන යනවා. දැන් බිත්ති බදින ගමන්.බ්ලොක් ගලක් ගත්තේ 75 ගානේ. දැන් වැඩි ඇති. සිමෙන්ති ගත්තා කලින්ම. දැන් මේ තියෙන විදිහට එක කාමරේකටහරි වහලේ ගහගෙන පදිංචියට යනවා. කවදාවත් මිල අඩු වෙන එකක් නැතිවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද මේ මාස 05 ට සිමෙන්ති කොට්ට දෙකක් ගන්න ගානට කලින් මිලට වඩා මිල වැඩිවුණා. ඒ මදිවට ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දෙන්න තවම ආවෙ නැහැ මීටර් හිඟයක් තියෙනවා කියලා. මම නම් හිතන්නේ කොහොම හරි දැන් පුළුවන් ටික කරගත්තොත් නම් ගොඩ. නැත්නම් තව අවුරුදු 02 ක් 03 ක් වත් යාවි.
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මමත් ගේ හදන්න ගත්තා ගිය මාසෙ. පටන් ගන්නකොට අදහස තිබුණේ ස්ලැබ් එකක් දාගන්න කුස්සියයි කාමරයයි බාත්රූම් එකටයි. ඒත් මිල ගණන් වැඩි නිසා කළු ගලෙන් අත්තිවාරම් දාලා තනි තට්ටුවට ඒ ටික හදන්න වැඩ කරගෙන යනවා. දැන් බිත්ති බදින ගමන්.බ්ලොක් ගලක් ගත්තේ 75 ගානේ. දැන් වැඩි ඇති. සිමෙන්ති ගත්තා කලින්ම. දැන් මේ තියෙන විදිහට එක කාමරේකටහරි වහලේ ගහගෙන පදිංචියට යනවා. කවදාවත් මිල අඩු වෙන එකක් නැතිවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද මේ මාස 05 ට සිමෙන්ති කොට්ට දෙකක් ගන්න ගානට කලින් මිලට වඩා මිල වැඩිවුණා. ඒ මදිවට ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දෙන්න තවම ආවෙ නැහැ මීටර් හිඟයක් තියෙනවා කියලා. මම නම් හිතන්නේ කොහොම හරි දැන් පුළුවන් ටික කරගත්තොත් නම් ගොඩ. නැත්නම් තව අවුරුදු 02 ක් 03 ක් වත් යාවි.


    මචන් දැන් කරගන්න ටික තමයි. පුළුවන් නම් දැන්ම බාත්රුම් එකට ඕනේ දේවල් කොහෙන් හරි ගෙනත් තියාගනින්.
     
    • Like
    Reactions: prasad bapeb

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    2018දි තාප්පෙ බඳින්න බ්ලොක් ගලක් ගෙනාවෙ 34 ගානෙ.

    ඉතුරු වෙලා තියෙන්නෙ කුස්සියෙ පරන ටයිල් අලුත් කරන්නයි බාතෲම් එකේ පරන ෆිටින්ස් ගලවලා අලුත් කරන්නයි තමා. මේ යන විදිහට අවුරුදු එකහමාරක් බලන් ඉඳපන්කො ටයිල් ගන්න පෝලිමේ.

    කර්ට්න් එහෙම ගනන් කොහොමද දන්නෙ නෑනෙ? 🙄
    Mageth curtain set ekak danna one lagadima. Wede iwarayak karaganna wei ikmanata
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මචන් දැන් කරගන්න ටික තමයි. පුළුවන් නම් දැන්ම බාත්රුම් එකට ඕනේ දේවල් කොහෙන් හරි ගෙනත් තියාගනින්.
    දැන් බාත්රූම් වැඩේ අතඇරියා. කාමරෙයි කුස්සියයි තමයි කරගන්න හදන්නේ. නාගන්න එළියෙන් තාවකාලිකව තැනක් හදනවා සිමෙන්ති ගල් වලින් තහඩු වහලයක් ගහලා. නැත්නම් කුස්සිය හදන්න සල්ලි මදි වෙනවා. ඇත්තම තත්ත්වෙ ඕකයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී. - a kiyanne ban order karapuwageth price wadi karanwa da ape ?

    මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී. - a kiyanne ban order karapuwageth price wadi karanwa da ape ?


    math thiyana car eka deela gedra wada tika iwarayak karalama danna hadanne, cementi nam genawa 2450 athi wennama eka digatama baass lata wada karnna kiyla. contract dunne. game bass la. tile tikak nawalin genawa bathroom ekatai eliyatai, athulata tile rocell order kale dec, wiring badu bathroom badu okkoma kalin aran thiya gatta ganna thiyenne paint badu tikai water base karna badu tikai, balamu thawa laksha 4 wage athe thiyenwa okkoma geta yata karalath ba, kohoma hari ge wada iwara karala rata yanawa,
    ------ Post added on Apr 26, 2022 at 9:45 PM
    A kiyanne a kale rs3000ta witara gatta rocell wooden pattern tiyena tile ekak den rs10000 witara wenawa adda? 😳
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    2018දි තාප්පෙ බඳින්න බ්ලොක් ගලක් ගෙනාවෙ 34 ගානෙ.

    ඉතුරු වෙලා තියෙන්නෙ කුස්සියෙ පරන ටයිල් අලුත් කරන්නයි බාතෲම් එකේ පරන ෆිටින්ස් ගලවලා අලුත් කරන්නයි තමා. මේ යන විදිහට අවුරුදු එකහමාරක් බලන් ඉඳපන්කො ටයිල් ගන්න පෝලිමේ.

    කර්ට්න් එහෙම ගනන් කොහොමද දන්නෙ නෑනෙ? 🙄
    curtain yarayak 850/= ta mn gatthe giya mase kalutarin

    block gala dan 100+ yanne
    ------ Post added on Apr 27, 2022 at 9:32 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මොකක්ද බන් අපි උඹල ඔක්කොම එකතු වෙලා කරලා තියන පව මෙහෙම වෙන්න?

    බලපන් අපේ හීන ?

    හීන මැරිලා අපි වයසට යනවා බන්. ශික්!
    ජාතිය ආගම ගැන ඔද වැටිලා තනි සිංහල ආණ්ඩුවක් හදන්න මහජන මුදල් වංචා කළ පුද්ගලයෙකුට බලය ලබා දීම
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ලංකාවේ නම් වැඩි වෙච්ච දෙයක් ආයේ අඩු වෙලා නම් දැකලා නෑ. අනේ මන්දා බන් රටට පාත් වෙච්ච හෙනේ. වැඩේ කියන්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුවේ එකෙකුටවත් Plan එකක් නෑනේ. කොහොමින් හරි බලේ රැක ගන්නයි බලේ ගන්නයි පාර්ලිමේන්තුවේ හැම එකාම දඟලන්නේ.
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මම ගේ හදන්න ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් වගේ. super structure එක සම්පුර්නෙන් ඉවර කරලා අවුරුද්දට වැඩ නවත්තන්න කලින් උළුහවූ තිබ්බා. දැන් තියෙන්නේ පොටි ඇදල tile කරන්න. හොඳ වෙලාට මුළු ගෙදරම හදන්න contact එකක් දුන්නේ, measure and pay. මගේ contractor මාර හොඳයි. බඩු වැඩි වෙන්න කලින් ගොඩක් ඒවා purchase කරා. staircase dekatama steel ගත්තා bathroom 3ටම බඩු ගත්තා, door locks වගේ දේවල් සේරම ගත්තා, rocell එකෙන් tiles සේරම order කරා, tile ටික එන්න තමා පරක්කු, end ඔෆ් july වගේ වෙයි කියනවා. සමහර දේවල් තිබ්බා කලින් order කරන්න බැරි සහ අමතක උන ඒවා. ඒවගෙන් ගෙදර cost එක 15 lakhs වගේ වැඩි උනා. ex: waterproofing, paint, aluminum windows and roller-door. ගෙදරට බඩු ගන්න වෙන්කරලා තිබ්බ සල්ලිත් දාල ගෙදර වැඩ ඉවර කරන්න හිතන් ඉන්නේ. ඉසරහ ගැන predict කරන්න හරිම අමාරුයි.
    හැමෝම කිවුවා වගේ වැඩි උන ඒවා අඩුවෙයි කියල නම් හිතන්න අමාරුයි. හැමදේම හොඳට හිතල plan කරලා ඉක්මනින් කරන්න ඕනි, දවසක් delay වෙනවා කියන්නේ ආයෙත් බඩු වැඩි වෙනවා, මිනිස්සු හිතෙන හිතෙන ගණන් කියනවා බඩු වලට. හැමෝටම එහෙම එකපාර වැඩි වෙන්න කලින් order කරන්න බැහැ. ගොඩක් අය සල්ලි ටික ටික එකතු කරලා හෙමිට තමන්ට පුළුවන් විදියට ගෙවල් හදන මිනිස්සු ලංකාවේ ඉන්නේ. එහෙම ගොඩක් මිනිස්සු සැහෙන්න අමාරුවේ වැටිලා ඉන්නේ. මේ ප්‍රශ්න ඉවර වෙන දවසක් පේනතෙක්මානෙක නැහැ. මම 10years ලොකු housing loan එකක් දාල වැඩේ කරන්නේ. මාර stress එකෙක ඉන්නේ ගෙදර වැඩ ඉවර වෙනකන්. ජීවිත කාලෙම හම්බකරපුව + 10 years වලට හම්බ කරන්න ඉන්න සල්ලි.