ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    unnamed.jpg

    1 - මුලින්ම හරි හමන් ඉඩමක් හොයාගන්න

    ඉඩමක් ගනන්වා නම් ගං වතුර එනවද ? හයි ටෙන්ශන් ලයින් උඩින් යනවද ? වටේ පිටේ මිනිස්සු කොහොමද ? පසේ තත්වය කොහොමද ? වතුර බැස්ම ගැන ? ලඟ පාත ළිඳක් තියනවා නම් ටොයිලට් වලවල් කපනකොට ලෙඩක් දායිද ? ඉඩමට හරියටම අඩි 8 ට හෝ පාර නිත්‍යනුකුල විදියට තියනවද ? ඉඩමේ වටිනාකම ඉදිරියෙදි අඩු වෙයිද වැඩි වෙයිද ? සින්නක්කරද,පැවරුම්ද ? වගේ දෙවල් බලන්න..

    ඔයා ගෙදර හදලා වැඩි සද්දයක් නැතුව ඉන්න බලාපොරොත්තු වෙනවා නම් යායට කඩපු ඉඩම් වලින් ගන්න එපා,මොකද එහෙම ඉඩම් වල අවුරුද්දෙන් අවුරුද්දට ගෙවල් හැදෙනවා එතකොට අවුරුදු ගානක් සද්දය කාගන ඉන්න වෙනවා..

    2 - ප්ලැන් එක ඇඳ ගැනිම

    විවහා වෙලා නම් නෝනයි මහත්තයාටයි දෙන්නාටම ඔන විදියට හරියටම කතා කරගන ක‍ටු සටහනක් ගහගන්න,ළමයි ඉන්නවා නම් එ අයගේ අදහසුත් එක් කරන්න,ක‍ටු සටහන ගහනකොට කලබල වෙන්න එපා,අඩුමගානේ මාසයක් වත් හොඳට හිතලා කරන්න,ගුගල් එකෙනුත් අදහස් ගන්න,එ ගහපු ක‍ටු සටහන ගෘහ නිර්මාණ ශිල්පියෙකුට කියලා අඳවගන්න,අද කාලේ ගෘහ නිර්මාණ ශිල්පියෝ/වාස්තු විද්‍යාඥයා කියල හොරුත් ඉන්නවා එහෙම අයට ‍රැවටෙන්න එපා,හරි හමන් ගෘහ නිර්මාණ ශිල්පියෙකුට නම් රුපියල් ලක්ෂයක් වියදම් කලත් පාඩුවක් නැ,බොහෝ ගෘහ නිර්මාණ ශිල්පින් වර්ග අඩි ගානට අය කරන්නෙ සමහරු නම් ගොඩනැගිල්ලෙ වටිනාකමෙන් සියයට ප්‍රමාණයක් අය කරනවා,ඔබ බලන්න ඔබේ අයවැයට හොඳින්ම ගැලපෙන කෙනා කවුද කියල..

    සමහර අලුත් අදහස් තියන තරුණ ගෘහ නිර්මාණ ශිල්පින් ඉන්නවා (Fresh Graduates) එ අය ලොකුවට අය කරන්නෙත් නැ නමක් හදාගන්න ඔන නිසා,නිර්මාණයත් හොඳින්ම කරනවා,අන්න එ වගේ කෙනෙක් පුලුවන් නම් හොයාගන්න..

    3 - බඩු ටික

    හොඳ හාර්ඩ්වෙයාර් එකක් සෙට් කරගන්න,පුලුවන් නම් තව හාර්ඩ්වෙයාර් එකක් ස්පෙයාර් එකට තියාගන්න,හාර්ඩ්වෙයාර් මුදලාලි එක්ක හොඳට ‍ෆිට් වෙන්න ගල් සහ වැලි දෙන හොඳ ලොරි රියදුරෙක් සෙට් කරගන්න,සමහර ලෝරි තියනවා හර්ඩ්වේයාර් වලට වැඩිය අඩුවෙන් එවා දෙන,වැලි එක කොන්ක්‍රිට් එකට ටිකක් තද උනාට කමක් නැ (බොරලු තිබ්බට) නමුත් කපරාදුවට සියුම් වැල්ලක් ගෙන්න ගන්න,නැත්තනම් ඔයාට පාඩුයි,ගල් උනත් එහෙමයි,සාමන්‍යන් කඩුවෙල පැත්තෙන් එන ගල් හොඳයි කියල කියන්නෙ..

    4 - හෙඩ් බාස් කෙනෙක් හොයාගැනිම සහ මුලික වැඩ ටික

    මෙන්න මෙතන තමයි ගොඩක් අය වැඩේ වරදගන්නෙ,බාස් කෙනෙක් වැඩේට ගන්න කලින්,කලින් කරපු වැඩ ගිහින්ම බලන්න,බාස් පම්පොරි ගැහැව්වට සත පහකට විශ්වාස කරන්න එපා,අනික හැම වැඩක්ම එක බාස් කෙනෙකුට දෙන්න එපා..

    අත්තිවාරම් දානකොට

    පොලව ගැන පරික්ෂාවක් කරන්න,එක බොහෝ විට පලපුරුද්දෙන් කියන්නත් පුලුවන්,ඔබට හෝ බාස්ට මේ ගැන අදහසක් නැත්නම් තාක්ෂණික නිලධාරියෙක් ගෙන් හරි සිවිල් ඉංජිනෙරුවෙක් ගෙන් හරි අහල දැනගන්න,ඇත්තම කියනවා නම් සමහරක් තාක්ෂණික නිලධාරින්ට වඩා නම් "පලපුරුදු" බාස්ලා ගොඩක් දෙවල් දන්නවා.
    එ අනුව පොලවට හරියන්නෙ ප්ලින්ත් බිම් එකක්ද ටයි බිම් එකක්ද,ගල් තට්‍ටුවක් යටින් යොදා ඉට උඩින් ප්ලින්ත් බිම් එකක්ද වගේ දෙවල් තිරණය කරන්න,ප්ලින්ත් බිම් එකක් යටින් ගල් තට්‍ටුවක් යන එක කොයිකටත් හොඳයි.ලැප් ලෙන්ග්ත් එක හරියට බලන්න...

    කනු දැමිමෙදි

    කනු දානකොට ගෘහ නිර්මාණ ශිල්පියාගේ හෝ ඉංජිනෙරු ශිල්පියාගේ සටහන ඔන ඔන විදියට වෙනස් කරන්න එපා (සමහරක් ගොන් නිර්මාණ ශිල්පියෝ ඇඳපු කනු සටහන් දැක්කාම නම් පිස්සු හැදෙනවා,මොකද එ ජාතියේ අය ගෙදරම කනු දාන්නෙ,එතකොට මිනිස්සුන්ට ඉන්න තැනක් නැ එකේ) අන්න එකයි මම මුලින් කිව්වෙ හරි නිර්මාණ ශිල්පියෙක් හොයාගන්න කියල,කනු සටහන වෙනස් කරනවා නම් තාක්ෂණිකව ගෙදරට බලපාන්නෙ නැති වෙන්න කරන්න (එහෙම කරන්න පුලුවන්,එක ගෙදර බලන්න එන ඉංජිනෙරුවාට හරි,පලපුරුදු බාස් කෙනෙකුට හරි කරන්න පුලුවන්),අනික කනු වලට දාන කම්බි බාල කරල දාන්න එපා,16 දාන්න කියන තැනට 12 දාන්න එපා,12 කියන තැනට 10 දාන්න එපා,දැන් වෙළඳ පොලේ ප්‍රතිචක්‍රිය කරපු යකඩ වැඩිපුර දාල හදන කම්බි තියනවා,අන්න එවා නොගෙන ඉන්නවා නම් හොඳයි කියල හිතනවා..ලැප් ලෙන්ග්ත් එක හරියට බලන්න...

    කනු දාල බිත්ති බඳිනවාට වඩා බිත්ති බැඳලා කනු දානවා නම් ගොඩක් හොඳයි..

    බිත්ති බඳිනකොට

    සමහර බ්ලොග් ගල බැඳලා පුරුදු බාස්ලට ගඩොල් වලින් ගෙවල් බඳින්න ගියාම අවුල් කරගන්නවා (ටිකක් විතර) මේ ගැන අවධානයෙන් ඉන්න,සිමෙන්ති මික්ස්චර් එක දාන්නෙ කොහොමද කියලත් බලන්න (මේකනම් ඉතින් ලොකු අවුලක් නැ ඔයා බඩු දෙනවා නම්) ලඔයට වැඩේ වෙනවද කියලත් බලන්න,චප්පාරුව ගහගන්න (අඟල් 9 බිත්තියට මේ සිද්ධිය බලපානවා) හරියට වැඩේ උනේ නැත්තන් කපරාරුවෙන් සැහෙන පුරවන්න ඔනේ,අන්න එතනදි ලොකු සිමෙන්ති,වැලි ප්‍රමාණයක් යනවා.

    කපරාරු කිරිමේදි

    කැට තියල හරියට කපරාරුව ගහනවද බලන්න,බිත්ති පඩි (ස්කොනම්) එහෙම හරියට තියලද බලන්න,සමහර ස්කොනම් 4 පැත්තෙ හතර විදියක්,දන්නවා නේ අපේ සමහර බාස්ලා

    පොලව

    පොලවට කොන්ක්‍රිට් දාන්න කලින් වේයෝ ඉන්නවද බලන්න,ඉන්නවා නම් බිත්තියත්-කොන්ක්‍රිට් එකත් අතර කිසි හිඩසක් තියන්න එපා,කොන්ක්‍රිට් එක අඟල් 3 වත් දාන්න එහෙම උනොත් (ඔය පොලවට වහ ගහන එක මම අනුමත කරන්නෙ නැ) කොන්ක්‍රිට් කරනකොට යටින් ඉටි රෙද්දක් එලනවා වතුර බහින නිසා සහ පොලව තෙත් නම් උඩට වතුර ගතිය පස්සෙ ගහන නිසා,නමුත් මේ ඉටි රෙද්ද නිසා පොලවෙන් බොල් සද්දයක් පස්සෙ කාලෙක එනවා,නමුත් ඉටි රෙද්ද දාන්න කියල තමයි අනුමත කරන්නෙ...

    ටයිල් ගන්නකොට කොහෙන් ගත්තත් පළවෙනි පංතියේ ටයිල් ගන්න,ලංකා හෝ චයිනා මොක උනත්,දෙවැනි තුන්වැනි පංතියේ ටයිල් වල මුලු පරස් තියනවා,මේක අල්ලන්න ගියාම පරංගියා කොට්ටෙ ගියා වගේ වෙලාවකට වෙන්න පුලුවන්..මේකට හරි හමන් ටයිල් බාස් කෙනෙක් සෙට් කරගන්න,බිත්ති බැඳපු බාස්ට මේ වැඩෙත් නිකන්ම කරන්න දෙන්න එපා,මොකද හැම වැඩක්ම එක බාස්ට කරන්න බැ,කරන්න දෙනවා නම් පොඩ්ඩක් බලලා දෙන්න,නැත්තන් ඉතින් දන්නවනේ වෙන දේ..

    ටොයිලට් / බාතෘම් සහ කුස්සිය

    සහෝදරවරුනි මේ වැඩේටත් අර කිව්වා වගේ වෙනම පලපුරුදු බාස් කෙනෙක් හොයාගන්න,වොටර් පෘ‍ෆින් වැඩ,හොට් වොටර් බට,අනිකුත් බට සෙට් හරියට දාන වැඩ ඔය බිත්ති බඳින ගොඩක් අයට තෙරෙන්නෙ නැ,එ අය නම් සමහරවිට කියාගන එන්න පුලුවන් මට පුලුවන් මහත්තයා කියලා,එහෙම කිව්ව පලියට දෙන්න එපා..හරි හමන් විදියට කරනවා නම් ටිකක් වියදම් යනවා තමයි...බාතෘම් සෙට් ගනන්වා නම් බාල එවා ගන්න එපා දන්නවා නේ එව අරන් පස්සට වෙන දේ,ටැප් උනත් ඔර්ජිනල් එවා දාන්න - කුස්සියටත් මේ ටික මෙහෙමම අදාලයි

    වයරින් වැඩ

    වයරින් වැඩ කරනකොට ටිකක් පරණ විදියට නැතුව ඉදිරියට ගැලපෙන විදියට කරන්න,පලපුරුදු වයරින් බාස් කෙනෙක් හොයාගන්න (ඔයාට ශිල්පය පුලුවන් නම් හරියට ඔයාම වයරින් සටහන ඇඳගන්න) විදුලි බුබුලු සහ විදුලි පංකා වලට 1mm කම්බිය හෝ 1.5mm කම්බිය භාවිතා කරන්න,එක තිරණය වෙන්නෙ වැඩේ හැටියට,කෙවිනි වලට 2.5mm කම්බිය භාවිතා කරන්න,ඉට අඩු එව නම් දාන්න යන්න එපා...මම දැකලා තියනවා සමහර ගෙවල් වල තවම 1mm කම්බිය කෙවෙනි වලට දාල තියනවා එක හරියන්නෙ නැ,සාමන්‍යන් 1mm කම්බියට ඇම්පියර් 11-12 වගේ තමයි ගෙනියන්න පුලුවන් (එකත් වෙනස් වෙන්න පුලුවන් නිශ්පාදකයගේ හැටියට) අනික් දාන පරිපථ වල සොබාවය ගැනත් අවධානයෙන් ඉන්න,මුලිකව තියෙන්නෙ රින්ග් ෆයිනල් එකයි රෙඩියල් එකයි,අනික බලන්න ඩෙඩිකෙටඩ් සර්කිට් එකක් ඔන තැන්,මම ශිතකරණය වගේ එවට ඩෙඩිකෙටඩ් ස්ර්කිට් එකක් යොජනා කරනවා න්‍යායකව අවශ්‍ය නොවුනත්.ට්‍රිප්,බ්‍රෙකර්,කෙවෙනි වගේ දෙවල් ගන්නකොට හොඳ තැනකින් හොඳ බ්‍රැන්ඩ් එකක් ගන්න...බාල එවා දාල නිකන් තැවෙන්න එපා පස්සෙ...

    ලි වැඩ හෝ ඇලුමිනියම් වැඩ

    ලි වැඩ කරන්න හොයාගන්න බස් උනත් සැහෙන බලලා ගන්න,කලින් වැඩ බලන්න,ලි පුලුවන් නම් දැව සංස්ථාවෙන්ම ගන්න,එතකොට පර්මිට් එකටත් කචල් නැ නේ,එළ ලි නම් දාන්න එපා පොඩ්ඩක්වත්,ලි බාස්ලා හන්ගලා ලි මඩු වලින් ඔවා දානවා (එහෙම කරනවාට කොමිශන් අත යටින් ලැබෙනවා) ලි ගනුදෙනු වලදි අතරමැදියෝ තියාගන්න එපා,සැර කොමිශන් වදිනවා එතකොට,ඇලුමිනියම් කරනවා නම් ලඟම තැනක් සෙට් කරගන්න (හොඳට කරන) අපි ඒක සැරයක් අපේ ටිකක් ලොකු වැඩක් නුවරින් කරගන්නෙ නැතුව සිදුව පැත්තෙන් ගෙනත් කරගත්තා,අන්තිමට සල්ලිත් අරගන වැඩත් හරියටම උනේ නැ...

    5 - ගෙවිම්

    අපි නම් වර්ග අඩි ගානට හැමදාම බාස්ලට පොරොන්දු උනේ,දවසේ පඩි කෙරුවාව අපිට කරන්න අමාරුයි,දවසේ පඩි කෙරුවාව කරනවා නම් ලඟම ඉඳන් වැඩ කරනවද කියල බල බල ඉන්න ඔනේ,එක හරියන්නෙ නැ නේ ඉතින්,එකෙන් වෙන්නෙ බාස්ලත් අපිත් එක්ක තරහ වෙන එක,අනික හැම වෙලාවෙම වැඩ කරන බාස්ලා සතුටෙන් තියන්න,කන්න බොන්න දෙන්න,ඔය අවුරුද්දක් වගේ සෙට් උනොත් කියක් හරි වැඩිපුර දිලා ඇඳුමක් එහෙමත් දෙන්න,තව ඉතින් කරන්න පුලුවන් ඉදව්වක් කරන්න...කිසිම දවසක හිත රිද්ද්වන්න එපා නිස්කාරනේ...

    පසුව ලියමි

    ෆවුන්ඩෙශන් එක හරියට දාගන්න,පරස් උනොත් එකේ පරහ පෙන්නෙ වහලයෙන්

    වාස්තු වල ඉඳන් ගෙයක් හදන්න ඔන වෙන ඔනම දෙයක් අහන්න දන්නවා නම් කියන්නම්...

    තව හිතට එන දෙවල් පස්සෙ දාන්නම් ,ඔයාලත් දන්න දෙවල් කියන්න....හොඳින් ගෙවල් ටික හදාගන්න මචංලා,හදන අයට මගෙන් සුභපැතුම් !!!!
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Beam වලට slab වලට ගන්න වැලි හොඳ කෝව ද? මොණරාගල, මහියංගන, මනම්පිටිය, washed sand, sea sand වගේ ඒවායෙන්? නැත්නම් හැම එකම එකයි වගේ ද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉඩමක් සොයා ගැනීමේ කරුණු වලට ඌණපූර්ණයක් ...;)

    1.අවම අවුරුදු තිහක් පස්සට පත් ඉරු පරීක්ෂා කරලා නිරවුල්ව අයිතිය ගලාගෙන ගිහින් තියෙන ඉඩමක් (නිරවුුල් ඔප්පු තියෙන ඉඩමක්) තෝරගන්න.

    2.පළාත් පාලන අයතනයෙන් නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගන්න.
    (සමහර දේපළ වරිපනම් බදු නොගෙවීම වැනි කරුණු නිසා පළාත් පාලන ආයතන වලින් පවර ගන්නවා..එහෙම පවරගෙන නෑ කියලා සහතිකයක් අදාල පලාත් පාලන ආයතනයෙන් ලබා ගන්න.)

    3.වීදි රේඛා සහතිකය ලබා ගෙනද බලන්න.

    4.ගෙයක් එක්ක ඉඩමක් ගන්නව නම් පදිංචිවීමේ සහතිකය අදාල නිවසට පළාත් පාලන අයතනයෙන් ලබා දීලා තියෙනවද බලන්න.

    5.ගොඩනැගිලි රේඛා සහතිකය පළාත් පාලන අයතනයෙන් ලබා ගන්න.
    (සමහර අවස්ථාවලදි පළාත් පාලන අයතනයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සීමා පනවලා තියෙනවා..ගන්න ඉඩමට එහෙම සීමා පනවලා තියෙනවද බලන්න.නැත්නම් ඔයාලා ඉඩම අරගෙන හදන්න හිතාගෙන ඉන්න ගොඩනැගිල්ල හදා ගන්න බැරි වෙයි.)
     
    හරියටම හරි,මේ ටික මට මග ඇරුනා,බොහොම ස්තුති මචං (y):-)

    Beam වලට slab වලට ගන්න වැලි හොඳ කෝව ද? මොණරාගල, මහියංගන, මනම්පිටිය, washed sand, sea sand වගේ ඒවායෙන්? නැත්නම් හැම එකම එකයි වගේ ද?
    හැම වැල්ලක්ම එක නැ මචං,ඔය වලවල් කපලා ගන්න වැලි බොහෝ දුරට හොඳයි,ඔය වැලි වල තියනවා කොන් සහිත වැලි සහ වටකුරු වැලි කියල වර්ග දෙකක්,සාමන්‍යන් කියන්නෙ කොන් සහිත වැලි වල පූට්ටු වෙන ගතිය වැඩි කියල,නමුත් දැන් කොයි වැල්ලත් ඉතින් පාවිච්චි කරනවා නේ, කොන් වැල්ල භාවිතා කලොත් කොන්ක්‍රිට් එකේ ටෙන්සයිල් ස්ට්‍රෙන්ජ්ත් එක වැඩි වෙනවා (එ කියන්නෙ ඇදිම හැකියාව) වටකුරු වැල්ල භාවිතා කලොත් සම්පීඩන ශක්තිය වැඩි කියල තමයි තාක්ෂණිකව නම් කියන්නෙ...අනික මඩ,මිනිරන් ගතිය වැඩි වැලි වල ශක්තිය අඩුයි බැඳිම් වලදි,මුහුදු වැලි නම් ගත්තත් හොදලා නේ ගන්න වෙන්නෙ....මොණරාගල, මහියංගන, මනම්පිටිය කියල නිකන් ඇලවල් වලින් ගොඩ දාපු වැලිත් දැන් විකුණනවා,එ පැත්තෙන් එන වැලි හොඳයි මචං...
    කොන්ක්‍රිට් එකකට ගනන්වා නම් මඩ,මිනිරන් වගේ නැති ටිකක් ලොකු වැල්ලක් ගන්න මචං..

    ------ Post added on Jun 21, 2021 at 7:40 PM
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Okkoma hari machan.. Haduwata passe biththi wala iri(hair line) yanne ay?
    Rasne nisada?

    Foundation nam bahala na. itath 3 weni thattuwe thamai godak iri thiyenne.
    Lower ground eke aththem na.
    හෙතු කිහිපයක් නිසා වෙන්න පුලුවන් මචං,එකක් සෙට්ල්මන්ට් ක්‍රැක්ස්,අනික් එක කපරාදුවේ දොශයක් තිබ්බොත් එකත් වෙන්න පුලුවන්,A/C වලටත් එහෙම වෙන්න පුලුවන්,සමහර කොන්ඩියුට් බට නිසත් ඔහොම වෙනවා (25mm conduit එකට) ,වයිබ්‍රෙශන් එකක් නිසා වෙන්නත් පුලුවන්...නමුත් එක එච්චර සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලයි මම නම් හිතන්නෙ,ඔක එන්න එන්නම ලොකු වෙනවා නම් මචං බලන්න..ඔවගේ ඉරි කොහෙත් තියනවා..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Loku une nam na machan. dan ge hadala 2yrs wenawa.
    habai vehala vehala payanakota onna poddak mathu wenawa hair line wage iri.

    කපරාදුවේ දොශයක් තිබ්බොත්,
    meka poddak define karanna machan.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Loku une nam na machan. dan ge hadala 2yrs wenawa.
    habai vehala vehala payanakota onna poddak mathu wenawa hair line wage iri.

    කපරාදුවේ දොශයක් තිබ්බොත්,
    meka poddak define karanna machan.
    දැන් ලඟක් ඉඳන් මචං රෆ් කපරාරුවට හුණු ගන්නෙ නැ නේ බොල් වෙනවා කියල,නමුත් සිමෙන්ති වලට ටිකක් හුණු කවලම් කලාම බදාමේ නම්‍යතාවය ඉහල යනවා,එ කියන්නෙ ඇදෙන ගතිය වැඩි වෙනවා,එහෙම උනාම ඔහොම පුපුරණ ගතිය අවම වෙනවා,තනි සිමෙන්තියෙන් රෆ් එක ගහපුවාම වෙන්නෙ හයියට කාලගුණය වෙනස් වෙච්චි ගමන් ටිකක් පුපුරණ එක,ඔක තදටම පුපුරණවා නම් කරන්න තියෙන්නෙ තිරුවක් කඩල පොඩි මෙශ් එකක් දාල ආයෙත් හදන එක.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් ලඟක් ඉඳන් මචං රෆ් කපරාරුවට හුණු ගන්නෙ නැ නේ බොල් වෙනවා කියල,නමුත් සිමෙන්ති වලට ටිකක් හුණු කවලම් කලාම බදාමේ නම්‍යතාවය ඉහල යනවා,එ කියන්නෙ ඇදෙන ගතිය වැඩි වෙනවා,එහෙම උනාම ඔහොම පුපුරණ ගතිය අවම වෙනවා,තනි සිමෙන්තියෙන් රෆ් එක ගහපුවාම වෙන්නෙ හයියට කාලගුණය වෙනස් වෙච්චි ගමන් ටිකක් පුපුරණ එක,ඔක තදටම පුපුරණවා නම් කරන්න තියෙන්නෙ තිරුවක් කඩල පොඩි මෙශ් එකක් දාල ආයෙත් හදන එක.

    Mata wela thiyenne onna oya wage case ekak thamai machan.
    Dawalta patta rasnayak wadinawa biththi walata. Rata ithin cool wenawa A/C on unama.

    Mama test karannath ekka kaparaduwa kadala mesh ekak damma epara kadapu depaththenma iri giya.
    passe Dr. Fixit ekak use kara sample ekak vidiyata eka nam tikak succus wage.

    1624288165322.jpeg

    paint karanna balagenama oka apply karanna one machan. naththam epa wenawane.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Mata wela thiyenne onna oya wage case ekak thamai machan.
    Dawalta patta rasnayak wadinawa biththi walata. Rata ithin cool wenawa A/C on unama.

    Mama test karannath ekka kaparaduwa kadala mesh ekak damma epara kadapu depaththenma iri giya.
    passe Dr. Fixit ekak use kara sample ekak vidiyata eka nam tikak succus wage.

    View attachment 131940

    paint karanna balagenama oka apply karanna one machan. naththam epa wenawane.
    බාස්ල මචං තැනට සුදුසු විදියට ගෙවල් හදන්න ඔනේ,උන්ට පලපුරුද්දෙන් ඔවා තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනේ,හැබැයි ලංකාවේ එහෙම නැ නේ,අන්න එකනේ වැඩේ..
     
    • Like
    Reactions: animation

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බාස්ල මචං තැනට සුදුසු විදියට ගෙවල් හදන්න ඔනේ,උන්ට පලපුරුද්දෙන් ඔවා තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනේ,හැබැයි ලංකාවේ එහෙම නැ නේ,අන්න එකනේ වැඩේ..

    Ow machan.. eka aththa.
    Kaparaduwata gal kudu ekathu karama bond eka wadi da machan?
     
    • Like
    Reactions: 001flyD