ගෝටාට දිනන්න චන්ද මදී
ලක්ෂ 50කින් කොහේ දිනන්නද? ඒක නිසා පිට රටින් ගේන්න හදනවා.2015 දා ගත්ත හොර චන්ද ලක්ෂ 5 මේ පාර දාගන්න බෑනේ.මොකෝ ආන්ඩුව නෑනේ.විදෙස්ගත ශ්රී ලාංකිකයෝ දෙලක්ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..
September 23, 2019 at 3:50 pm | lanka C news
විදෙස්ගත ශ්රී ලාංකිකයෝ දෙලක්ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජන්ද බලය හිමි විදෙස්ගත ශ්රී ලාංකිකයන් ලක්ෂ 2 ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලේ පළමු සම්මන්ත්රණය ඊයේ සවස (සැප්තැම්බර් 22 ඉරිදා) ප්රංශයේ පැරිස් නගරයේ පැවැත්වුනි.
“මව්බිම වෙනුවෙන් ප්රංශයේ ශ්රී ලාංකිකයෝ” සංවිධානය රැස්වීම සංවිධානය කළ අතර ඊට ශ්රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ. වතෝගල ධම්මික ස්වාමීන්වහන්සේ විශේෂ අනුශාසනයක් පැවැත්වුහ.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවන ලද විශේෂ පණිවිඩයක් ද මෙහිදී කියවන ලදි.
මහාචාර්ය චන්න ජයසුමන මහතා ආරාධිත දේශනය පැවැත්වීය.
එහිදී ඔහු පැවසුවේ ශ්රීලංකාවේ ජාතික බලවේග අද එක් මිටකට පැමිණ ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවිය හැකි අපේක්ෂකයෙක් රටේ නැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ සඳහා ඉදිරියට පැමිණ ඇති බවත්ය.
– විමල් බණ්ඩාර පැරිසියේ සිට
13,813 Viewers
