ගෝඨාභය රාජපක්ෂ
- සම්පූර්ණ නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
- උපන් දිනය - 1949 ජුනි 20
- උපන් ප්‍රදේශය - දකුණු පළාත,මාතර ,පාලටුව
- අධ්‍යාපන සුදුසුකම් - ආරක්ෂක අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය - මැඩ්රාස් විශ්වවිද්‍යාලය , තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලය
- මවුපියන් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක
- සහෝදර සහෝදරියන් -චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඞ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ
- බිරිඳ - අයෝමා රාජපක්ෂ
- පුතු - මනෝජ් රාජපක්ෂ (මුලාශ්‍ර gotabaya.info)
වෘත්තීය ජීවිතය - 1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණු ගෝඨාභය රාජපක්ෂ 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ඔහු 1992 වසරේදී ලුතිනන් කර්නල් නිලයට පත්විය. ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට ඔහු සහභාගී වී ඇත.
දිනා ඇති සම්මාන:
- රණ වික්‍රම පදක්කම
- රණ සූර පදක්කම
1992 හමුදා සේවයෙන් ස්වකැමැත්තෙන් විශ්‍රාම ගිය ඔහු අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබා ගත්තේය.
2005 වසරේ ජනාධිපතිවරණය සඳහා එවකට අග්‍රාමාත්‍ය, සිය සොයුරු මහින්ද රාජපක්ෂට සහාය දක්වනු වස් ගෝඨාභය රාජපක්ෂ පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ පත්කරනු ලැබුවේ 2005 නොවැම්බර් මාසයේදීය.
2006 දෙසැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථය ඉලක්ක කර කොළඹ පිත්තල හංදියේදී එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ ජීවිතයට හානියක් නොවීය.
2009 මැයි 19 වෙනි දින එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් පසු දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපී පෙනෙන චරිතයක් වශයෙන් මතු විය.