ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය
ගෝඨාභය රාජපක්ෂ විසින් වනාතමුල්ලේ ඉතා සුව පහසු නිවාස වල ජීවත් වන ජනතාව පවා බලහත්කාරයෙන් තමාගේ කුකුල් කූඩු වැනි නිවාස වලට පැන්නීමේදී එම නිවාස හිමියන් වෙනුවෙන් ගෝඨාභය සමග හරහට කතාකළ සමරධීර සුනිල් නමැති 58 වියැති පුද්ගලයා පසුගියදා පැහැරගත්තේය. පසුව ජනතාව කරන ලද උද්ඝෝෂනය හේතුවෙන් නිදහස් කළේය. නිදහස් කිරීමට පෙර පැහරගත් මිනීමරුවන් 'උඹගේ උපන්දිනය අද' කියා යලි වෙනස් කරගනින් කියා කරන ලද ප්‍රකාශයෙන් හෙළිවන්නේ ඔහු පැහැරගත්තේ මරාදැමීමට බවයි. මෙම පැහැරගැනීම වෙනතක යවමින් උද්ඝෝෂනයට පැමිණ පීචං වී ගිය ගෝඨාභයගේ බච්චා කොල්ලා වන දුමින්දට පහරදුන්නේ කව්දැයි සොයමින් වනාතමුල්ලේ තරුණයන් දඩයමක්ද ආරම්භ කර තිබේ.
ගෝඨාගේ මිනීමරුවන්ගෙන් ගැලවී පැමිණි සමරධීර සුනිල් විසින් මාධ්‍ය දැනුවත් කරන විශේෂ හමුවක් අද (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය.
එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ තමන්ගේ ඉතා හොඳ තට්ටු දෙකේ සුව පහසු නිවාස වලින් පන්නා දමා ගෝඨාභයගේ කුකුල් කූඩු වැනි නිවාස වලට බලහත්කාරයෙන් යැවීම ගැන ගෝඨාභය සමග තමා වචන හුවමාරුවක යෙදුනු බවයි. තමා එසේ කෙළේ ගෝඨාභය තමා වෙත පැමිණ කතා කරන්න අවශ්‍යයයි කී නිසා බවත් ඔහුගේ අවසරය මත තමා මුහුණටම කියන්න ඕනෑ දේ කී බවත් සුනිල් පැවසීය. ඉන්පසුව තමාව පැජරෝ වර්ගයේ ජීප් රියකින් පැහැරගෙන දෑස් බැඳ කකුල් අත පට දම්වැල් වලින් බැඳ පැය එක හමාරක පමණ ගමනකින් කිසියම් ස්ථානයකට ගෙන ගිය බව පැවසූ සුනිල් එහිදී යම් යම් ප්‍රශ්න කිරීම් කරන අතරවාරයේ ලැබුනු දුරකථන ඇමතුමක් අනුව යලි තමා ගෙනැවිත් බියගම ප්‍රදේශයේ දමා ගිය බවත් පැවසීය. නිදහස් කිරීමට පෙර තමාගෙන් උපන් දිනය ඇසූ පැහැරගත් පිරිස එසේ නම් යලි උපන් දිනය අද දිනය කියා සඳහන් කර ගන්නා ලෙස පැවසූ බවද ඔහු හෙළි කෙළේය. සමරධීර සුනිල්ගේ සම්පූර්ණ හෙළිදරව්වට ලංකා ඊ නිව්ස් ෆේස් බුක් පිටුවෙන් සවන් දිය හැකිය.
වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතාද මේ සඳහා සහභාගී විය.
මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ සමරවීර සුනිල් ගේ මාධ්‍ය සාකච්ඡාව සහ ඔවුන් ජීවත් වන නිවාස කෙතරම් සුවපහසු ඒවාද යන්නයි. ජනතාව මෙවැනි නිවාස වලින් එළවන ගෝඨා මෙම නිවාස වෙනුවෙන් කිසිදු වන්දියක් නොගෙවන අතර ලබා දෙන කුකුල් කූඩු නිවස වෙනුවෙන් ලක්ෂ 10 ක්ද ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය මරාගෙන මැරෙන්නට සිතෙන තරමේ අසාධාරණයක් බව ඕනෑම කෙනෙකුට තේරුම් යා යුතුය.
-ලංකා ඊ නිව්ස් -