ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

    1622234_670710559660779_1177684491_n.jpg

    ගෝඨාභය රාජපක්ෂ විසින් වනාතමුල්ලේ ඉතා සුව පහසු නිවාස වල ජීවත් වන ජනතාව පවා බලහත්කාරයෙන් තමාගේ කුකුල් කූඩු වැනි නිවාස වලට පැන්නීමේදී එම නිවාස හිමියන් වෙනුවෙන් ගෝඨාභය සමග හරහට කතාකළ සමරධීර සුනිල් නමැති 58 වියැති පුද්ගලයා පසුගියදා පැහැරගත්තේය. පසුව ජනතාව කරන ලද උද්ඝෝෂනය හේතුවෙන් නිදහස් කළේය. නිදහස් කිරීමට පෙර පැහරගත් මිනීමරුවන් 'උඹගේ උපන්දිනය අද' කියා යලි වෙනස් කරගනින් කියා කරන ලද ප්‍රකාශයෙන් හෙළිවන්නේ ඔහු පැහැරගත්තේ මරාදැමීමට බවයි. මෙම පැහැරගැනීම වෙනතක යවමින් උද්ඝෝෂනයට පැමිණ පීචං වී ගිය ගෝඨාභයගේ බච්චා කොල්ලා වන දුමින්දට පහරදුන්නේ කව්දැයි සොයමින් වනාතමුල්ලේ තරුණයන් දඩයමක්ද ආරම්භ කර තිබේ.

    ගෝඨාගේ මිනීමරුවන්ගෙන් ගැලවී පැමිණි සමරධීර සුනිල් විසින් මාධ්‍ය දැනුවත් කරන විශේෂ හමුවක් අද (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය.

    එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ තමන්ගේ ඉතා හොඳ තට්ටු දෙකේ සුව පහසු නිවාස වලින් පන්නා දමා ගෝඨාභයගේ කුකුල් කූඩු වැනි නිවාස වලට බලහත්කාරයෙන් යැවීම ගැන ගෝඨාභය සමග තමා වචන හුවමාරුවක යෙදුනු බවයි. තමා එසේ කෙළේ ගෝඨාභය තමා වෙත පැමිණ කතා කරන්න අවශ්‍යයයි කී නිසා බවත් ඔහුගේ අවසරය මත තමා මුහුණටම කියන්න ඕනෑ දේ කී බවත් සුනිල් පැවසීය. ඉන්පසුව තමාව පැජරෝ වර්ගයේ ජීප් රියකින් පැහැරගෙන දෑස් බැඳ කකුල් අත පට දම්වැල් වලින් බැඳ පැය එක හමාරක පමණ ගමනකින් කිසියම් ස්ථානයකට ගෙන ගිය බව පැවසූ සුනිල් එහිදී යම් යම් ප්‍රශ්න කිරීම් කරන අතරවාරයේ ලැබුනු දුරකථන ඇමතුමක් අනුව යලි තමා ගෙනැවිත් බියගම ප්‍රදේශයේ දමා ගිය බවත් පැවසීය. නිදහස් කිරීමට පෙර තමාගෙන් උපන් දිනය ඇසූ පැහැරගත් පිරිස එසේ නම් යලි උපන් දිනය අද දිනය කියා සඳහන් කර ගන්නා ලෙස පැවසූ බවද ඔහු හෙළි කෙළේය. සමරධීර සුනිල්ගේ සම්පූර්ණ හෙළිදරව්වට ලංකා ඊ නිව්ස් ෆේස් බුක් පිටුවෙන් සවන් දිය හැකිය.

    වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතාද මේ සඳහා සහභාගී විය.

    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ සමරවීර සුනිල් ගේ මාධ්‍ය සාකච්ඡාව සහ ඔවුන් ජීවත් වන නිවාස කෙතරම් සුවපහසු ඒවාද යන්නයි. ජනතාව මෙවැනි නිවාස වලින් එළවන ගෝඨා මෙම නිවාස වෙනුවෙන් කිසිදු වන්දියක් නොගෙවන අතර ලබා දෙන කුකුල් කූඩු නිවස වෙනුවෙන් ලක්ෂ 10 ක්ද ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය මරාගෙන මැරෙන්නට සිතෙන තරමේ අසාධාරණයක් බව ඕනෑම කෙනෙකුට තේරුම් යා යුතුය.

    -ලංකා ඊ නිව්ස් -

    • Like
    Reactions: PMUB

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    අර රතුපස්වල වගේ මිනිස්සු කොන්ද කෙලින් තියන් හිටියොත් ඔය ආණ්ඩුවේ ජිල්මාර්ට් වලින් ගැලවෙන්න පුළුවන්.:)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ තමන්ගේ ඉතා හොඳ තට්ටු දෙකේ සුව පහසු නිවාස වලින් පන්නා දමා ගෝඨාභයගේ කුකුල් කූඩු වැනි නිවාස වලට බලහත්කාරයෙන් යැවීම ගැන ගෝඨාභය සමග තමා වචන හුවමාරුවක යෙදුනු බවයි. තමා එසේ කෙළේ ගෝඨාභය තමා වෙත පැමිණ කතා කරන්න අවශ්‍යයයි කී නිසා බවත් ඔහුගේ අවසරය මත තමා මුහුණටම කියන්න ඕනෑ දේ කී බවත් සුනිල් පැවසීය.

    Menna niyama nirbeetha minissu. :frown:

    Thaman ekka kelin katakarapu samanya minihawa passe horen minimaru kalli daala ussala maranna haduwa ekata kiyanna ona nama mokakda? :angry:
     
    Last edited:
    මම ආණ්ඩුවට කඩේ යනවා නම් නෙමෙයි. මුලින්ම එක කිව්වේ නැත්නම් මාත් එක්ක අරගන්න එනවනේ අපේ මාමිල ටික.
    වනාතමුල්ලේ ඔය වගේ ගෙවල් එකක් දෙකක් ඇති, එත් මුඩුක්කු සිය දහස් ගානක් තියෙනවා. ඒ එකකට ගිහින් ඒවා වලත් පින්තුර දැන්ම නම් හරි නේද, නිකන් මෝඩ විදිහට එක පැත්තක් විතරක් ගැන කියන්නේ නැතුව. මම ඒ වගේ ගෙවල් වලට ගිහින් තියෙන නිසයි කියන්නේ.
     
    aruna47

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16291520 said:
    මම ආණ්ඩුවට කඩේ යනවා නම් නෙමෙයි. මුලින්ම එක කිව්වේ නැත්නම් මාත් එක්ක අරගන්න එනවනේ අපේ මාමිල ටික.
    වනාතමුල්ලේ ඔය වගේ ගෙවල් එකක් දෙකක් ඇති, එත් මුඩුක්කු සිය දහස් ගානක් තියෙනවා. ඒ එකකට ගිහින් ඒවා වලත් පින්තුර දැන්ම නම් හරි නේද, නිකන් මෝඩ විදිහට එක පැත්තක් විතරක් ගැන කියන්නේ නැතුව. මම ඒ වගේ ගෙවල් වලට ගිහින් තියෙන නිසයි කියන්නේ.

    මුඩුක්කු නම් කැඩුවට කමක් නැහැ හැබැයි ඒ කඩන එව්වට හොද ගෙවල් දෙන්න ඕන. හැමදාම ලෑලි ගහපු ගෙවල් වල ඉන්න බැහැ නේ.. ගෝඨාබය කියන්නේ කොහොමත් සක්කිලි විදිහට වැඩ කරන එකෙක්. මේ දේ ගෝඨාබය කරා කියලා කිසිම බයක් නැතිව කියන්න පුළුවන් මොකද.. ඔය වගේ බලහත්කාරයෙන් කරන දේවල් කරන්න නියෝග දෙන්නේ ඔය සක්කිලියා විතරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    එරෝසලින් සක්කිලියා කෝ? මෙන්න පොන්නයාගේ ආණ්ඩුවේ වැඩ

    ඇරෝ සක්කිලියා ගිහිං අර කුඩ්ඩ කියපු කෙනාව හොයන්න. අඬාගෙන එයි තව ටිකකින්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කෑප්ටන් Jack Sparrow;16291520 said:
    මම ආණ්ඩුවට කඩේ යනවා නම් නෙමෙයි. මුලින්ම එක කිව්වේ නැත්නම් මාත් එක්ක අරගන්න එනවනේ අපේ මාමිල ටික.
    වනාතමුල්ලේ ඔය වගේ ගෙවල් එකක් දෙකක් ඇති, එත් මුඩුක්කු සිය දහස් ගානක් තියෙනවා. ඒ එකකට ගිහින් ඒවා වලත් පින්තුර දැන්ම නම් හරි නේද, නිකන් මෝඩ විදිහට එක පැත්තක් විතරක් ගැන කියන්නේ නැතුව. මම ඒ වගේ ගෙවල් වලට ගිහින් තියෙන නිසයි කියන්නේ.

    දැන් ඔතන කියලම තියෙන්නේ හොඳ නිවාස තියෙන අයවත් අයින් කරනවා කියලනෙ
    අනිත් අතට මුඩුක්කු වල ඉන්න අය ඔහොම උද්ඝෝෂණ කරයිද ගෙවල් දෙනව නම්
    මෙතන අව්ලක් තියෙනවා එකයි ප්‍රශ්නේ
    විරුද්ද උණ එකාව ඉස්සුව මිනිස්සු කගැහුවේ නැතිනම් මෙලහකට මැරිලා
    මානවහිමිකම් කැඩුව, අතුරුදහන් කළා කියල ජිනිව කේස් එකක් යනව
    දැන් මේකෙන් පේනවනේ ඒ ඔක්කොම ඇත්ත කියල
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙවල් නිකම් දෙන්නෙත් නැහැ.. තව ලක්ෂ 10කුත් ඉල්ලනවා.. මේ වගේ මිනිස්සුන්ගේ නැගිටීම ගොඩක් වැදගත්.. නැත්නම් කටවහගෙන හිටියම මුන් හිතනවා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා..
    මොනවා උනත් අන්කල් ඔයා පරිස්සමෙන්..
    නුවර කොලඹ හයිවේ එක ඇමතියෙක්ගේ ඉඩම් උඩින් යනවා කියලා ඌ පාරේ ප්ලෑන් එකත් වෙනස් කරා.. උන්ට විතරද එහෙම පුළුවන්.. ඕන දේක සාධාරණයක් තියෙන්න ඕන..

    Gewal kiwwata denne warga adi 350 ka room ekak.
     
    මුඩුක්කු නම් කැඩුවට කමක් නැහැ හැබැයි ඒ කඩන එව්වට හොද ගෙවල් දෙන්න ඕන. හැමදාම ලෑලි ගහපු ගෙවල් වල ඉන්න බැහැ නේ.. ගෝඨාබය කියන්නේ කොහොමත් සක්කිලි විදිහට වැඩ කරන එකෙක්. මේ දේ ගෝඨාබය කරා කියලා කිසිම බයක් නැතිව කියන්න පුළුවන් මොකද.. ඔය වගේ බලහත්කාරයෙන් කරන දේවල් කරන්න නියෝග දෙන්නේ ඔය සක්කිලියා විතරයි

    ගෙවල් වල හොද වෙන්න ඕනේ මචං. මේ වගේ ගෙවල් තියෙන, ස්ථිර පදිංචි අයට අනිත් යට දෙනවා වගේ ගෙවල් දෙන්න බලකරන්න අයිතියක් නම් නැහැ.

    දැන් ඔතන කියලම තියෙන්නේ හොඳ නිවාස තියෙන අයවත් අයින් කරනවා කියලනෙ
    අනිත් අතට මුඩුක්කු වල ඉන්න අය ඔහොම උද්ඝෝෂණ කරයිද ගෙවල් දෙනව නම්
    මෙතන අව්ලක් තියෙනවා එකයි ප්‍රශ්නේ
    විරුද්ද උණ එකාව ඉස්සුව මිනිස්සු කගැහුවේ නැතිනම් මෙලහකට මැරිලා
    මානවහිමිකම් කැඩුව, අතුරුදහන් කළා කියල ජිනිව කේස් එකක් යනව
    දැන් මේකෙන් පේනවනේ ඒ ඔක්කොම ඇත්ත කියල

    මචං ජිනිව කේස් එක මේකට අදාළ වෙන්නේ නැහැ නේද?
    කැ6& දෙමල්ලු කොටියට කත අදින එවුන් තම ඉන්නවා නෙ.
    අර වික්‍රමබාහු උන්නැහේ වගේ රටට ජාතියට ද්‍රෝහී වෙලා ආණ්ඩු විරෝදී වීමෙන් නම් වැඩක් නැහැ මචං. මෙතන ලොකු අවුලක් ඇති, නැත්නම් පාරට බහින්න ඕනේ නැහැ නේ. එත් ඉතින් වැඩේ කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවනෙග් වගේ නේ දැන් තත්වේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    47774451.jpg

    මේ තියෙන්නේ වනාතමුල්ලේ තියෙන බහුතරයකගේ ගෙවල් ,

    සුනිල්ගේ වගේ ගෙවල් 3-4 ඇති , මේවයින් වෙන්නේ අර මුඩුක්කු ගෙවල් වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන එක
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    47774451.jpg

    මේ තියෙන්නේ වනාතමුල්ලේ තියෙන බහුතරයකගේ ගෙවල් ,

    සුනිල්ගේ වගේ ගෙවල් 3-4 ඇති , මේවයින් වෙන්නේ අර මුඩුක්කු ගෙවල් වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන එක

    ඒකනේ බං.. උඹ කියන කතාව ඇත්ත.. මේ වගේ ගෙවල් වල ඉන්න මිනිස්සු කොහොමද බං ලක්ෂ 10ක් දෙන්නේ.. බලපන්කෝ.. එදා වේල ගැටගහගන්නත් මාරගේමක් දෙන්නේ.. අනික අසාධාරණයක් වෙනවනම් උන් එකා වගේ එකතුවෙලා උද්ගෝෂණය කරයිද?
     
    aruna47

    Well-known member
  • 47774451.jpg

    මේ තියෙන්නේ වනාතමුල්ලේ තියෙන බහුතරයකගේ ගෙවල් ,

    සුනිල්ගේ වගේ ගෙවල් 3-4 ඇති , මේවයින් වෙන්නේ අර මුඩුක්කු ගෙවල් වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන එක

    ඔය මොකා මොන විදිහට නැටුවත් අන්තිමට මහින්ද රාජපස්ස වැඩි චන්ද බර ගානකින් දිනලා ඇස්චර්ය නොවේද මේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වනාත මුල්ලෙ හොඳ ගෙවල් තියෙනව වෙන්න පුළුවන්.. ඒ අස්සෙ මුඩුක්කුත් සෑහෙන්න තියෙනව වෙන්න පුළුවන්.. ඒව හදනව වෙන්නත් පුළුවන්.. ඒත් ඒවට විරුද්ධ වෙන මහජනයාව පැහැරගෙන යන්න, ඒ විරෝධය මරණ භය ඇති කරල මර්ධනය කරන්න පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? වැලිවේරියෙදි සිද්ධ වුනෙත් ඕකම තමා.. වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තිබ්බ.. ඊයෙ හෝ පෙරේද ලඞ්කාදීප පත්තරේ දැක්ක අගතියට පත් පාර්ශවය ව්එනුවෙන් නීතීඥ සහයක්වත් නැති තැන නඩුව කල් ගියා කියල.. කොහොමද මර්ධනය කරන මර්ධනය කිරිල්ල.. ශ්‍රී ලාඞ්කිකයිනි තව තවත් ජිනීවා දිහා බලාගෙන බුරපල්ල.. හඳට බුරන බල්ලො වගේ.. එක අතකින් උන් මානවහිමිකම් කඩ කිරීමේ ඡෝදනා ගේන එක සාදාරණයි.. වැලිවේරියෙදි තමන්ගෙම ජාතියෙ උද්ගෝෂකයන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තියපු තුන් දෙනෙක් මරාදාපු පාලකය උතුරෙ වෙනත් ජාතියක මිනිස්සු කොහොම මරන්න ඇද්ද.. රටට කෙල නොවී පාලකයන්ට ජාත්‍යන්තරයෙන් කොහොම හරි දඬුවම් ලැබෙන්න ඕනෙ.. ලඞ්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දුබලයන්ට විතරයි..
     
    • Like
    Reactions: PMUB

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකනේ බං.. උඹ කියන කතාව ඇත්ත.. මේ වගේ ගෙවල් වල ඉන්න මිනිස්සු කොහොමද බං ලක්ෂ 10ක් දෙන්නේ.. බලපන්කෝ.. එදා වේල ගැටගහගන්නත් මාරගේමක් දෙන්නේ.. අනික අසාධාරණයක් වෙනවනම් උන් එකා වගේ එකතුවෙලා උද්ගෝෂණය කරයිද?

    samanyen oya 10 laks wage gana aya karanne gedara ayithi karayanta thaman laba gaththa de gana watinakamak athi karanna.... naththan me minissu nikan labunu nisa owa winasa karanawa.....

    anika oya 10 laks denawa aththe awrudu 20k withara kalekin gewanna wenna athi... mama hariyatama danne naa........