ගෝඨාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම&

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝඨාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම&

    GOTA-WITH-MY3_LNA_21_04_2016.jpg


    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ආරම්භ කරන ලද කොළඹ කසල දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් විද්‍යානුකූලව කසළ රැදවීමේ වැඩපිළිවෙල අදියර 03 ක් යටතේ වහාම ක්‍රියාත්මක කරන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික පවසනවා.ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
    “පුත්තලමට කොළඹ කුණු එපා කියමින් තවත් මීතොටමුල්ල වැනි ඛේදවාචකයක් ඇති කරන්න හදන්න එපා.මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙන්නේ දැන් . මේ වන විට එහි පාරිසරික ඇගයිම් වාර්තාව සදහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය අපේක්ෂාවෙන් තමා අපි ඉන්නේ.ඒ අනුව පුත්තලම ,අරුවක්ආරු ප්‍රදේශයේ විද්‍යානූකූල කසළ රදවන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ වගකීම මගේ අමාත්‍යාංශය භාර ගන්නවා.ඉදිරි වසර 02 ක ඇතුළත එහි වැඩ අවසන් කරනවා.ඒ වැඩපිළිවෙලට ස්තූතියි.ඒ වැඩපිලිවෙලට කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණේ ,2014 වසරේ අගෝස්තු මාසයේදී .පුත්තලමේ තිබුණු එකල හොල්සිම් සිමෙන්ති සමාගමේ හුණුගල් වළවල්වලට විද්‍යානුකූල හා විධිමත් ක්‍රමවේදයකට දුම්රියෙන් කසළ ගෙනිහින් බැහැර කරන්නයි හැදුවේ. ඒ කාලයේදී මේක කරන්න දෝහා කියලා කොරියානු උපදේශක සමාගමක් සහ ඊ.එම් .එල් ආයතනයේ දේශිය උපදේශකත්වය භාරදීලා තිබුණා.
    2015 වනතුරු ඒ ගැන අධ්‍යනය කළා.ඒකට විධිමත් අධ්‍යනයක් අවශ්‍යයි.ඊට පස්සේ පරිසර අධ්‍යනයක් කළාම 2016 ජනවාරි 16 වනජීවි දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දුන්නා එතැන කසළ දාන්න බෑ ඒක තියෙන්නේ විල්පත්තුවේ ප්‍රේරක කලාපයේ කියලා.
    නමුත් මම ඒ කාරණාව එක්ක එකග වෙන්නේ නෑ .මීතොටමුල්ලට වුණු පරිසර විනාශයෙන් දාහෙන් එකක්වත් පුත්තලමට වෙන්නේ නෑ . හැබැයි අපි එතනින් නවතින්නේ නෑ.අපි ඒක වෙන තැනක බලනවා.එහි පරිසර අධ්‍යනය කෙරීගෙන යනවා.මේකට රේල් පාරක් ,දුම්රිය මැදිරි බත්තල් ,කසළ දමන තැනක් ආදී බොහෝ දේ අවශ්‍ය වෙනවා.දැන් ඒක අපි අදියර 03 කට කඩලා ඒ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ.”


    Read more at http://lankanewsalert.com/archives/63586#ZKzPDjhOBG4zwVkp.99
     
    • Like
    Reactions: ruchira55

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Fairway has been grated approval to dispose garbage on incinerator for generating power and compost. Which solution will be available?