ගෝඨා නිරිදු

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට රටට නම් කෙළවලාම දැම්ම වගේ කියල හිතෙනවා....
    මම හිතුවේ නෑ මූ මේ තරම්ම ගොබ්බ ඩෑල් එකක් වෙයි කියලා...

    දුකට ලියවෙන වදන්.... :whistle::cry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,472
    113
    හෑ මේ මොකද..උඹලගෙ ගෙදර ගෑස් සිලින්ඩරේවත් පිපිරුවද?🤔

    5x6xi1.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    මුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට රටට නම් කෙළවලාම දැම්ම වගේ කියල හිතෙනවා....
    මම හිතුවේ නෑ මූ මේ තරම්ම ගොබ්බ ඩෑල් එකක් වෙයි කියලා...

    දුකට ලියවෙන වදන්.... :whistle::cry:
     
    • Like
    Reactions: tilvin-silva

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ගෝඨා බිල්ලට දීම....

    ඈත අතීතයේ සිටම බිලි දීම, හිස දන් දීම අපිට හුරුපුරුදු දෙයකි... ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතින බව අපගේ මෑත කාලීන දේශපාලනය දිහා බලනකොට මනාව ඔප්පුවේ.... තිස් වසරක යුද්දය ලංකාවට අහිමි කළ දෑ බොහෝය.... මේ යන්නේ ඒ ගැන කතා කිරීමට නොවේ.... යුද්දෙන් පස්සේ ලංකාවේ දේශපාලන ගොහොරුවේ හිස දන්දුන් බිල්ලට දුන් පුරුක්වල අවසාන පුරුක ගැන පෙරවදනක් තැබීමය....


    fonseka_mahinda_gotabhaya.jpg


    ඊළග මැතිවරණවල දී මෛතී‍්‍ර කණ්ඩායම අසරණ වන බව ඒකාන්තය.. ඒ බැව් දන්නා මෛතී‍්‍ර දැන් දැන් යූඇන්පිය එළිපිටම විවේචනය කරමින් පාක්ෂිකයා දිනා ගැනීමට කැස කවන්නේය.... එය කෙතරම් සාර්ථක වේ යැයි කීමට කල් වැඩිය....

    තත්වය එලෙස තිබිය දී යුද ජයග‍්‍රහණ තුන් කට්ටුවේ අන්තිම චරිතය වන ගෝඨා ද දේශපාලන ගොහොරුවට තල්ලූ කිරීමට පිරිසක් ලහි ලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.... දැනටමත් ගෝඨාව පුම්බන්නට පටන් ගෙන තිබේ.... ගෝඨා ද ඒ පිම්බීමට ආසක්ත වන බවක් පෙනෙන්ට තිබේ.... මේ වන විට රාජපක්ෂවරුන්ට එල්ල වි ඇති කලූ පැල්ලම් ප‍්‍රමාණය අති මහත්ය.... ඒවා සෝදා යළිත් රාජපක්ෂවරුන්ට සුදු හුණු ගෑමේ හැකියාව ඇත්තේ ගෝඨා ට පමණි....

    නමුදු ගෝඨා ද ඉදිරියේ දී මුහුන දීමට සිදුවනු ඇත්තේ අභාග්‍ය සම්පන්න ඉරණමකටය.... ගෝඨාට මුස්ලිම් හා දෙමළ ජනතාව අතර තැනක් නැත.... ඔවුන් ගෝඨාට කැමති නැත.... මන්ද යත් ගෝඨා යනු සිංහලවාදියෙකු ලෙස ඔවුන් තක්සේරු කර ඇති නිසාය.... ගෝඨාට ජයග‍්‍රහණ ලැබිය හැක්කේ සිංහල ජනතාවගේ සහයෝගයෙන් පමණි.... එය එතරම් පහසු කරුණක් නොවන බව ඉතිහාසය විසින් සාක්ෂි සපයන්නේය....

    ගෝඨා අනුන්ගේ මඩ සේදිමට ගොස් තමන් මඩ නා ගැනීමට තියෙන ඉඩ වැඩිය.... ගෝඨා දේශපාලනයට පැමිණෙන්නේ නම් පැමිණිය යුත්තේ ඉතා සීරුවෙන් අවබෝධයෙන් මිසක එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහලන්නට භාවිතා කරන ඩමියක් ලෙසින් නොවන බව ඔහු අවබෝධ කරගත යුතුමය.... දේශපාලකයා යනු කෙනෙකුට යක්ෂයෙකි... තවකෙකුට ඉටු දෙවියකි... සමහරුන්ට පතෝලයෙකි... නමුදු යුද විරුවා යනු සියල්ලන්ගේම (අඩුම තරමේ තමන්ගේ ජාතියේවත් බුහුමනට ලක්වන සදාතනික චරිතයකි.... ඉතිං මේ ගෝඨාගේ අවස්ථාවය.... පෙරේතයින් වෙනුවෙන් තමන් බිල්ලක් වනවාද නැද්ද යන්න ඔහු තීරණය කළ යුතු අවස්ථාව පැමිණ ඇත.....

    pathfinder_a2z | Elakiri.com

    :o
     
    Last edited:
    • Haha
    Reactions: Devin Kolla

    Similar threads