ගෝවින්ද හෙල නැතිනම් ගොවිඳුහෙල ☘️🧗🏾‍♂️🏔 (Gowinduhela)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගෝවින්ද හෙල නැතිනම් ගොවිඳුහෙල ☘️🧗🏾‍♂️🏔 (Gowinduhela) - Your Choice Way
    අද අපි කියන්න යන්නේ දිගාමඩුලු ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික වටිනාකමක් ඇති කඳුවැටියක් ගැන..ඒ නමින් නමින් ගෝවින්ද හෙලයි...

    මේහි අතීත කතාව මෙහෙමයි..ගෝවින්ද හෙල හෙවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු ශ්‍රී ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පිහිටි ඓතිහාසඅ නටඹුන් සහිත මීටර 500ක් පමණ උස්වූ කඳු මුදුනක් කිව්වොත් නිවැරදී..ගොවිඳුහෙල කියලත් කියනවා..

    රුහුණු රාජධානියේ ආරක්ෂිත ස්ථානයක් ලෙස මෙම හෙළ හැදින්වෙනවා..

    ප්‍රාදේශීය පාලකයකු වූ බුවනෙකබාහු රජු මෙහි පාලනය ගෙනගිය බව සොයාගැනුණු නටබුන්වලින් තහවුරු කරගෙනත් තියෙනවා..

    රුපියල් 50ක ටිකට්පත් මිලදී ගනිමින් ඔයාලට මේ කන්ද තරනය කරන්න පුලුවන්..

    පැය දෙකක පමණ කාලයකින් කන්ද මුදුනට යාහැකියි..

    කදු මුදුනට ගිය පසු අංශක 360ක අලංකාර දර්ශනයක් දැකගන්න ලැබෙනවා...

    කන්දට යන මාර්ගයේ තියෙන ගල්වැටි හා මාර්ගයේ ස්වභාවයෙන් අපට පෙර රජදවස තිබුණු මාර්ගය මවා ගන්න පුළුවන්.

    ගල්වල කෙටු පිය ගැටපෙල තැන් තැන් වල දකින්නත් පුළුවන්.

    පර්වත මුදුනේ අපට දකින්න තියෙන තවත් වි‍‍ශේෂ දෙයක් තමා පොකුණ.

    වැසි ජලය එක්රැස්වෙන විදිහට හදපු පොකුණ අඩි 5ක් විතර ගැඹුරුයි.

    ජනප්‍රවාදය අනුව නම් නියං කාලයේදී පවා නොසිඳෙන පොකුණක් විදිහට තමා මේක හැඳින්වෙන්නේ...

    පර්වත මුදුනේ ඇවිදින කොට එකල රජ දරුවන් විසූ මණ්ඩප ආසන තිබූ තැන්හි නටඹුන් දකින්න පුළුවන්.

    ඒ වගේම සෙල්ලිපි දෙකකුත් තියෙනවා..හරිම ලස්සන අතීත උරුම රැසක් සැගවුණු තැනක් තමා මේ ගෝවින්ද හෙල..

    වැඩි දෙනකුගේ අවධානය යොමු නොවුණත් කඳු නඟින්නකුට තරණය කිරීමට සුදුසුම කඳුවැටියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි අතර අතීත උරුමයක් නිසා එහි වටිනාකම රැකගැනීම අප සතු වගකීමක්...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here