ග‍්‍රීස් යක්කු ඉන්නේ හමුදාවේ – වික්රමබා
ලෝකයට පේන්න ආණ්ඩුව හදිසි නීතය ඉවත් කලත් වෙනත් නීති මඟින් හමුදාව වෙනදාටත් වඩා වැඩිකොට ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ දෙහිවල ගල්කිස්ස පුරපති අපේක්‍ෂක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
හදිසි නීතිය ඉවත් කලානම් හමුදාව බැරැුක්කවල සිටිය යුතු නමුත් වෙනත් නීති මඟින් තව තවත් හමුදාව උතුරේ මෙන්ම දකුණේත් වැඩි කොට ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා එම අදහස් පල කලේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සම සමාජ පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.
‘ආණ්ඩුව අළුත් විදිහේ අර්බුද ඇති කරලා විවිධ ක‍්‍රම මඟින් රට තුල හමුදාව වැඩිකිරීමේ ක‍්‍රමයක් උත්සාහ අරගෙන තියෙනවා. ග‍්‍රීස් යක්කු කියන කතාවත් ඒ වගේ දෙයක් ග‍්‍රීස් යක්කු ඉන්නෙත් හමුදාවේ සහයෝගයෙන් තමයි කියලා මිනිස්සු සාක්‍ෂි දෙන්නේ. මේවා මවාපෑම්.’ යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.