චන්දෙන් දිනවන්න කැමති කාවද?

Purple2022

Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මේක කියවන ඔයාට වගේම මේක ලියන මටත් අපේ රටේ ජනාධිපති වෙනවා දකින්න කැමති කෙනෙක් ඉන්නවා.

    චන්දෙ කියන්නෙ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි අපි කැමති team එක දිනවන. දින්නම සතුටු වෙන. දිනනකං cheer කරලා ඒ ගැන තව සතියක් විතර කතා කරලා අමතක කරන්න පුලුවන් එකක් නෙමෙයි මේ වෙන්න යන්නෙ.

    අපි අමාරුවෙන් හම්බ කරලා ගන්න රැපියල් සීයට වෙන්නෙ මොකක්ද කියලා හිතලා බලන්න. මෙතන උනත් free time එකක් හම්බෙලා මේක කියවන්න කලින් අපි හැමෝම එක එක capacity වලින් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරන්නෙ. ඒක තමන්ගෙ අම්මා තාත්තා නොවන කෙනෙක්ට free පෙට්‍රොල් ටිකක් ගහගන්න, A/C room එකකට waste කරන්න කෙටියෙන්ම ඒ අයට සැප විදින්න දෙන්න කැමතිද?

    කවුරු හරි රුපියලක් 10,000ක් දීලා කියනවනං අපිට චන්ද ටික හදලා දියං මල්ලි මේක අරං කියලා. අවුලක් නෑ ඒක උඩ පැනලා බාරගන්න. සල්ලිනෙ. Duty එකත් අකුරට කරන්න. මොකද comment / tread වලට චන්ද හදන්නවත් කඩන්නවත් බෑ කියල මටනං හිතෙන්න.

    ඒත් ඔය කතිරෙ ගහනකොට පොඩ්ඩක් selfish වෙන්න. අපි මාසෙ වැඩ කරලා ගන්න රුපියල් 50,000 කියමු, ඕකෙන් direct indirect tax කැපිලා අපේ අතට එන ගාන පොඩ්ඩක් වැඩි කරන්න විදියක් ගැනත් හිතන්න. චන්දෙ කාලෙට ඕගොල්ලො එක එකාලගෙන් ගන්න දේවල් ගන්න හැබැයි ඒවට pay back කරන්නෙ කතිරයෙන් නෙමෙයි.
    ඒක කවුරුත් දැනගන්නෙත් නෑ.

    🧠 for a sec! This is not about the country. This is about you and your wallet 💰
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අනුර දිනපු ගමන් මිනිස්සු රජයට ටැක්ස් ගෙවනවා වෙනුවට රජය මිනිස්සුන්ට ටැක්ස් ගෙවන්න පටන් ගන්නවා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,494
    8,981
    113
    මහ බැංකු මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනය නිසා කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගැනීමේ යටි අරමුණෙන් තමයි මේ අය බෙදීම අද පෙන්නුම් කරන්නේ. ඇත්තට බෙදිලා නෑ. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මැතිවරණයෙන් පස්සේ මේ දෙකම එකතු වෙලා පරණ පුරුදු පක්ෂය කරගෙන යනවා. ඒක නිසා තමයි පක්ෂයෙන් ඉවත් කරනවා කියන එකට ඔච්චර කලබල.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මට නැති වෙන්න අමුතුවෙන් දෙයක් නැති නිසා අනිත් මිනිස්සුන්ටත් නැති වෙන්න ඕන. අන්න එහෙමයි ජෙප්පෝ හිතන්නේ. :LOL: