2010 නීති විරෝධී ලෙස Sarath Fonseka ගේ මන්ත්‍රීකම අහෝසි කළා කතානායක Chamal Rajapaksa ගේ උපරිම මැදිහත්වීම මත. සරත්ව අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලේකම් Gotabaya Rajapaksa. කෝර්ට් මාෂල් කියන කැලෑ උසාවියේ තීන්දුව අත්සන් කළේ ජනාධිපති Mahinda Rajapaksa.
ඒ වෙලාවේ මන්ත්‍රිකම පුරප්පාඩු වුණාම ලයිස්තුවේ ඊලගට හිටියේ ජවිපේ Lakshman Nipuna Arachchi. නිපුණ මන්ත්‍රීකමේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළේ වැරදි තීන්දුවට අනුබල දෙන්න බෑ කියලා. මාස තුනක් එහෙම ගිහාම නිපුණ පත් කරපු ගැසට් එක කාලාවරෝධ වුණා.
ලයිස්තුවේ ඊලගට හිටියේ මේ රවුම් කරලා ඉන්න Jayantha Katagoda කියන නළුවා. පොරගේ නම ගැසට් කරපු ගමන්ම ඇවිල්ලා දිවුරුම් දුන්නා. ඊට පස්සේ ආණ්ඩුවටත් ගියා. දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ බැසිල් එනකල්, ඉල්ලා අස්වෙලා බැසිල්ට සීට් එක දෙන්න.
එක දවසක් මාලඹේ පන්සෙල් පෙරහැර වෙලාවේ තිලංගයි කැටයායි නිපුණයි හම්බුණ වෙලාවේ, තිලංග කැටයාට මරු කතාවක් කිව්වා. “උඹ නිපුණාරච්චිට දණ ගහලා වැදපං මන්ත්‍රී කෙනෙක් වෙන්ඩ චාන්ස් එක දුන්නාට..” කියලා.
කැටයා දේශපාලනේට ආවේ ෆොන්සේකාගේ අතේ එල්ලිලා. කැටයා මන්ත්‍රී වුණේ ෆොන්සේකාගේ සීට් එක මංකොල්ලකෑවාට පස්සේ.
දැන් මේ අද.. මේ පාර්ට් එක දාන්නේ ෆොන්සේකාට. දේශපාලනේ වගේම ජාතික වැදගත්කම අතිනුත් කැටගොඩලා වගේ “දොර අඩ”වලට වඩා චරිත හැටියට ෆොන්සේකලා ඉන්නේ හුගක් ඉස්සරහා...
ලිව්වේ - Bharatha Prabhâshana Thennakoon