චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී
පාඨලි චම්පික රණවක මහතා සහ උදය ගම්මන්පිල මහතා ඔවුන් දැරු අමාත්‍යධූරවලින් ඉවත් වීමට තීරණය කළා. එම තීරණ මේ වන විටත් කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡුාවේදී ප්‍රකාශ කෙරෙමින් පවතිනවා. ඒ අනුව තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමා ඉවත් වන බවත් උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් අමාත්‍යධූරයෙන් ඉවත් වන බවත් මෙහිදී සඳහන් කළා. මෙම සියලූ තීරණ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණ බවද පාඨලි චම්පික රණවක මහතා මෙම ප්රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියා.
( සමන්ත කුමාර ) 2014-11-18 11:18:20
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් තමන් වෙත ලබාදී තිබු අමාත්‍යධූර දෙකෙන් ඉවත් වීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය පවසනවා. ජාතික හෙළ උරුමයේ ඉදිරි දේශපාලන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා මේ බව නිවේදන කළා.
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ගත් එම තීරණය අනුව තමා සහ උදය ගම්මන්පිල මහතා දැරු අමාත්‍යධූර දෙකෙන් ඉවත් වීමට තීරණය කළ බවයි චම්පික රණවක මහතා කියා සිටියේ. ඒ අනුව තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් අමාත්‍යධූරයෙන් තමා ඉවත් විමට තීරණය කළ අතර උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, සංස්කෘතික හා පරිසර අමාත්‍යධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී චම්පික රණවක මහතා පැවසුවා.
අපි තීරණය කර තිබෙනවා අද සිට ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරයෙකු ලෙස මම මේ ආණ්ඩුවේ දැරූ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයෙනුත් ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස උදය ගම්මන්පිල මහතා දැරූ කෘෂිකර්ම සංස්කෘතික පාරිසරික අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වීමට
මෙතැන් පටන් පක්ෂ තීන්දු මත ක්‍රියාකාරන බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පැවසුවා.
අපි පෙනී සිටින්නේ නැතිව ජවරම්කරයින් විසින් නටවන ආණ්ඩුවක් නෙමෙයි මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විධිමත් වෘතිය දේශපාලනයකුයි. අනාගතය කවරක් වෙයිද? අපි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2005 ඒ අපි ලබාදුන් අවස්ථාවේ සිට අපි මේ දක්වා විනයනුකුලව ඒ කටයුතු කරගෙන තිබෙනවා.
ඇතැම් අවස්ථාවල විනය කඩවෙලා කටයුතු කරනකොට අමාත්‍ය මණ්ඩල නියෝගයට පටහැනිව කටයුතු සිදු වෙනකොට එලියට බැහැලා අපි ඒගැන කටයුතු කරන්න සිදු උනා. නමුත් අපි ස්වාධීනව වෙන්වෙලා කටයුතු කරේ නැහැ. අපි මෙතැන් පටන් සන්ධානයේ විනයට යටත් වෙන්නේ නැහැ. අපි අපේ හෙළ උරුමයේ ප්‍රතිපත්ති මත කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.
තමන් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවලිය තවදුරටත් සියලූ දේශපාලන පක්ෂවලට විවෘත බවයි හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ වගේම අපි මේ යෝජනකරලා තියන යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, වෙනත් පක්ෂය වේවා ඒ ඕනෑම කෙනෙක් සමග සාකච්චාවට අපි තවම විවෘතයි. එක අපි ඉදිරියේදීත් සිදුකරගෙන යනවා.
ඒ වගේම අපි නියෝජනය කරන්නේ මේ රටේ වෛතිහාසික ජාතික ශාසනික ප්‍රවාහයයි. අපට විවිධ පුද්ගලයින් තැන් තැන්වල ඉදන් කැට කැබලිතිවලින් ගැසුවාට මේ රටේ ජනතාව දන්නවා මෑත කාලින ඉතිහාසයේ මවිල්ආරුවේ සිට අලුත්ගම දර්ගා නගරය දක්වා මේ රටේ ජාතික උරුමය වෙනුවෙන් පදවිමත නෙමෙයි ප්‍රතිපත්ති මත රැදිසිටින බව. ඒ වගේම ඉදිරියේදීත් ප්රතිපත්තිමත රැදීසිටින බව අපි ප්‍රකාශ කල යුතුයි.
චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී
2014-11-18 11:14:20

source

Last edited:

නයි TN අද රෑම වැඩ පටන්ගනියි..