පසුගිය ඉරිදා දින සිදු වූ රිය අනතුරක් සම්න්ධයෙන් මහත් කතාබහක් ෆේස්බුකියේ කටකතා පැතිරෙන්න පටන් ගත්තනේ.....
ඒ නිසා අපි ඒ ගැන හොයන්න රාජගිරියටත් මහ රෝහලටත් මීගොඩටත් ගියා.... සමහරු චම්පික ඇමතිවරයා පදවපු රියකට තරුණයෙකු යටකරපු පුවත් වාර්තා කළා.. ඒ වාගේම ඇමතිවරයා එම වාහනය නොපැදවු බවත් එහි නොසිටි බවටත් පුවත් වාර්තා වුණා..... අපේ මේ උත්සාහ එහි සිදු වූ දේ සොයා බැලීම නොව සිද්ධිය තුළ වරද ඇත්තේ කා සතුව ද යන්න විමසා බැලීම උදෙසා කරන පසුවිපරමකි.
මන්ද මෙය අහිංසක තරුණ ජීවිතයක් අල්ලා ගෙන එමෙන්ම ලංකාවේ වැදගත් චරිතයක් උසුලමින් සිටින ඇමතිවරයෙකුට අවලාද නැගීම පිණිස විවිධ කල්ල කණ්ඩායම් භාවිතා කරමින් අශීලාචාර ප්රයත්නයක යෙදෙන බැවිනි.
සත්‍යෙම්ව ජයතේ............
ඉහතින් දැක්වෙනුයේ අදාළ සිද්ධිය සිදු වුණු මොහොත ප්රතිනර්මාණ කරපු ඡායාපිටපතකි. මෙය අසත්‍යයක් නම් වහාම කාරණා සහිතව පෙන්වා දෙන මෙන් පළමුව ඉල්ලා සිටිමු. මන්ද එම සේයාරුව සකස් කරන ලද්දේ රාජගිරියට ගොස් ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හා පොලිස් වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වීමයි.
උක්ත ප්‍රතිනිර්මාණය අනුව සහමුලින් ම වැරද්ද ඇත්තේ අදාළ තරුණයාගේ බව නොරසකි. චම්පික රණවකට අයත් යැයි පැවසෙන රථය පාර්ලිමේන්තු පාරේ ගමන් කර තිබු අතර රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසලින් ඇති සරණ පාරට හරවා ඇත.. එනම් දකුණු අත දෙසටය. මෙම මාර්ගය මං තීරු සතරකින් සමන්විත වූවකි. වාහනය පැදවු රියදුරා සරණ මාවතට හරවා මංතීරු තුනක් පාස් කොට සරණ මාවතට දෑමීමත් සමගම බත්තරමුල්ල දෙසට පියඹා ආ 1000 cc වර්ගයේ මෝටර් සයිකලය රථයේ වැදුණි.
මෙය එහිදි සිදු වු අනතුරයි. වරද කාගේ ද? මෝටර් සයිකලය ගත් කල්හි ලංකාවේ රේසින් තරගවලට පමණක් අනුමත වූ මහා මාර්ගවල ගමන් කිරීමට අවසර නැති මෝටර් සයිකලයකි.. එය 1000 cc මෝටර් සයිකලයකි. එමෙන්ම එම මෝටර් සයිකලය පැමිණ ඇති වේගය පැයට කිලෝමීටර් 140ක වේගයකින් බව ඔප්පු වී ඇත. ඉතින් දැං කාගෙද වරද? මංතීරු තුනක්ම පසුකර තිබුණු මාර්ගයේ වාහනය පසුපස වදින්නේ කාගේ වරදින් දැයි ඔබම සිතා බලත්වා.......
වැරදීමකින් හෝ අදාළ තරුණයා රෝහල් ගත නොවුයේ නම් ඔහු අද සිටිනුයේ පොලිස් සිරකූඩුවේය. මන්ද එය ඔහුගේ වරදක් වන බැවිනි. අනෙක මෙවැනි මෝටර් සයිකලයක නැගී රාත්‍රී 10ට පමණ රාජගිරියේ ගමන් කිරීමම සැක උපදවන්නකි. රේසින් තරගයකට සහභාගී වීමෙන් අනතුරුව යහළුවන් සමග මහපාරේ රේස් එකකට සමානව එම තරුණයා ගමන් කළ බවට ද දැන් දැන් සාක්ෂි ලැබේ.
ඕනෑම මෝටර් සයිකලයකට පැදවිය හැකි වේග සීමාව කුමක් ද? මෙම තරුණයා පැමිණ ඇත්තේ පැයට කිලෝමීටර් 140ක වේගයකිනි. ඔබම හිතන්න අධිවේගියේ මාර්ගයේ ඔබට යෑමට හැකි වේග සීමාව කොපමණ ද?
වාහනයේ රියදුරාගේ අතේ වැරද්ද ඇත්නම් ඒ කෙසේ ද? කොහෙත්ම පිටිපස්ස රෝදේ වැදෙන්නට බැරිය. එමෙන්ම යට කරගෙන ගියා යැයි පැවැසීම කෙතරම් නම් සාවද්‍ය ය ද? මෙම තරුණයා වාහනයට යට වූ බවට කිසිම සාක්ෂියක් හෝ කිසිම වෛද්‍ය සාහතිකයක් ද නොමැත.... වැරදීමකින් හෝ යට වුණි නම් ඔහුගේ ජීවිතය මේ වන විට අනතුරට ලක් වී තිබේ.
වාසනාවට එම අහිංසක තරුණ ජීවිතය දැන් දැන් සුව අතට හැරෙමින් ඇත....
මෙලෙස සටහන් තබන්නට උත්සාහ කලේ එම තරුණයාට හෝ ඇමතිවරයා හෝ එම පවුල් අසරණභාවයට පත් කරන්න ට නොවේ.
අශිලාචාර ලෙස අර තරුණයාගේ ජීවිතය ගැන හෝ සාධාරණය ගැන නොසිතා කටයුතු කරමින් නින්දිත අශික්කිත මාධ්‍ය භාවිතයක යෙදුණු අසත්යවාදී පුවත් මවා සිය අවස්ථාවාදය තර කරගන්නා නින්දිතයන්ගේ කණ හරහා ඇස් ඇරෙන්නටත් උක්ත සිදුවීම සම්බන්ධව සත්‍ය කුමක් දැයි පැහැදිලි කිරීම පිණිස පමණක් ම උදෙසා මෙය සටහන් තබන ලදි...
ජඩ මාධ්‍ය ඇමතිවරයාගෙන් සමාව ගත යුතු සේම ( අපට පක්ෂ පාට අදාළ නැත ) අර අහිංසක තරුණයාට ඉක්මන් සුවය ලබන්නටත් එයින් මානසිකව ඇද වැටී ඇති දෙමව්පියනට ද සැනසිල්ලේ දරුවා සුව කර ගැනීමට ද මෙම අශික්කිත මාධ්‍ය ඉඩ දිය යුතු බවට ද සදහන් කරනු කැමැත්තේමි.
කාටවත් අපහාස නොවනු පිණිස සහ සාධාරණය වෙනුවෙන් මෙය හැමදෙනාටම බෙදා ඇත්ත තේරුම් කර ගැනීමට ඉඩ සලසනු ඇතැයි සත්‍යකාමී ෆේස්බුකියේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....
එසේම මෙම සිද්ධියේ අසත්‍ය කරුණු ප්‍රචලිත කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු