චයිනමන්: ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍ර

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    චයිනමන්: ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍ර

    බෙබද්දෙක් කියන දෙයක් අහං ඉන්න උත්සක කරල තියෙනවද ?එහෙමත් නැත්නම් බිවට පස්සෙ කියවනවද ?

    බේබද්දෙක් ට ඇත්තට්ම කතා කියන්න පුලුවන්ද ?

    මගේ නමුත් මතය ඔව්.බේබද්දෙක් ගේ කතාවේ අගක් මුලක් නෑ.මුලක් මැදක් නෑ.හැබැයි මිනිහ ඒ කතාවක කියන්නේ ලුනු ඇභුල් එක්ක.එතන තියෙන රසය සමහර විට ශොට් එකක් ගහල බයිට් පීරිසියක් ඉක්මනට හොයන කටකට නොදැනී ඉන්න විදිහක් නමුත් නෑ කොහොමින් වත්.මම මෙහෙම කියන්නෙ හේතුවක් ඇතිව.මොකද මටත් බිව්වට පස්සේ හොදට කතාව කියන්න පුලුවන්.ඒ වගේම වටෙම ඉන්න බේබදොන්ව කොහොම හරි මගේ කතාවට අවනත වෙනවාමයි.

    Feature-image-alternative-1.jpg


    මෙන්න මේ වගේ බේබදු කතාවක් මට මේ හම්බෙච්ච පලවෙනි වතාව.ඇරත් ක්‍රිකට් ගැන.මම ක්‍රිකට් මැච් බලනව සහ ඒ ගැන මොනා හරිත නිව්ස් එකක් කියවනව හැරුනහම ඒක කවදාවත් සෙල්ලම් කරන්න ගියේ නෑ.මොකද මට කවදාවත් බොලේයි බැට් එකයි අතර ටයිමින්ග් එකතු තේරුනේ නෑ.

    ශෙහාන් ගේ චයිනමන් කියවන්න කලින් ඇතටම මම සතියේ අන්තෙ මැච් එකක් බලලා බියර් එකක් ගහපු සරල ෆෑන්ස් කෙනෙක්.හැබැයි ටෙස්ට් මැච් එකක් වගේ දිග කතවක් කියවලා ඉවර උනාට පස්සෙනම් ඒක කොහොමවත්ම එහෙම උනේ නමුත් නෑ.මම තනිකරම ක්‍රිකට් පිස්සෙක් වෙලා තිබ්බා.ඒ වගේම මම ක්‍රිකට් ඉතිහාසය ගැන නොදන්නා අහුමුලු වගේම ඒකෙ තියෙන සමහර ඉන්ට්‍රෙස්ට් තැන් එකතු දිගටම හොයන්න ගත්තා.

    හැබෑවටම ශෙහාන්ගේ පොත නවකතාවක් විතරක්ම නෙමයි.ඒක විශ්වකෝශයක්.

    ලේඛකයෙක් තමන්ගේ අදස මුඩුන්පත් කර ගන්න සමහර විට නොකරන දෙයක් නෑ.ගොඩක් වෙලාවට සමාජ විද්‍යාවෙදි කියන සහභාගිත්ව නිරීක්ශණය කියන එක ලෝකයේ ගොඩක් සාර්තක ලේකකයො කරන දෙයක්.ශෙහාන්ගේ මේ කැපවීම නමුත් ඇත්තටම පැසසිය යුත්තක්.ඒක ඒ තරමටම වටිනවා.ඒ වගේම මම කියෙව්වේ මේකේ සිංහල අනුවාදය.එතනදී දිලීප වගේ කෙනෙක් නොහිටියා නම් චයිනමන් නිකන්ම පරිවර්තනයක් වෙන්න තිබ්බා.

    54f50617767d25b916c80471ffc74e14.jpg


    කතාවේ ප්‍රදාන චරිතයක් වෙච්ච ඩබ්ලියු කරුනාසේන ගේ බේබදු කතාව විලාශය වගේම ඒකෙ පරිච්චේද පටන් අරගෙන තිබ්බ නිව්ස්පේපර් ආටිකල්මය ස්ව්භාවය කතාවට නව ජවයක් එක්ක කියවන්න තව තව පොලඹහවනවා හරිත අපූරුවට.

    මං නම් කවදාවත්ම පොතක ගාන බලලා අධ්‍යිර්යට පත් වෙන්නේ නෑ කොහොමට වත්.

    71593830_2652147378163339_1077547719075037184_o.jpg


    ඒ පොත ලොකු ගානක් නමුත් අනිවාර්යෙන්ම කියවන්න්න වටින දෙයක් ඇති.ඒකයි මගේ හැගීම.

    කවුරු හරිත ඉන්නව නම් මේ පොත කියවන්න බලාගෙන බල බල ඉන්න එපා.ඒක තමන්ටම කරන්න ගන්න අසාධාරණයක්.ඒ හින්දා අදම කියවන්න පටන් ගන්න.

    220px-Chinaman_%28Karunatilaka_novel%29.png
     
    • Like
    Reactions: ModelSriLanka

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    චයිනමන් : ප්‍රදීප් මැතිව් සොයා යාම

    එය ප්‍රතීපන් සිවනාදන් මැතිව් නොහොත් ප්‍රදීප් මැතිව් සොයා යන ගමනය. වරෙක 1983 රාජකීය - සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයෙන් රාජකීයයන් ජයග්‍රහණය ලැබූ කූටෝපක්‍රමයක හෙළිදරව්ව ය. විටෙක එය ක්‍රිකට් ඉතිහාසයෙන් වළලා දමන යටගියාවක සුන්බුන් ඇට කැබිලිති හාරා ගොඩ දමයි. වමතින් සහ දකුණතින් වේග පන්දුත් , දඟ පන්දුත් යැවූ , පසුව මීදුමක් සේ අතුරුදන් වූ , අතුරුදන් වන්නට කැමති වූ පුරාවෘත්තයක් පසු පස හඹා යයි. රූමත් , තරමක් රූමත් සහ සිත් බඳනා තරුණියන් ගේ ප්‍රේමාරවුල් අතර පැටලී යයි. චයිනමන් කතා කරන්නේ ක්‍රිකට් ගැනය. නමුත් එහි නැත්තේද ක්‍රිකට්දැයි සැක සිතෙන තරමට රසවත් ය. කුහුල් සහගත ය. අවුල් ඇතිකරවන සුලුය.

    ශෙහාන් කරුණාතිලක ඉංග්‍රීසි බසින් රචිත "චයිනමන් " කෘතියේ ග්‍රන්ථ නාමයට සමීපයෙන්ම "ප්‍රදීප් මැතිව් ගේ ක්‍රිකට් ප්‍රවාදය' නමු වූ උද්ධෘතයක් ද වේ. 2012 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ග්‍රන්ථය ලෙසත් , දකුණු ආසියානු සාහිත්‍ය සඳහා වන ත්‍යාගය මෙන්ම ග්‍රේෂන් ත්‍යාගය , දිනූ "චයිනමන්" සිංහලයට නගන්නේ දිලීප අබේසේකරය. පිටු 325ක් පුරා ඉතා කුඩා , වෙහෙසකර අකුරුද එපමණක්ම නොව කිසිම හැඩයක් නැති දළ රූප සටහන් අතර දිව යන කතාන්දරය අතිශය සිත් ඇදගන්නා සුළුය. ඔබ මා මෙන්ම ක්‍රිකට් වලට පෙම් නොබඳින්නෙකු විය හැකිය. නුමුදු මේ කතාව ක්‍රිකට් පිටියක සිරවී නොතිබෙන දසත සිසාරා පැතිරෙන කතා ප්‍රවාහයකැයි වටහා ගන්නට පළමුවැනි පිටු 50 කියවීම පමණක් සෑහේ. එතැන් සිට ඔබ වද වන්නේ ක්‍රිකට් පිළිබඳව ඔබගේ අල්ප හෝ ශූන්‍ය වූ දැනුම පිළිබඳ නොව , කතුවරයාගේ දැනුම සහ පූර්වාපර සිදුවීම් වල ගැලපීම පිළිබඳවය. ඔහුගේ ගවේෂණාත්මක තොරතුරු වල ඇදහිය නොහැකි නිරවද්‍යතාව සහ යෝග්‍යතාව පිළිබඳවය .

    ශෙහාන්ගේ ලිවීමේ රටාව විටෙක සිහියට නගන්නේ "රොහින්ටන් මිස්ට්‍රි" ගේ "A Fine Balance" කෘතියයි. විවිධ දිශාවන්හි විහිදුණු , විවිධ කාලයන්ට අයත් සිදුවීම් මනාව ගලපන මිස්ට්‍රි ගේ සංයමය ශෙහාන් තුළ නැත. විකට්ටුව උදුරා අහසට ඇද දමන මැල්කම් මාර්ෂල් ගේ බිහිසුණු වේග පන්දුවක් මෙන් චයිනාමන්හි සියලුම සිදුවීම් සුණු විසුණු කර අවුල් කර දමන ශෙහාන් කරුණාතිලක අපට බල කරන්නේ ඒවා අසුලාගෙන පිළිවෙලකට තබා කියවීමටය. පුදුමය වන්නේ ශෙහාන් ටත් දිලීපටත් ඒත් මදි නම් ප්‍රදීප් මැතිව්ටත් කුද ගසා ගන්නැයි කියා පොත විසිකර දමන්නට නොසිතීම ය . චයිනාමන් තුළ ඇති වාජීකරණ බලය ඒ කුඩා අකුරු කෙරෙහි නැගෙන නොරිස්සුම ද ප්‍රේමයකට පරිවර්තනය කරන්නට සමත් ය. තරග පාවාදීම් , ක්‍රිකට් පාලක මණ්ඩල අවුල් වියවුල් , ක්‍රීඩකයින් අතර ඇති තරගකාරීත්වය , ඔට්ටු දමන්නන් , බුකී කරුවන් , පාතාලය සහ තනි නොතනියට එල්.ටී.ටීය ද සිටින චයිනාමන් විටෙක අරාබි නිසොල්ලාසය බඳුය. එය මොරටුවේ කුරේ පාර්ක් එකෙන් ද , ටිරෝන් ප්‍රනාන්දු පිටියෙන් ද නොසෑහී ලොව වටා ක්‍රීඩා පිටි ද සමාජ ශාලා ද , රූ රැජණ තරග අතර ද නිදහසේ පා වී යන්නේය.

    ප්‍රදීප් මැතිව් සොයා ගන්නට නම් ඔබ ද ඒ පසුපසම යා යුතු ය. සහතික වන සත්‍යයකි. ඔබ ඔට්ටුපාලු බෝලයකින් වත් ක්‍රිකට් ගසා නැති වීමට පුළුවන. අඩුම තරමේ එක් පන්දුවාරයකට ඇති පන්දු සංඛ්‍යාව නොදන්නවා විය හැකිය. නමුත් ප්‍රදීප් මැතිව් සොයා යන ගමන ඔබට කිසි ලෙසකින් හෝ කම්මැලි එක විය නොහැකිය, එය එතරම් මාර ය.

    උපුටා ගැනීම කසීර
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මං කියවපු ලස්සනම පොතක්... මගේ collection එකේ මට වටිනම පොත...
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    :love::love::love:

    මමත් කියවන්න බොහෝම ආසාවෙන් ඉන්න පොතක්
    ඉක්මනටම ගන්න ඕනෙ:yes::yes:

    මට මතක විදියට මං ගත්තෙ සරසවි එකෙන්.. නුගේගොඩ