චාතූර්‍ය සෙනරත

චාතූර්‍ය සෙනරත

වයිබර් මැසේජ් එකක් පමණි

කතෲ අඥානයි .කමා කළ මැන.අපහාසයට වඩා උපහාසයටමය

===චාතූර්‍ය සෙනරත නීලවල්ල ගං දමනය කතාවත්තුව====

පෙරැ එක් සමයකැ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ටසිරිලක රාජ්‍ය විචාරන කල්හී එක් බක් මහකැ නව වසරැ එළැඹියාහුය.. ජනී ජනයා ඉෂි අම්මාට බබා ලැබුනු කළකැ මෙන් සුවෙන් සැපෙන් වසරමැ හෙළුකොට්ටෙන් සිටියාක් මෙන් පොදිකකා පමුණුවෙන් සළු පිළිද ගනිමින් කැවුම් බදිමින් බිබික්කම් හදමින් අවුරුදු සමරන්නාහ..
එකල රාජ්‍ය අවුරුදු නක්ෂත්‍ර කමිටුව රැස්වූ කල්හී පෝර්නයෙහි කෙළ පැමිණි ජොනීසින්සානුවන් මෙන් ජෝතිසසාස්ත්‍රයේ කෙළ පැමිණි මහා නැකැත් කරුවෝද කාරියෝදැ යුහුසුළුවැ නැකැත් හදන්නාහ. හිරු උදාවන කල බලන්නාහ. තාරකා පිහිටුම් විමසන්නාහ.. මෙසේ විමසනා කල්හී ටසිරිලක සමෘද්ධිය දැක අල්ලපු ගෙදර කතගේ රුව දැක ඊර්ෂ්‍යාවෙන් පැලෙන සීසීටීවී ඇන්ටියෙකු මෙන් බටහිර කුමණ්ත්‍රණ කරුවෝ නැකැත්කරුවෝ විසූ කුටියටැ මහා බලගතු කඩියෙකු එවන්නාහ.. මේ කඩි තෙමේ ප්‍රධාන නැකැත්තාගේ පශ්චාත්භාගය දශ්ඨ කළ කල්හී හෙතෙමේ විදුලිසැර වැදුනාක් මෙන් තට්ටම අතගා නැගීසිට හොත්තේයැ.. මේ සැනම තාරකා විමසා සිටි ගණිත මිණිත සමීකරණ උඩුයටිකුරුවැ අපරභාගය පූර්වභාගයමැ විය..
ඉදින් මත්වන බව නොමදැන කසිප්පු බිව් කලෙකැ මෙන් වැරදි නැකැතින් ටසිරිලක නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝද රටවැසියෝදැ නව වසර සමරන්නාහ..

අහෝ ගතවූයෑ මසකි. මධුසමයෙන් පසු මසෙහිමැ දරුවකු කුස පිළිසිඳගන්නාක් මෙන් නැකැතෙහි ශාපය ටසිරිලකටම දැනෙන්නට වන්නාහ..
අප්පච්චී පැරැදී මන්දමූලනයට ගියාක් මෙන් ගුවන් ගැබ මහා ගණාන්ධකාරයකින්මැ ඇතිරුණාහ.. එන්‍රිකාණන් පැමිණි කල වේදිකාවට තනපට පැමිණියාක් මෙන් බ්ලොග් ගල් තරම් වැහි බිඳු ටසිරිලක මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලටද දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසිද වැටෙන්නට වන්නාහ..බ්ලෙන්ඩරයට දැමූ පොල් කිරි කෝප්පයක් මෙන්මැ බෙංගාල බොක්කේ වායු ධාරාවෝ සුළි නග නගා බමන්නට වන්නාහ.. පස් කඳු නාය ගියාහුය...
මෙසේ සැඟවී සිට භයානකාන්දමින් පහර දුන් නියා මෝරා ලෙස මේ උවදුර නම් කරන්නාහ..
අහෝ වැටෙනා මහා වර්ෂා උහුලාගනු නොහී ටසිරිලක මහා ගංගාවෝ දම්සාරි ඇක්සිඩන්ට් වුනු සොවින් හැඬූ පවන්ගේ කඳුලැලි ඉතිරී ගියාක් මෙන් දෙගොඩ තලා ගියාහුය..
මෙසේ චන්ඩ වූ නදී තොමෝ බොහෝ මනුස්‍ය ජීවිතද දේපොළ ධනස්කන්දය ද ගෙනැමැ මුහුද බලා ගලන්නට වන්නාහ.. ටසිරිලක ප්‍රාන්ත සියල්ලකමැ පාහේ දිය ගලනා කල්හී පුදුකුඩුඉරිප්පුවක් මෙන්මැ ටසිරිලක දිස්වන්නට වන්නාහ.
ඉදින් ශාපයේ මහිම කොතරම්දැයි කියනවානම් වර්ෂාවටැ පෙර විදෙස් ගත්වූ ව්‍යසන භාර ඇමතියාට නැවත මෙහි පැමිණෙන්නට නොහැකි ලෙසින් යක්ෂයෝ ස්කල එයාර්ලයින්ස් බන්ධනය කළාහුය...

අනෙක් ගංගාවෝ කෙමෙන් ගලා යද්දි තව තවත් ඡන්ඩ වූ නිල්වලා නදී තොමෝ ස්වප්නාගේ අනුවනකම් දැක කෝප වූ නැන්දම්මා මෙන් දෙගොඩ තලමින් ගම් බිම් යටමැ කරමින් ගලන්නාහ..
අම්බුජා සිමෙන්තියෙන් කොන්ක්‍රීට් දැමුවද සිඳී යන තරමටමැ වේලි බැමි බිඳිමින්මැ ගලන්නාහ.මෙත්පල් නිරිඳානෝද ජනී ජනයා ද අහෝ අපට වූ විපතක්මැ... මෙයින් අප මුදවාලනුයි කියමින් සක් දෙවිඳුන්ට කන්නලව් කරන කල්හී මේ පුවත් සැලවූ සක් දෙවිඳු තමන්ට ස්වභාවධර්මයා පාලනය කළ නොවන බව දැන උපාය යොදවා සක් විස්කම් දෙවිඳු පවා උපකාර ගන්නා චාතූර්‍ය සෙනරතාණන්ගේ උණ්ඩුකපුච්ඡය ට අධිගෘහිත විය..
සිරියානු භූමියෙහි අයිසීසානු ත්‍රස්තයන් හා සටන් වැදීමටැ සෝවියටානු මහාධිරාජ්‍යයේ පුටිනාධිරාජ්‍යයාට යුධ සැලසුම් නිමවමින් සිටි අප මහා චාතූර්‍ය සෙනරතාණෝ සිය උණ්ඩුකපුච්ඡයෙහි කම්පණය දැන උගුරට අත දමා එය ගලවා පසෙකින් තැබීමට සැරසූ කල්හී රිමෝටයේ වැදුණු බාහුවෙන් ජාතික රූපවාහිනිය දිස්වියැ..
අහෝ ටසිරිලක ජනයාට නීලවල්ල නදියෙන් වූ විපත දුටු චාතූර්‍ය සෙනරතාණෝ ඇමතුම අසා කෝපයෙන් දැවුනු රහලාණන් මෙන් කෝපාග්නියෙන් දැවි දැවී
"ඩේයි විඩමා මා මා මා මා මා මා මා ටා...."
කියා සිංහනාද කර සුවිමින් කිටයද පසෙක ලා නැශනලය පිටින් තෙමේම වහලය මතට නැග එතැනින් යමින් සිටි මිහින් ලංකා යානයක තටුවක වවුලෙකු මෙන් සරම පිටින්මැ දෙපයින් එල්ලී මත්තල වරායට ගොඩබට හොත්තේය..

අහෝ මහා පුදුමයක්මැ.. දීපිකා පදුකෝන් දුටු කළෙකැ මෙන් මරණ බියෙන් තැතිගත් මහා ජනතාවෝ ඉදින් අප දැන් ගැලවුනාහුය.. හෙතෙමේ පැමිණියාහුයැයි කියා.. ඔල්වරසන් නගන්නාහ..
චාතූර්‍ය සෙනරතාණන් ගේ මහේශාක්‍ය ආඪ්‍ය කෙතරම්ද යත් වෝල්ඩ්මෝර්ටාණුවන්ට මෙන් ඔහුගේ නාමය කිසිවකුත් උච්ඡාරණය නොකරති..හෙතෙමේ ලෙස පවසන්නාහ..

මෙසේ හෙතෙමේ වහා ඡන්ඩ ලෙස ගලමින් සිටි නීලවල්ලා නදිය ඇති රුණුණට ගමන් කරන්නාහ..
ඈත රැලි නග නගා ඡන්ඩව ගලනා නීලවල්ලා නදියයැ.
මෑත රුහුණ සනහ සනහා වඩිනා චාතූර්‍ය සෙනරතාණෝයැ..
ඈත දෙගොඩ තලමින් ගම්බින් වනසනා නීලවල්ලා නදියෝයැ..
මෑත බබාලා වඩාගනිමි ඔවුන් නළවමින් වඩිනා චාතූර්‍ය සෙණරතාණෝය..
ඈත හෝ හෝ ශබ්ධයෙන් දෙකන් බිහිරි කරමින් රකුස් වෙසින් ගලනා නීලවල්ලා නදියෝයැ..
මෑත " බා බා බා බා බා බය වෙන්නෙපා.." කියමින් තුන්බිය නැතිකරමින් වඩිනා චාතූර්‍ය සෙනරතාණෝ ය..

මෙසේ එතුමාණෝ මහා මාර්ග විසල් ගොඩනැගිලි පවා එක දිය පහරින් කඩා සුණු විසුනු කළ නීලවල්ලා නදිය අසබඩට ගමන් කරනා කල්හී ගම්වැස්සෝ එතුමාණන්ගේ දෙපාමුළ වැටී අහෝ මහේශාක්‍ය සිංහයාණෙනි.. ගලන ගඟකි ජීවිතේ.. ඔබේ දිවි තොර වුවහොත් අප මෙහි සිට කුමක් කරව.. එනිසා නොයනු මැන. අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා යන්න.. ගං දිය සැඩයි කුමරුණි..කියා කන්නලව් කරන්නාහ .
සිනා පහරින් පා තැබූ එතුමාණෝ ඉවුරට බටහ..
ගංදියෙහි සැඩ පහරට ගසාගෙන යමින් සිටියාවූ ලයිෆ් ජැකටයක් මැති තුමනි මා ගලවාගනු මැනයි කියා එතුමාණණ්ගේ ළයෙහි එල්ලී සිටියාහ..ජනයා විශ්මිතව දෙනෙත් අයා බලා සිටින්නාහ..

සොර මුළ දුටු රැජිනි කාන්ත් මෙන් ගං දියට එතුමාණෝ පා තැබූහ.. එය සිව් වරක් තැබුවාක් මෙන් දිස්විය.. සරම වලාපට ගසා ගත් එතුමාණෝ..

""නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මා මා මා මා මා මා මා මා මා මා මා මා මාදිරී....."" කියා සිය බඹයක් දිග දබරැඟිල්ල ඔසවා සිංහනාද කළාහ..

එතුමාණෝ ගංදිය මතින් ඇවිදයන්නට වන්නාහ.. අහෝ විශ්මයකි. මෙතෙක් සැඩව ගැලූ ගං දිය නීල මහා යෝධ තෙමේ යගධාවෙන් දෙබෑ කළාක් මෙන් දෙබෑවී චාතූර්‍ය සෙනරතාණන්ට මග සලසා දෙන්නට වන්නාහ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගංදියෙහි සැඩ පහරට ගසාගෙන යමින් සිටියාවූ ලයිෆ් ජැකටයක් මැති තුමනි මා ගලවාගනු මැනයි කියා එතුමාණණ්ගේ ළයෙහි එල්ලී සිටියාහ :lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගංදියෙහි සැඩ පහරට ගසාගෙන යමින් සිටියාවූ ලයිෆ් ජැකටයක් මැති තුමනි මා ගලවාගනු මැනයි කියා එතුමාණණ්ගේ ළයෙහි එල්ලී සිටියාහ :lol: 2.
     
    • Like
    Reactions: amoeba2576
    ගංදියෙහි සැඩ පහරට ගසාගෙන යමින් සිටියාවූ ලයිෆ් ජැකටයක් මැති තුමනි මා ගලවාගනු මැනයි කියා එතුමාණණ්ගේ ළයෙහි එල්ලී සිටියාහ :lol:3