චීනයේ ලංකා ආක්‍රමණය ඇත්තක්ද?
චෙං හෝ සෙන්පති
චෙං හෝ පළමුවරට ලංකාවට පැමිණියේ ආක්‍රමණය සඳහාය.ඔහු නෞකා 62කින් සමන්විත නාවික හමුදාවක් සමග චීනයෙන් පිටත්ව තිබේ.ඔහුගේ පළමු ආක්‍රමනය ක්‍රි.ව.1405දී සිදුවී තිබේ.
මෙම කාලයේ මෙරට දේශපාලන ස්ථාවරභාවයක් තිබි නැත.අලකේශ්වර වරුන් රටේ කොටසක බලය තහවුරුකරගෙන සිට තිබේ.නමුත් කුමාර අලකේශ්වරයන්ගෙන් පසු බලය උදෙසා අලකේශ්වරුන් අතරම ගැටුම් ඇතිව තිබේ.විර අලකේශ්වර ක්‍රි.ව. 1399 සිට වසර 12ක් මෙරට පාලනය කර තිබේ.චීන ආක්‍රමණය සිදුවන්නේ ඔහුගේ පාලන සමයේය.චෙං හෝ ගේ දෙවන ආක්‍රමණයේදී ඔවුන් වීර අලකේශ්වරයන් අල්ලාගෙන චීනයට ගෙන ගියබවට චීන වාර්තාවල සදහන්වේ.ඒවාහි ලංකා පාලකයා "අලිකුනෙයි වුයුල්" නමින් හඳුන්වා තිබේ.නමුත් මෙලෙස චීනයට ගෙන ගියේ දඹදෙණියේ 9වන වීජයබාහු යැයි රාජාවලියේ කියයි.
6වන පරක්‍රමබාහු රජ වීමෙන් පසුවත් චෙං හෝ ගේ බලපෑම පැවතුණුබව පෙනේ.
හයවන පරාක්‍රමබාහු රජු
පරාක්‍රමබාහු රජතුමාගේ ලාබාල අවධිය පිළිබඳව තොරතුරු අප්‍රකටය.චීන තර්ජන නිසා මෙසේ අප්‍රකටව වෙසෙන්නට ඇත.මහා වීදාගම ස්වාමී යටතේ ඇතිදැඩිවූ මොහු 16 වන වියේදී රයිගම පාලකයා විය.1403දී චීන අධිරාජ්‍යයා බවට පත්වූ යුං ලෝ රාජයාගේ සෙන්පති චෙං හෝ පෙරදිග ආක්‍රමණය කිරීමට පිටත්විය.ඒ අනුව 1405දී ඔහු ලංකාවට ආවේය.ක්‍රි.ව.1412දී ඔහු නැවත වරක් මෙරට ආක්‍රමණය කල බවට තොරතුරු තිබේ.6වන පරාක්‍රමබාහු රජු චීනයට කප්පම් ගෙවූ බව ඉතිහාසඥයෝ සලකති.එහෙත් ක්‍රි.ව.1422-32 අතර කාලයේ කප්පම් ගෙවීම නතර කල බව කියවේ.එහෙත් චීනයෙන් එල්ලවූ තර්ජන නිසා යළිත් කප්පම් ගෙවන්නට පරාක්‍රමබාහු රජුට සිදුවී තිබේ.ඇතැම් විටෙක බලය තහවුරු කිරීම ගනු පිණිස ඔහු චීන ආධාර පැතූවේ යැයි සිතිය හැකිය.
Source:ඓතිහාසික කෙටි සටහන්
-HarshaLulzSec-

- aka : napunsakaya. 