චීන පටස්‌ පරදන හක්‌ක පටස්‌

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චීන පටස්‌ පරදන හක්‌ක පටස්‌

    hakka1.th.jpg



    ලංකාවේ මිනිස්‌සු චීන්නුන්ටත් වඩා දක්‍ෂ වී තිබේ. ගිනිකෙළි කර්මාන්තයේ උපන් හපන්කම් ඇති චීන ජාතිකයන් "චීන පටස්‌" නිපදවනු ලැබුවේ උත්සව අවස්‌ථාවලදී භාවිතයට ගැනීම පිණිසය. එහෙත් චීන ජාතිකයා නිෂ්පාදනය කළ චීන පටස්‌ වලට වඩා ලංකාවේ අය නිපදවන "හක්‌ක පටස්‌" අද මුල්තැනක්‌ ගෙන තිබේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hakka2.jpg



    "හක්‌ක පටස්‌" යන නම බොහෝ දෙනකුට නුහුරු නුපුරුදු නමක්‌ විය හැකිය. "පටස්‌" වර්ග යනු පුපුරණ යන අර්ථයෙන් බිඳුණු වදනකි. පටස්‌ වර්ග අතර ඉතා ජනප්‍රිය මෙන්ම ප්‍රබලම පටස්‌ වර්ගය චීන පටස්‌ වුවත් අපේ ලංකාවේ ගොවියන් මෙන්ම ගොයියන් විසින් නිපදවනු ලබන "හක්‌ක පටස්‌" චීන පටස්‌ පරදවා තිබේ. "හක්‌ක පටස්‌" වලට එම නම ලැබී ඇත්තේ හක්‌ක තුළ පිපිරෙන නිසා විය හැකිය.

    "හක්‌ක පටස්‌" නිපදවන ආකාරය පිළිබඳව පූර්ණ විස්‌තරයක්‌ සොයා ගැනීමට හැකි වුවත් එම ක්‍රමය මෙහි සඳහන් නොකර වූයේ තවත් හක්‌කවල් කීපයක්‌ පුපුරවා වන සතුන් මරා දැමීමට හවුල් වී මටද පාපකර්මයක්‌ සිදුකර ගැනීමට ඇති අකමැත්තත් වල් සතුන්ට මම ඇති ආදරයත් නිසයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "හක්‌ක පටස්‌" නිපදවන ආකාරය පිළිබඳව මම විස්‌තර ඉදිරිපත් නොකළද අද වෙළෙඳ පළේ "හක්‌ක පටස්‌" කිලෝ ගණනට මිලදී ගැනීමට හැකියාව ඇත. උතුර උතුරු මැද පළාත්වල වෙළෙඳ සල්වල විවිධ වර්ගයේ කොළ වලින් ඔතන ලද "හක්‌ක පටස්‌" ඕනෑම ප්‍රමාණයක්‌ මිලදී ගත හැකිය.

    වෙළෙඳ සල්වල ගොඩ ගසා ඇති මෙම "හක්‌ක පටස්‌" උත්සව අවස්‌ථාවලදී භාවිත කිරීමද සිදුකරයි. එහෙයින් වෙළෙඳුන්ට මේ "හක්‌ක පටස්‌" අලෙවි කිරීමේදී කිසිදු ගැටලුවක්‌ උද්ගත නොවෙයි. ඊට හේතුව උත්සව හා සැණකෙළි භාණ්‌ඩ අලෙවි කිරීමට මේ රටේ තහංචියක්‌ නොමැති කම නිසාය.

    නමුත් ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම මිනිසුන් යම් අවශ්‍යතාවක්‌ සඳහා නිපදවන ලද භාණ්‌ඩ වෙනත් වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමට රුසියෝ වෙති. පරමාණුව සොයාගත් පුද්ගලයා ඒ තුළ ඇති ඉලෙක්‌ට්‍රොaන හා ප්‍රොaටෝනවල ආධාරයෙන් බොහෝ විද්යුත් ක්‍රමවේදයන් සකස්‌ කිරීමට ඉදිරි පරම්පරාවට අවකාශ සලසා දෙන ලද නමුත් මිනිසා සිදුකළේ මුලින්ම පරමාණු බෝම්බය නිපදවා ලොවෙන් භාගයක්‌ විනාශ කිරීමය.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝකයේ මිනිසුන් කුමක්‌ කළත් අටුව කඩා පුටුව හැදීමට දක්‍ෂයන් සිටින්නේ අපේ රටේය. කෘෂි භෝගවලට දැමීමට නිර්දේශිත යූරියා දමා හොඳ පදමට සූර්වන කසිප්පු පෙරන්නේ ලාංකිකයෝය. මැද පෙරදිග රැකියාවට පවා ගොස්‌ කසිප්පු පෙරන ලාංකිකයෝ අවසානයේදී රැකියාවද අහිමි කරගෙන ආපසු පැමිණෙති. විනෝද වීම පිණිස නිපදවන ලද කඩදාසි කුට්‌ටමේ කොළ 56 ටම සෙල්ලම් 56 ක්‌ සාදාගෙන බූරු ගසා මුදල් හම්බ කරන්නේද ලංකාවේ පමණි. මේ ආදී වශයෙන් යම් යම් අවශ්‍යතාවන් සඳහා නිපදවන ලද දේ වෙනස්‌ කොට ඉන් වෙනත් වෙනත් අවශ්‍යතා ඉටුකර ගන්නට අපේ අය සමත්වී සිටිති.

    "හක්‌ක පටස්‌" කතාවද එසේමය. "චීන පටස්‌" මෙන් නිපදවන හක්‌ක පටස්‌ උත්සව සමයේ විනෝදය සඳහා නිපදවනු ලැබුවත් දැන් ඉන් සිදුවන්නේ වෙනත් දෙයකි. "හක්‌ක පටස්‌" යොදාගෙන වල් ඌරන් මැරීමට පුරුදු වූ මිනිසුන් ප්‍රමාණය වැඩි වෙත්ම "හක්‌ක පටස්‌" කන්නට පැමිණෙන සතුන් ප්‍රමාණයද වැඩිවී තිබේ. මස්‌ බුදීමට ඇති කෑදරකම හේතුවෙන් "හක්‌ක පටස්‌" යොදා වල්ඌරන් මැරීමට මිනිසුන් පුරුදුවී ඇතත් දැන් "හක්‌ක පටස්‌" වලට ගොදුරුවන්නේ වල් අලින්ය. මේ මාසය තුළදී වන්නි කලාපයේදී පමණක්‌ වල් අලි හතර දෙනකු "හක්‌ක පටස්‌" කන්නට ගොස්‌ මියගොස්‌ තිබේ. ඒ අතර ඉතාම දුර්ලභ ගණයේ ඇත් පැටවකු සිටීම ඉතාම කනගාටුදායකය.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "හක්‌ක පටස්‌" සතුන් විසින් කා දමන්නේ මන්දැයි යන්න දැන් ඇතැම් විට ඔබට ප්‍රශ්නයක්‌ විය හැකිය. නැහැ කිසිදු සතෙකු හක්‌ක පටස්‌ කන්නේ නැත. "හක්‌ක පටස්‌ යනු පිපිරීමක්‌ සිදුවන දෙයකි. රතිඤ්Æ ගණයේ වුවත් රතිඤ්Æවට ගිනි දැල් වූ පසු පත්තුවේ. එහෙත් "චීන පටස්‌" පත්තු වන්නේ පොළොවේ ගැසීමෙනි. යමක ගැටී තදවන විට පත්තුවන ආකාරයට නිපදවා ඇති "චීන පටස්‌" ඇත්ත වශයෙන්ම ප්‍රාථමික ගණයේ බෝම්බ විශේෂයකි. කෙසේ වුවත් "චීන පටස්‌" ගෙන ඒ වටා පොළිතින් කවර ඔතා ඇතුළට ජලය නොයන ලෙස සකස්‌ කර ගන්නා බෝලය මත විවිධ දේ තවරයි. ඇතැමුන් පාන් පිටි තවරයි. එවිට එය රොටී සෑදීමට ගන්නා ගුලියක්‌ මෙනි. තවත් සමහරු කෙසෙල්, අඹ වැනි පළතුරු "චීන පටස්‌" ගුලිය මත තවරයි. අල වර්ග, සුවඳ හමන ද්‍රව්‍ය ගණනාවක්‌ වුවද මේ සඳහා යොදා ගත හැකිය. මී කතුර අටවන පුද්ගලයා මීයාට ඇමක්‌ වශයෙන් පුළුස්‌සන ලද පොල් කෑල්ලක්‌, කරවල කෑල්ලක්‌ මී කතුරේ බඳින්නාක්‌ මෙන් සතුන් කෑමට ප්‍රිය යමක්‌ "චීන පටස්‌" බෝලයේ පිට ආවරණය මත තවරා කැලයේ තැනින් තැන තබති.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වල් සතුන් පැමිණෙන විට මේ "චීන පටස්‌" ගුලියේ සුවඳ දැනී එය කෑමට පටන් ගනී. හක්‌කට ගෙන එය හපන්නට සූදානම් වනවාත් සමගම "චීන පටස්‌" ගුලිය සතාගේ හක්‌ක තුළ පිපිරී යැමෙන් සතාගේ උඩහක්‌ක යටහක්‌ක වශයෙන් ඇති හකු දෙකට ගැලවී දෙපැත්තට යයි. ඔලුව කැබලි දෙකකට කැඩී කුඩා සතුන් මියගිය අවස්‌ථාද දැකිය හැකිය. හක්‌ක තුළදී පිපිරී සතුන් මියයන නිසා මීට හක්‌ක පටස්‌ යන නම භාවිත කළද "හක්‌ක පටස්‌" පිපිරී සතෙකු මියගොස්‌ සිටින අයුරු හෝ හක්‌ක පටස්‌ පිපිරීමත් සමගම සතා මියයන්නට දඟලන ආකාරයත් එම සතාගෙ ඔලුවේ කොටසක්‌ නොමැතිව විරූපී වී දඟලන අයුරුත් ඔබ යම් දිනක දුටුවහොත් කිසිදා ඔබ මස්‌ බුදින අයෙකු වන්නේ නැත. එම දර්ශනය එතරම්ම ශෝකාකූල මෙන්ම ජුගුප්සාජනකය. එම දර්ශනය ඔබ මෙතෙක්‌ දැක නැත්නම් ඔබ වාසනාවන්තය.

    කෙසේ වෙතත් වල් ඌරා ඉවක්‌ බවක්‌ නැති සතෙකි. හැමදේම කන ඌ "චීන පටස්‌" ගුලියේ ඇති අලයට, පලතුරට ගිජුවී ඌ එය සපා කන්නේ ඒ මැද උගේ මාරයා සැඟවී ඇති බව නොදැනය. වල් ඌරාගෙන් ඇරඹුණු මේ "හක්‌ක පටස්‌" කෙළිය සෙසු සතුන් කරා ගොස්‌ කැලයේ සිටින බුද්ධිමත් සතා ලෙස සලකන වල් අලියාටද පැමිණ තිබේ. ඉතා කුඩා වූ "චීන පටස්‌" ගුලියකට මහා දැවැන්ත වල් අලියෙකු මැරිය හැකි යෑයි අපට කිසි විටෙකත් සිතා ගැනීමට පවා නොහැකිය.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නමුත් ඉකුත් සතියේ වවුනියාව කනගරයන්කුලම ප්‍රදේශයේදී පුංචි ඇත් පැටවෙකු "හක්‌ක පටස්‌" උවදුරට ගොදුරු වී මිය යැමෙන් පසුව පොලිසියටත්, යුද හමුදාවටත්, වනජීවී නිලධාරීන්ටත් මේ "හක්‌ක පටස්‌" උවදුර මර්දනය කරන්නට අවශ්‍ය බව වැටහී ගොස්‌ තිබේ.

    වවුනියාව කලාපයේ වනජීවී නිලධාරි ඩබ්ලිව්. ඡේ. කේ. හේරත් මහතා පසුගිය මාසයේ වල්අලින්ගෙන් මිනිසුන්ට සිදුවන හානි අවම කරවීමට වල් අලි කැලයට පලවා හැරීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළේය. අපි ඒ පිළිබඳවද මෙවැනි ලිපියකින් කරුණු අනාවරණය කළෙමු. දැන් හේරත් මහතාට මිනිසුන්ගෙන් වල් අලින්ට සිදුවන හානි අවම කරවීමටද පියවර ගැනීමට සිදුවී තිබේ.

    "හක්‌ක පටස්‌" උවදුර නිසා වන සතුන්ට සිදුවන හානි ගැන ඔහු දැඩි සංවේගයෙන් යුතුව කතා කළේය.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "හක්‌ක පටස්‌" ගෝනි ගණන් තියෙනවා කඩවල විකුණන්න. මිනිස්‌සු ඒවා අරන් ඇවිත් සතුන්ට දාලා සත්තු මරනවා. වල් ඌරන්ට "හක්‌ක පටස්‌" දාලා වල් ඌරෝ හතර දෙනෙක්‌ මරපු මිනිස්‌සු තුන් දෙනෙක්‌ අල්ලා ගත්තා. ඔවුන්ට රුපියල් 75000 ක්‌ දඩ ගහලා නිදහස්‌ කළා. දැන් මේකෙ භයානකම තත්ත්වය වල් අලි "හක්‌ක පටස්‌" වලට ගොදුරුවෙලා මිය යැමයි. නොවැම්බර් මාසෙ ඇතුළත "හක්‌ක පටස්‌" කාලා අලි හතර දෙනෙක්‌ම මැරුණා. අවසානයට මැරුණේ අවුරුදු තුනහමාරක ඇත් පැටවෙක්‌. ඌ ඉතාම දුර්ලභ ගණයේ ඇත් පැටවෙක්‌. අඩි එකයි තුන් කාලක්‌ දිගට උගේ දළ ඇවිත් තිබුණා. මේ තත්ත්වය ඉතාම දුර්ලභ තත්ත්වයක්‌. ඒත් ඒ ඇත් පැටවට "හක්‌ක පටස්‌" හන්දා ජීවිතය නැති වුණා. දැන් අපේ රටේ නීති වෙනස්‌ වෙන්න ඕනේ. පුපුරණ ද්‍රව්‍ය පාලකවරුන් එක්‌ක මේ "හක්‌ක පටස්‌" උවදුර ගැන අපි කතා කරන්න ඕනෑ.

    හේරත් මහතා මේ කතාව ප්‍රකාශ කළ දිනයට පසුදින සිදුවූ අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී වනජීවී කටයුතු සම්බන්ධයෙන් වූ අමාත්‍ය ධුරය හිමිවී ඇත්තේ උතුරුමැද කෘතහස්‌ත දේශපාලනඥයෙකු වූ එස්‌. එම්. චන්ද්‍රසේන මහතාටය. "හක්‌ක පටස්‌" උවදුර ආරම්භ වන කලාපයේම ජීවත් වන මේ ඇමැතිතුමාට ගොවිජනයා ගැන හොඳ අවබෝධයක්‌ තිබේ. එමෙන්ම කැලයේ සිටින සතා සිව්පාවා ගැනද කොළඹ රටේ සිටිනා අමාත්‍යවරුන්ට වඩා හොඳ අවබෝධයක්‌ හා උන්ගේ වටිනාකම ගැන තේරුමක්‌ බේරුමක්‌ තිබේ. එහෙයින් අමාත්‍ය ධුරය ලැබී එතුමා පිළිගැනීමෙන් අනතුරුව "හක්‌ක පටස්‌" උවදුර මර්දනය කිරීමටත්, වන සතුන් මිනිසාගෙන් බේරා ගැනීමටත් මිනිසා වන සතුන්ගෙන් බේරා ගැනීමටත් එතුමා යම් ක්‍රමවේදයක්‌ අනුගමනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

    http://www.divaina.com/2010/11/28/feature01.html
     
    • Like
    Reactions: Hirushine

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මම මෙහෙම දෙයක් දෑක්කමයි ... මට තේරෙන්නෑ මොනවා කියන්නද .... කියලා.... කොහොම හරි තවත් අපරාදයක් තමා....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් මචන් ඔය හක්ක පටස් එපා කරපු දෙයක් මම යලුවෙක්ගෙ ගෙදර ගියා උඩුගම(ගාල්ලෙ)
    උන්ගෙ ගෙ ලග ටිකක් කැලෙ වගෙ :rolleyes:රබර් වත්තක් කිට්ටුව තියෙන්නෙ :D
    එහා ගෙදර එකා හක්ක පටස් එකක් ගෙනවා ගෙනල්ලා රැ කැම වගයක් එක්ක උරෙක්ට තිව්වා
    රැ ජමෙට මහා සද්දයක් අවා යලුවා කිව්වා උරෙක් අරක කන්න ඇති කියලා:(
    උදෙ ගිහිල්ලා බලන කොට දැක්ක දෙයින් එපා වෙලා ගියා
    යාලුවගෙ බල්ල ඉන්නවා ඒත් ඔලුවෙ කැලි තැන් තැන් වල:baffled: