චුථි සිත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    කෙනෙක් මැරෙන මොහොතෙ හටගන්න අන්තිම සිතට අනුවලු නේද ඊළඟ භවේ කොයි වගේ වෙයිද කියල තීරණය වෙන්නෙ..
    මෙහෙම හිතමු. යහපත් කෙනෙක් අන්තිම මොහොතෙ තරහෙන් මැරෙනව..
    ඒ ක්‍රෝධ සිතුවිල්ලට අනුව තමා ඊළඟ උත්පත්තිය තීරණය වෙන්නෙ..
    සිත් හට ගන්නෙ එකකට පස්සෙ එකක් විදියට, මේ ක්‍රෝධ සිතට යටින් තියෙන එයාගෙ යහපත් සිත් ටික, මේ සිතට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
    සිතක් හට ගෙන නැති වුණාට, කෙනෙක්ගෙ චරිත ස්වභාවෙ කියන්ඩ, මේ සිත් ඔක්කොම ටික ඕන වෙනව නේද, ..
    සිතකින් සිතකට මාරු වෙද්දි එකකට එකක් සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
    මනුස්සයෙක්ගෙ ගති ගුණ ඔක්කොම කොහොමද එක හිතකින් තීරණය වෙන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Bekam

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔච්චර හිතන්න එපා.. බන් ඔය ඔක්කොම දේවල් වචනයේ පරිසමාප්ත අර්තයන්ම ගන්න එපා... ඔය කියල තියන දේවල් වල මූලික හරය ගත්තම හරි... එකියන්නෙ සරලව ගත්තම අපි හොද දේවල් කරාම අපිට හොද දේවල් වෙනව...එච්චරයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔව් ඔච්චර හිතන්න එපා.. බන් ඔය ඔක්කොම දේවල් වචනයේ පරිසමාප්ත අර්තයන්ම ගන්න එපා... ඔය කියල තියන දේවල් වල මූලික හරය ගත්තම හරි... එකියන්නෙ සරලව ගත්තම අපි හොද දේවල් කරාම අපිට හොද දේවල් වෙනව...එච්චරයි...

    :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara uda kiyala tiyenawa wage owa genath wediya hitanna epa mchn.dan anthima sithuwilla gena baye inna epa.ekath awidyawak,mulawak.hoda de karapan.anthima mohothe tarahen marenne hariyata mind control nethi ekenek.meditate purudu wuna aya tarahen marunath kawadawath hoda wedak meditate karapu nethi ekenekge taram taraha prabala wenne ne.

    anika karmaya kiyanneth wenas wana sulu deyak.e kiyanne ube hoda karma godak tiyenawanan naraka karme ahosi wenna puluwan.anthima sithuwilath wenas wana deyak.

    mind ekai brain ekai patalawaganna hoda ne.mind eka kiyanne mulu body ekema tiyena memory ekata.mind eka kiyanne brain eka newe.sithuwillak pahalawu pamanin mind eka lokuwata change wenne ne.podi hari control ekak tiyenawanan brain eka gena mind eka adjust karaganna puluwan.

    ekai dan idanma hoda karma karanna kiyanne etakota anthima sithuwilla patta tarahak wunath eke prabalathawa adu wenna puluwan yam kisi control ekak tiyena nisa,
     
    • Like
    Reactions: AnuradhaRa

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.

    යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.

    මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.

    අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.

    අන්න හරි
    සිත නෙමේ චිත්ත වීථිය
    තැන්කියු මචං
    මෙතන තමා මට ඕන දේ තියෙන්නෙ..
    අභිධර්මය මාස්ටර් කෙනෙක් වගේ.. :)
     
    එතකොට යාලුව චුති සිත කියන්නෙ තදාරම්මණ සිතට පස්සෙ ඇතිවන සිතටද ?

    ජවන සිතකටත් සාධාරණ චෛතික 7 ඇති වෙනවද, ඒ කිව්වෙ වීථියක් ගත්තොත් ඒකෙ සිත් 18ක් ඇති වෙනව කියනවනෙ. ඒ හැම සිතකටම චෛතසික 7 ගාණෙ තියෙනවද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මට ඔය හැම වීථියක්ම ගැනම විස්තර කරල තියෙන ලින්ක් එකක් දෙන්ඩ බැරිද ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හොඳට බීල හරි කුඩු ගහල ඉන්නවෙලාවක මලොත් චුථි සිත බලපානවලුද?:baffled:
    kohoma hitiyath marenna yana welawe anthimata hitha hodata pahadili wenawa kiyalai ahala thiyenne.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එතකොට යාලුව චුති සිත කියන්නෙ තදාරම්මණ සිතට පස්සෙ ඇතිවන සිතටද ?

    ජවන සිතකටත් සාධාරණ චෛතික 7 ඇති වෙනවද, ඒ කිව්වෙ වීථියක් ගත්තොත් ඒකෙ සිත් 18ක් ඇති වෙනව කියනවනෙ. ඒ හැම සිතකටම චෛතසික 7 ගාණෙ තියෙනවද ?

    මට ඔය හැම වීථියක්ම ගැනම විස්තර කරල තියෙන ලින්ක් එකක් දෙන්ඩ බැරිද ?

    අභිධර්ම ප්‍රදීපිකා පොත කියවන්න .

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හොඳට බීල හරි කුඩු ගහල ඉන්නවෙලාවක මලොත් චුථි සිත බලපානවලුද?:baffled:

    You still have intention whether you're consious or not.loosing the 5 sences doesn't mean your brain isn't functioning.;)
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඇත්තටම මනුස්සයෙක් මැරිල ඉපදෙනවා නෙවෙයි. ස්කන්ධයන්ගේ හට ගැනීමක් හා ඒ හට ගත්ත ස්කන්ධයන්ගේ නිරුද්ධවීමක් තමයි දිගින් දිගටම වෙන්නෙ. පෘතග්ජන අපට තමයි මනුස්සයෙකු ගේ ඉපදීමකුත් මරණයකුත් තියෙන්නේ. ඉතින් "මනුස්සයා" නැමැති සංකල්පය මනසින් හදාගෙන, ඒ සංකල්පය ඔස්සේ අපි නොයෙක් ප්‍රශ්න හදාගෙන උත්තර හොයනවා. කවම දාවත් එ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඇයි? ප්‍රශ්නය වැරදියි.
    අපි ජීවත් වෙලා ඉද්දි මේ ක්ෂණය තුල යම් ධර්මතාවයක් වෙයි නම්, මැරෙන මොහොතෙත් එයම තමයි වෙන්නෙ. වර්තමාන ක්ෂනය තුලත් අපි අතීත සිදුවීම් (හොඳ/ නරක ) සිහිකර කර සතුටු/ අසතුටු වෙනවා. සතුටු/ අසතුටු වෙනවා යනු ආයතනක් (ඇස / කණ / නාසය /දිව / කය/මනස ) උපද්දවනවා. ඉතින් මැරෙන මොහොතේ ,අර අතීත සිදුවීම (කර්ම නිමිත්ත ) සිහි උනාම ,ආයතනයක් උපද්දවන්න බැරි නිසා (එනම් ශරීරය දුර්වල නිසා හෝ රෝගයක් නිසා සියලු ඉන්ද්‍රියයන් අකර්මණ්‍යයි- විඤ්ඤාණයක් හටගැනීමට ප්‍රසාදයන් පිහිටලා නැහැ ) ප්‍රතිසන්ධි සිත සුදුසු පරිසරක පිහිටනවා. එතනදීත් ස්කන්ධයන්ගේ හට ගැනීමක් මිසක්, බල්ලෙක් හරකෙක්, මිනිහෙක් ඉපදුනා නෙවෙයි.

    එහෙනම්, මරණ මොහොතේ සිදුවන්නේ මොකද්ද කියල හරියටම දැනගන්න ඕන නම්, වර්තමාන ක්ෂණය ගවේශනය කරන්න. ඒක හොයාගත්තානම්, ඔය සියලු ප්‍රශ්නවලට පිලිතුරු තමා තුලින් ම හමුවෙනවා. යතාර්තය නම් අපි හැමෝටම තියෙන්නෙත් වර්තමාන ක්ෂනය තුල ස්කන්ධයන්ගේ ඉපදීමක් හා නිරුද්ධවීමක් පමණයි. සරලව හිතල බලන්න,

    පෙර සිදුවීමක් ගැන අපි හිතනවා කියල කියන්නේ, වර්තමානය තුල මනස ක්‍රියාතමක කිරීම නොවෙද?
    අනාගතයේ කරන්න ඉන්න දෙයක් ගැන අපි හිතනවා කියල කියන්නේ, වර්තමානය තුල මනස ක්‍රියාතමක කිරීම නොවෙද?

    යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.

    අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.
    අතීත
    --------------------
    අතීතයේ මම සිටියාද?
    අතීතයේ මම සිටියේ නැද්ද?
    අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
    අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
    මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?

    වර්තමාන
    -------------------------------------
    මම ඉන්නවද? මම නැද්ද?
    මම කියල කෙනෙක් නැහැ.
    මම කියල කෙනෙක් ඉන්නවා
    ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
    කෙසේදයත් ?
    මම කව්ද?
    කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?

    අනාගත
    ------------------------------------------
    මම අනාගතයේ ඉපදෙයිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ.
    අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
    අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
    මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?

    සබ්බාසව සූත්රය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Capture.JPG

    Capture1.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සතුටු/ අසතුටු වෙනවා යනු ආයතනක් (ඇස / කණ / නාසය /දිව / කය/මනස ) උපද්දවනවා. ඉතින් මැරෙන මොහොතේ ,අර අතීත සිදුවීම (කර්ම නිමිත්ත ) සිහි උනාම ,ආයතනයක් උපද්දවන්න බැරි නිසා (එනම් ශරීරය දුර්වල නිසා හෝ රෝගයක් නිසා සියලු ඉන්ද්‍රියයන් අකර්මණ්‍යයි- විඤ්ඤාණයක් හටගැනීමට ප්‍රසාදයන් පිහිටලා නැහැ )

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    චුථි සිත ඇතුලත් චිත්ත වීථිය හොයල දාපල්ල
    මට නෙට් එකෙන් හොයාගන්ඩ බැරි වුණා

    Capture.JPG