ඇත්තටම මනුස්සයෙක් මැරිල ඉපදෙනවා නෙවෙයි. ස්කන්ධයන්ගේ හට ගැනීමක් හා ඒ හට ගත්ත ස්කන්ධයන්ගේ නිරුද්ධවීමක් තමයි දිගින් දිගටම වෙන්නෙ. පෘතග්ජන අපට තමයි මනුස්සයෙකු ගේ ඉපදීමකුත් මරණයකුත් තියෙන්නේ. ඉතින් "මනුස්සයා" නැමැති සංකල්පය මනසින් හදාගෙන, ඒ සංකල්පය ඔස්සේ අපි නොයෙක් ප්‍රශ්න හදාගෙන උත්තර හොයනවා. කවම දාවත් එ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඇයි? ප්රශ්නය වැරදියි.
අපි ජීවත් වෙලා ඉද්දි මේ ක්ෂණය තුල යම් ධර්මතාවයක් වෙයි නම්, මැරෙන මොහොතෙත් එයම තමයි වෙන්නෙ. වර්තමාන ක්ෂනය තුලත් අපි අතීත සිදුවීම් (හොඳ/ නරක ) සිහිකර කර සතුටු/ අසතුටු වෙනවා. සතුටු/ අසතුටු වෙනවා යනු ආයතනක් (ඇස / කණ / නාසය /දිව / කය/මනස ) උපද්දවනවා. ඉතින් මැරෙන මොහොතේ ,අර අතීත සිදුවීම (කර්ම නිමිත්ත ) සිහි උනාම ,ආයතනයක් උපද්දවන්න බැරි නිසා (එනම් ශරීරය දුර්වල නිසා හෝ රෝගයක් නිසා සියලු ඉන්ද්රියයන් අකර්මණ්‍යයි- විඤ්ඤාණයක් හටගැනීමට ප්රසාදයන් පිහිටලා නැහැ ) ප්රතිසන්ධි සිත සුදුසු පරිසරක පිහිටනවා. එතනදීත් ස්කන්ධයන්ගේ හට ගැනීමක් මිසක්, බල්ලෙක් හරකෙක්, මිනිහෙක් ඉපදුනා නෙවෙයි.
එහෙනම්, මරණ මොහොතේ සිදුවන්නේ මොකද්ද කියල හරියටම දැනගන්න ඕන නම්, වර්තමාන ක්ෂණය ගවේශනය කරන්න. ඒක හොයාගත්තානම්, ඔය සියලු ප්‍රශ්නවලට පිලිතුරු තමා තුලින් ම හමුවෙනවා. යතාර්තය නම් අපි හැමෝටම තියෙන්නෙත් වර්තමාන ක්ෂනය තුල ස්කන්ධයන්ගේ ඉපදීමක් හා නිරුද්ධවීමක් පමණයි. සරලව හිතල බලන්න,
පෙර සිදුවීමක් ගැන අපි හිතනවා කියල කියන්නේ, වර්තමානය තුල මනස ක්‍රියාතමක කිරීම නොවෙද?
අනාගතයේ කරන්න ඉන්න දෙයක් ගැන අපි හිතනවා කියල කියන්නේ, වර්තමානය තුල මනස ක්‍රියාතමක කිරීම නොවෙද?
යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
අන්ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.
අතීත
--------------------
අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
වර්තමාන
-------------------------------------
මම ඉන්නවද? මම නැද්ද?
මම කියල කෙනෙක් නැහැ.
මම කියල කෙනෙක් ඉන්නවා
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
අනාගත
------------------------------------------
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ.
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
සබ්බාසව සූත්‍රය