දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද
මෙහෙමයි ඕනම එකක් සාපේක්ෂයි. අශිමිට වඩා උබ ශිල්වත් කියමුකෝ, උබට වඩා බඩියා ශිල්වත්, බඩියට වඩා ගනේමුල්ලේ එකා ශිල්වත්. කවුරුත් 100% ශිල්වත් නෑ. එහෙම අය නෑ දැන් කාලේ සමහර විට කලාතුරකින් ඇති. හාමුදුරු කෙනෙක් ගත්තත් පොඩි දුශ්සිල්වත් කමක් හරි තියෙනවා. සිල්වත් කම කියන්නේ බුද්ධාගමේ හැටියට "කායවාචානං සමෝධානානං සීලං" ඒ කිව්වේ කායේ සහා වචනයේ තියෙන සංවර භාවයයි (සමාදන් වීම). නාගසේන හාමුදුරු කිව්ව විදියට ශීලය තමයි කරන්නම අමාරුම දේත්.
මම හිතන්නේ නෑ 100% ඒක පාර්ශීයව/ද්විපාර්ශීයව පිරිසිදු දාන කොහේවත් ඇති කියලා මොකද අද කාලේ කවුද 100% ශිල්වත් සමහර විට කාලාතුරකින් වගේ කෙනෙක් ඇති. ඉතින් දෙපැත්තම සිල්වත්/දුශ්සිල්වත් තමයි යම් යම් මට්ටම් වලින්. අපි ආයි කලින් එකට යම්.
එතකොට උබට දානයක් දුන්නා කියලා හිතන්න, ඒ වගේම ගනේමුලේ එකාට දානයක් දෙනවා, අශිමිට දානයක් දෙනවා. දැන් මෙතනින් වැඩියෙන් දුසිල්වත් අශිමිනේ? එතකොට ඒකෙන් ලැබෙන පින 20% වගේ, උබට දෙන දානයෙන් ලැබෙන පින 40% වගේ, ගනේමුලේ එකාට දෙන දානයෙන් ලැබෙන පින 60% වගේ, 100% සිල්වත් කෙනෙක්ට දෙන දානයෙන් ලැබෙන පිනත් 100%. අන්න එහෙමයි පින යන්නේ.



