චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොන් කතා නොකියා හිටපන් බූරුවෝ. :angry::angry:

    දුක්පත් සතෙක් මුනිදුන් වෙත සිත
    පැහැදී
    එක් දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී
    සක්විති සැපත් ඉන් පනිතිස් වරෙක ලදී
    දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී

    "එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පුජා කලේය. එම පිනෙන් සක්විති රජසැප ආත්ම පන්සිය වාරයක් ලද්දේය. අකුසලයෙන් මිදී මල් පහන් පුජා කලහොත් දුක් නැතිවේ".
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ පොකක් හරි කාරණාවක් සැකය දුරු කරාන්න ඇහුවම පින නැත්තෝ බුරති කියනවා මුන් :D

    තොට කිව්වට අහන්නේ නෑ නේ.:dull:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දුක්පත් සතෙක් මුනිදුන් වෙත සිත පැහැදී
    එක් දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී
    සක්විති සැපත් ඉන් පනිතිස් වරෙක ලදී
    දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී

    "එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පුජා කලේය. එම පිනෙන් සක්විති රජසැප ආත්ම පන්සිය වාරයක් ලද්දේය. අකුසලයෙන් මිදී මල් පහන් පුජා කලහොත් දුක් නැතිවේ".

    ඔව් ප්‍රමාණය අනුව නෙවෙයි.පලතුරු කන්දක් පූජා කරනවට වඩා එක අඹ ගෙඩියක් පූජා කරලා ඊට වැඩි පිනක් ගන්න පුලුවන්.මතක තියාගන්න සිත මිස කය නැති බඹලොව කියන්නේ තරමක ගැඹුරින් හිතන්න දෙයක්
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ehema balanavanam lesiyenma nivan dakinna puluvan palathuru kada karana ayata , mokada load ekak gaththa ude vinadi 10k vithara pansale thibba eeta passe vikunna...pinayi laabeyi dhekama thiyana

    අසපු නිගන්ටයන් එක්ක පහසුවෙන් නිවන් දකින්න යන අය .විමුක්තියට යන මග පහසුයි.එය නිවරදිව හදුනාගැනීම තමයි හුගක් අයට අමාරු වෙලා ඉන්නේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    තොට කිව්වට අහන්නේ නෑ නේ.:dull:

    හරි මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ? බුදුන් ගැන උනත් ඕනවට වඩා ඔබ්සෙස්ඩ් වෙන්න එපා.සත්‍යය අවබෝධ කරගැනීමේ පිරිසිදු චේතනාවෙන් කරන ඕනම දෙයක් පවක් නෙවෙයි.එය බොහෝ විට පිනක්.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    oya wage pujawal dena nisa tama me ratawal dewiyange anuhasin pawathenne...
    kohomat pujawa ewara unata passe owa wisi karan ne ahinsaka minisunta bedala denawa athi .. bedala nodena taram aparadayak karanawa kiyala hitanna amarui machan

    deviyange anuhas koheda ban mehe.deviyan udahasa nam tiyenava...:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ? බුදුන් ගැන උනත් ඕනවට වඩා ඔබ්සෙස්ඩ් වෙන්න එපා.සත්‍යය අවබෝධ කරගැනීමේ පිරිසිදු චේතනාවෙන් කරන ඕනම දෙයක් පවක් නෙවෙයි.එය බොහෝ විට පිනක්.

    මම obsess වෙලා නෑ. obsess වෙනවා කියන්නේ අපිට කරදරයක් වෙන තරමට යම් දෙයක් හිත තුළ කැරෙනකෙන එකටයි, මගේ නම් එහෙම වෙන්නේ නෑ. මම ඌට කිව්වේ එළකිරියේ බුද්ධාගම ගැන ප්‍රශ්ණ ඔහොම අහන්න එපා කියලයි ,මොකද එහෙම ඇහුව්වොත් ඌට උත්තර දෙන්නේ බුද්ධාගම හරියට දන්න එවුන් නෙවෙයි, තමන් බුදුන්ටත් වඩා බුද්ධාගම දන්නවා කියලා හිතන keyboard වීරයෝ. ඒකෙන් වෙන්නේ ඊට වඩා හපන් පවක් මොකද ඒක බුද්ධාගම විකෘති කිරිමක්. ඕකත් තවත් ටිකක් ගියොත් ඌට අන්තිමට වෙන්නේ හම්බයෙක් වෙලා නතර වෙන්නයි (deathstroke කියන එකාට අර හම්බයා කියලා බැනලා තියෙන්නේ). ඉතින් බුද්ධාම ගැන ප්‍රශ්ණ තියෙනවා නම් හොදම වැඩේ ටිකක් ධර්මය ගැන දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් හම්බ වෙලා මේ ගැන අහන එකයි.
     
    එහෙම ධර්මය දන්න කෙනෙක් ඉන්නවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම ධර්මය දන්න කෙනෙක් ඉන්නවද?

    ඔව් පන්සල් වල හාමුදුරු කෙනෙක් අල්ලගත්ත නම් හරි. ටිකක් නගරෙන් බැහැර තමයි හොද. නගරවල හාමුදුරුලා සල්ලි හොයන නිසා ගොඩක් busy.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම obsess වෙලා නෑ. obsess වෙනවා කියන්නේ අපිට කරදරයක් වෙන තරමට යම් දෙයක් හිත තුළ කැරෙනකෙන එකටයි, මගේ නම් එහෙම වෙන්නේ නෑ. මම ඌට කිව්වේ එළකිරියේ බුද්ධාගම ගැන ප්‍රශ්ණ ඔහොම අහන්න එපා කියලයි ,මොකද එහෙම ඇහුව්වොත් ඌට උත්තර දෙන්නේ බුද්ධාගම හරියට දන්න එවුන් නෙවෙයි, තමන් බුදුන්ටත් වඩා බුද්ධාගම දන්නවා කියලා හිතන keyboard වීරයෝ. ඒකෙන් වෙන්නේ ඊට වඩා හපන් පවක් මොකද ඒක බුද්ධාගම විකෘති කිරිමක්. ඕකත් තවත් ටිකක් ගියොත් ඌට අන්තිමට වෙන්නේ හම්බයෙක් වෙලා නතර වෙන්නයි (deathstroke කියන එකාට අර හම්බයා කියලා බැනලා තියෙන්නේ). ඉතින් බුද්ධාම ගැන ප්‍රශ්ණ තියෙනවා නම් හොදම වැඩේ ටිකක් ධර්මය ගැන දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් හම්බ වෙලා මේ ගැන අහන එකයි.

    ඔව් ඒ කතාව ඇත්ත..අපිට තියෙන සාමාන්‍ය දැනුමෙන් තමයි අපි ප්‍රශ්න වලට උත්තර දුන්නේ..බුද්ධාගම ගැන සැකයක් ,වැරදි වැටහීමක් ඇත්තන් හාමුදුරුවෝ නමකගෙන් අහන එක තමයි හොඳම විසඳුම..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම ධර්මය දන්න කෙනෙක් ඉන්නවද?

    ඒවගේම ධර්මය ගැන සිල්වත් භික්ෂූන් වහන්සේලා ලියලා තියෙන පොත් කියවන එකත් හොඳයි..ගොඩක් ගැටළු වලට රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් වල හොඳ විසඳුම් තියෙ..
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    Copied from a fb group

    ඔබ බෞද්ධයෙක් නම් වල්පොළ රාහුල හිමිගේ ‘සත්‍යෝදය‘ පොත අදම කියවන්න. සෑබෑ බුදු දහමේ සහ වර්තමාන සිංහල බුද්ධාගමේ වෙනස වටහා ගන්න.
    වර්තමානයේ ලංකාවේ ඇති සිංහල බුද්ධාගම සහ හින්දු ආගමේ වෙනසක් සොයා ගත නොහැකි තරම්ය. සරලව කියනවා නම් එය පැහැදිලිවම භික්ෂූන් ලාභ උපයන ව්‍යාපාරයකි. බුදුන් සියලු මිනිසුන් එකම ජාතියක් සේ සමානව සැලකුවද, වර්තමාන සිංහල බුද්ධාගම ජාතිවාදය, කුලවාදය පදනම් කරගත් බුදුන්ගේ සැබෑ දහමට පටහැනි සමාජයේ යහපැවැත්මට අහිතකර විෂබීජයකි. බුදුන්ගේ දහම විකෘති කරමින් ජාතිවාදය සහ මිත්‍යාව වපුරන කහ රෙදි ඇඳගත් පිරිසට බුදුන්ගේ සාසනයේ සංඝයා යැයි සිතමින් ගෞරවයෙන් ඇමතීම බුදු දහමට කරන නිගාවකි.
    ඇත්තටම වර්තමානයේ ඇත්තේ පන්සල් නොව පන්සල් කඩය. මෙම කඩවල මිනිසුන් රවටමින් වෙළඳාමේ නිරතවන්නේ භික්ෂූන් නොව කහ රෙදි මුදලාලිලා ය. මෙම කහ රෙදි මුදලාලිලා ඔවුනොවුන්ගේ දක්ෂතා, හැකියා අනුව තමන්ගේ කඩය වැඩියෙන් ලාභ උපයන ස්ථානයක් කිරීමට විවිධ සන්දර්ශන පවත්වයි. වඩාත් සාර්ථකව රැවටීම කළ හැකි කහරෙදි මුදලාලිලා ප්‍රධාන දහරාවේ පන්සල් කඩ වලින් වෙන්ව අසපු යනු වෙන් ඔවුන් විසින්ම නම්කර ගන්නා සුපර් මාකට් පිහිටුවා ගනී. මෙම සුපර් මාකට් ගැන ගුණ වැයීමට මිනිසුන් රවටා ගන්නා මුදලින් වැටුප් ගෙවමින් ගොට්ටන් පිරිසක් නඩත්තු කරයි. මෙම ගොට්ටන් විසින් මෙම සුපර් මාකට් වලින් වන සේවය ගැන විවිධ බොරු කථා සමාජයේ ප්‍රචාරය කරමින් මහමෙව්නා, මහාමේඝ යන නම් වලින් ඇති විවිධ අසපු වෙත ලෙහෙසින්යෙන්ම රැවටෙන ලාංකිකයන් ආකර්ෂණය කරගනිමින් සිටීයි.
    මහා පරිමාන පිච්චමල් පූජා, නෙළුම්මල් පුජා වලින් නොනැවතී පළතුරු පූජා වැනි විකාර දේ මෙම කහ රෙදි මුදලාලිලා විසින් සිදු කරත් මේවාට රැවටෙන මිනිසුන් සිටීම සැබැවින්ම කණගාටු දායක කරුණකි. මේ මොහොතේ ලාංකික සමාජය තුල ඇති බරපතලම ගැටලුව නම් මෙම කහරෙදි මුදලාලිලා අසරණ මිනිසුන් මහා පරිමාණයෙන් රැවටුවද ඒ ගැන වගේවගක් නැතිව ඉන්නා බුද්ධිමතුන්ගේ නිහඩතාවය යි. බොහෝ බුද්ධිමත් ලාංකිකයන් පවසන්නේ අපි ඔය මෝඩ වැඩ නොකරන බවයි, බුදු දහම හරියට තේරුම් ගත් අය එසේ නොකරන බවයි. එහෙත් එම අසරණයන්ට මේ කහ රෙදි මුදලාලිලාගේ රැවටීම තේරුම් කර දීම ඔවුන්ගේ සමාජ වගකීමක් බව බොහෝ ශ්‍රී ලාංකික බුද්ධිමතුන් අමතක කරයි. කහ රෙදි මුදලාලිලා වපුරන ජාතිවාදයෙන් සහ මිත්‍යා අන්දකාරයෙන් වැසී ඇති වර්තමාන සමාජයට වල්පොළ රාහුල හිමි වැනි දුර්ලභ ගනයේ බුද්ධිමතෙකුගේ අඩුව තදින්ම දැනේ. මෙවැනි තත්ත්වයක් තුල ජාතිවාදය සහ මිත්‍යාව එක ලෙස පතුරන පළතුරු පුජා පවත්වන සූපර් මාකට් කහ රෙදි මුදලාලිලා ගෙන් මේ සමාජය මුදවා ගැනීමට ‘සත්‍යෝදය‘ පොත හැකි පමණ ලාංකිකයන් අතර බෙදා දීම අප කාගේත් වගකීමකි. එමෙන්ම මිත්‍යාවට එරෙහිව නිපදවා ඇති 'PK' වැනි චිත්‍රපට ලාංකිකයන්ට නැරඹීමට සැලැස්විය යුතුය. 'PK' චිත්‍රපටයේ සියලු ආගම්වල මිත්‍යා සංකේතවත් කිරීමට යොදා ගෙන ඇති තට්ට ය සහිත තපස් තුමාගෙන් ලංකාවේ පළතුරු පූජා, පහන් පූජා, බුද්ධ පූජා පවත්මින් මිත්‍යව සමාජගත කරන සහ ජාතිවාදය පතුරවන කහරෙදි මුදලාලිලා දැක ගත හැක. PK චිත්‍රපටියේ තපස්තුමා මෙන්ම ලාංකික අසපු, පන්සල් කඩ වලද මිනිසුන්ගේ ‘භය‘ දඩමීමා කරගෙන අපායට භය කර තමන්ට අවශ්‍ය මිත්‍යා පතුරවමින් සැපවත් ජීවිත ගත කරයි. ජාතිවාදය ද මෙම කහ රෙදි මුදලාලිලාගේ පැවැත්මයි. 'PK' යනු ලංකාවේ සිංහල බුද්ධාගමේ ඇති රැවටීම කියා දීමට නිර්මාණය කළ චිත්‍රපටියක් යැයි මට සිතේ. 'PK' චිත්‍රපටිය නරඹන සෑම විමට එහි තපස් තුමාගේ ක්‍රියා මට පෙනෙන්නේ කිරිබත්ගොඩ ඤාණසාර නම් චීවරදාරියාගේ ක්‍රියා ලෙසම ය. ලාංකාවේ අනෙත් භික්ෂූන් ද මීට දෙවැනි නොවේ.
    පහත දැක්වෙන්නේ ‘සත්‍යෝදය‘ පොතෙන් උපුටා ගත් කොටසකි. වර්තමානයේ විවිධ පින් ලැබෙන බව, පවසමින්, ශ්‍රද්ධාව වැඩිවන බව පවසමින් විවිධ විකාර පූජා පවත්වන, මිනිසුන් රටවන භික්ෂූන් ගැන මේ හරයා තේරුම් ගත හැක.
    විවිධ පුදපූජා පවත්වාගෙන එන්නේ ලාභ ප්‍රයෝජන නිසයි. ශාස්තෘවරුන්ගේ අභාවයෙන් පසු පූජකයෝ ඒ ඒ ආගම් ස්වකීය ජීවිකාවෘත්තියට පෙරළා ගත්හ. ධර්මය ‘කණ්ඩ සූත්‍රය‘ කරගත්හ. ඒනිසා නොඑක් පුදපූජා පිළියෙළ කරගන්නටත් ඒවායේ ආනිසංස වර්ණනාකරන්නටත් පටන් ගත්හ. එයම නිර්වාණ මාර්ගය බැව් පෙනෙන්නට පොත්පත් ලියුහ. ඒ පොත්පත්වලින් සත්‍යය වසනු ලැබීය. ගැනීමට කළහැකි සෑම ප්‍රයෝගයක්ම කළහ. එක්තරා දුප්පත් මෝඩ බෞද්ධයෙක්, අනෙක් ජාතියේ උසස්ව උපදින බලාපොරොත්තුවෙන්, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාදය පිට, බුද්ධ ප්‍රතිමාවට නොඑක් දේ පූජා කළේය. අන්තයට ඒ හාමුදුරුවෝ මෙසේ කීහ. උපාසක උන්නැහේ, සියල්ලම පූජා කළත් මොකටද? උපාසක උන්නැහේගේ ඔළුවේ කෙස් නැහැ. ලබන ජාතියේ තට්ටය ඇතිව උපන්නොත් අනෙක් සේරම ලැබුණත් මොටද? එනිසා හොඳට කෙස් ලැබෙන්න හිතා ගෙන හොඳ කිතුල්රෑනක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මෝඩ උපාසකයා කිතුල් රෑන පූජා කළේය. හාමුදුරුවෝ පන්සල වත්තේ වැට බැඳවීමට කිතුල් රෑන පාවිච්චි කළහ. සිනාසෙන්නට එපා. මෙය ඇත්තකි. ආගම ධර්මය ලාභ ප්‍රයෝජන ගැනීමට උපායක් කරගෙන තිබේ. එනිසා මේ පුජාවල් පරම්පරාගතව පවත්වාගෙන එති. ඉතින් යමෙක් ධර්මානුකූලව මේවා එළි කොට සත්‍යය පහදා දෙයි නම්, ඔහුට විරුද්ධකම් පැන නැගීම පුදුමයක්ද
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    I heard that at the end of the ceremony the fruits were given away to the ppl as a dansala.
    Worst case scenario- Some fruits were wasted but ultimately nobody gets hurt
    compare that with a festival like Eid :lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    පසුගිය 23 වන දින අප වෙබ් අඩවියේ සඳහන් වූ අහරට යදිනා පැල්පත් යායට පළතුරු ගෙඩියක් වීසි කරනු මැන පුවත සඳහා අදාල පූජාවට සහභාගි වූ අකිල මධුශංක නැමැති උපාසක මහතා ඒ මහතාගේ [email protected] දරන ඊ-මේල් ලිපිනයෙන් ඊ-මේල් පණිවිඩයක් එවා ඇති අතර එම ප්‍රතිචාරය සහ ඒ සම්බන්ධයෙන් අපගේ සංස්කාරක සටහන් පහත සඳහන් වේ.
    මේ නිවුස් එකේ පළතුරු පූජාව කළේ බුදුන්වහන්සේ වෙනුවෙනි. එයට ගරහන්නා කුහකයෙකි. මේ පළතුරු එදින සහභාගීවූ සැමට පූජව අවසානයේ කෑමට දුන් බව මෙසේ පල් හෑලි ලියන තොපවැනි පල් හොරුන් නොදන්නේද?

    සංස්කාරක සටහන

    ඉහත ප්‍රතිචාරය දැක්වූ උපාසක මහතාගෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටින්නේ බුදුහාමුදුරුවන්ට පළතුරු පූජා කිරීමේ ගාථාව අපට ලියා එවන ලෙසයි. දෙවියන් උදෙසා පළතුරු පූජා කිරීම ඉපැරණි හින්දු සංකල්පයක් මිස බුදුදහමට කිසිසේත් අදාල නොවන්නකි. අද ශ්‍රී ලංකාවේ පවතින්නේ බුදුන් වදාළ ධර්මය නොව සඟුන් වදාළ ධර්මය හෙවත් ථේර-වාදයයි. මෙය කියන්නේ අපි නොවේ. 1952 බුදුන් වදාළ ධර්මය නැමැති විශිෂ්ඨ කෘතිය රචනා කළ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ය. අපගේ මතවාදය ඔබ නොපිළිගන්නේ නම් නැවතත් අපට ලියන්න. නැවතත් ශ්‍රී ලංකාව තුළ වැළලී ඇති බුදුන් වදාළ ධර්මය ගොඩගැනීමට ඔබත් දායක වන්න.

    අදාල උපාසක මහතා ප්‍රකාශ කරන්නේ සියලු පළතුරු පූජාවට සහභාගි වූ පිංවතුන්ට අනුභව කළ බවයි. එහෙත් අපගේ දැනුමේ හැටියට නම් එම පළතුරු කන්ද අනුභව කිරීමට නම් අවම වශයෙන් විසි දහසක් විසිපන් දහසක්වත් සිටිය යුතු බවයි. සාමාන්‍යයෙන් කතරගම දේවාලය වැනි ස්ථානවලට සිදුවන්නේ දෙවියන් ළඟට පැමිණෙන පළතුරු නැවත හැරෙන තැපෑලෙන් පළතුර කඩවලට යාමයි. ඒ අනුව මෙම පූජාව අවසානයේ නැවත පළතුරු කඩවලට ගිය පළතුරු ප්‍රමාණය කෙතෙක් ද යන්න මෙම උපාසක මහතා සඳහන් කර නොමැත.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඔය කියන වෙබ් අඩවිය ඔය පලතුරු පූජාවට මොන විදිහට හරි දායක වෙලා තියෙද?එයාලට මේ පූජාව නිසා මොනා හරි හානියක් වෙලාද?කොහේවත් ඉන්න පිරිසක් ඔවුන්ගේ සල්ලිවලින් ඔවුන්ට කැමති දෙයක් කලා කියලා මොකද්ද කියන්න ඒකේ තියෙන වරද?ඔය පලතුරු ටික බුදුන්ට පූජා කලා කියලා මේ රටේ මිනිස්සු බඩගින්නේ මැරුනද එදා?ඉතින් ඔච්චර මේ රටේ දුප්පත් මිනිස්සු ගැන ඇම්මක් තියේනන් ඔය වෙබ් අඩවිය කරන එව්වන්ට බැරියැ හම්බකරන හැම සතේම දුප්පත් මිනිස්සුන්ට දෙන්න..ඒක නෙමෙයි තියෙන පව්කාරකම..වෙන කෙනෙක්ට පිනක් කරගන්න දෙන්නෙත් නෑ..තමන් පිනක් කරගන්නෙත් නෑ..

    මේ වෙබ් අඩවිය කරන එකාගෙයි මේ පෝස්ට් එක දාපු කෙනාගෙයි බඩ වේලලද කොහෙද තියෙන්නේ..පලතුරු ශෝටේජ් එකක් වෙයි කියල බයේ...යකුනේ චෛත්‍යට පූජා කලා කියලා කඩවල්වල පලතුරු ඉවර වෙන්නේ නෑ..සල්ලි දීලා අරන් කාපියව්..මළ පෙරේතයෝ..:lol:
     
    bump