කථානායකට ආණ්ඩුවෙන් රතු එළි
ලබන 14 වනදා පාර්ලිමේන්තුවේදී බහුතරය විමසීමට කථානායකවරයා කටයුතු කළහොත් එය ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කථානායකතුමා කියනවා 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවලා කාටද වැඩියෙන්ම කැමතියි කියලා අත් ඔසවන සෙල්ලම් කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් ඔහුව ඉන් ඉවත් කිරීම ගැන අපේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් අගමැතිවරයෙක්ට එරෙහිව පාර්ලිමේන්තුවේ භාවිතා කරන්න පුළුවන් එකම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශ්වාස භංගයක් ගෙන එන එක විතරයි. කථානායකවරයාට ස්ථාවර නියෝග අත්හිටුවන්න පුළුවන් උනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් කථානායකවරයා දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම් එකේ ප්රතිවිපාකයත් ඔහුට විදීමට සිදුවනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.
කථානායකවරයා ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කළහොත් දස වසරක් සිරගත කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියේ.
අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ කියවෙනවා යම් කිසි කෙනෙකු තම තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයේ යොදවනවා නම් තව කෙනෙකුට වාසියක් වන ආකාරයේ යොදවා නම් එය දුෂණය යන චෝදනාව යටතේ නීතිමය පියවර ගත හැකි බවයි. එම චෝදනාවට අනුව වසර 10 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් පැමිණ වීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කර සිටියා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද අද පැවති තවත් මාධ්‍ය හමුවකදී කථානායකවරයාගේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ කථානායකතුමා කියනවා රට අරාජික මට්ටමට පත්වෙලා කියලා, විදෙස් ආයෝජන එන්නේ නැහැ කියලා. GSP පහසුකම් නවතින්න යන්නේ ඒක නිසා ඉක්මනටම පාර්ලිමේන්තුව කැදවන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කරනවා හැර වෙන විකල්පයක් නොමැති බවයි අමත්‍යවරයා කියා සිටියේ.