ජංගි ඇදල නම්ඉස්සරහට වරෙන්...මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.
ඉතින් කොහොම හරි එදා තමයි ප්රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ.
කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.
අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN එකේ.
ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට... දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...
" ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.
කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.
ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.
" ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "
ආයෙම..
මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා. පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.
මොනව උනත් ජීවිතේ ලස්සනම කාලය තමයි ඒ කාලය.
http://palaamalla.blogspot.com/2010/04/blog-post_11.html
අපේ එකෙක් ciga 1ක් ගහල හිටියේ ඌව අහු උණු නිසා අපිටත් camera 1ට මුණ පෙන්න ගන්න පුළුවන් උනා.
. අපිවත් ගෙදර යැව්වනම් හොඳයි කියල හිතුන කියපු කතා වල හැටියට
. මොනවා උනත් ආතල්ම කාලය තමා ඒ.
Chemisry ෆේල් වෙන්න හිටපු මට C 1ක් ආවේ බද්දේ සර්ගේ වැඩ නිසා තමා.