ජනතාවගේ සාක්කු පුරවනවා - අගමැති.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජනතාවගේ සාක්කු පුරවනවා - අගමැති.

    ජාතික ආණ්ඩුවක් සැකසුවේ සිය සාක්කු පුරවාගැනීමට නොව ජනතාවගේ සාක්කු පිරවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එසේම චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟව තිබෙන බවත්, හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළද සංවර්ධනය කරන බවත් බදුල්ලේ පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා අද (03දා) කියා සිටියේය.

    “අපිබාරගත්තේ ලෝකයේ ලොකුම පිහිනුම් තටාකයයි. හම්බන්තොට එම පිහිනුම් තටාකය ඉදිකර තිබුණා. තව වසර දෙකක් යනවිට එය නැව්වලින් පිරවීමට මා කටයුතු කරනවා. එහි වරායක් පමණක් නොව, නැව් අලුත්වැඩියා කිරීම සඳහා නැව් තටාකාංගණයක් මෙන්ම අලුතින් නැව් නිෂ්පාදනය කිරීමටත්, චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරිමට අප එකඟ වී සිටිනවා. දවසට එක් ගුවන් යානයක් පැමිණෙන මත්තල ගුවන්තොටුපලට දවසට ගුවන් යානා පනහක්වත් එන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා.

    අපි බලයට පැමිණියේ අපේ සාක්කු පුරවාගන්න නොවෙයි. ජනතාවගේ සාක්කු පුරවන්නයි. අපි ආවේ අපට මාළිගා හදාගන්න නොවෙයි, ජනතාවට නිවාස ලබාදීමටයි. අපි ආවේ අනුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට නොවෙයි, ඔබට ඉඩම් අයිතිය ලබා දීමටයි. අපි ආවේ දේශපාලන හෙංචයියන්ට වැඩ කරන්න නොවෙයි. තරුණ තරුණියන්ට රැකියා ලබා දී ආදායමක් උත්පාදනය කිරිමටයි” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.


    http://www.infosrilankanews.com/2016/07/rw_3.html
     
    • Like
    Reactions: agrmrs

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අ තව දෙයක් අපි අවේ කොටි ගණන් දීලා ඇමතිවරුන්ට වහන අරන් දෙන්න . ඊට පස්සේ අර්ජුන ඇලෝසියස් ගේ සක්කුත් පුරවන්න :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යෝජිත ඉන්දු-ශ‍්‍රී ලංකා ගිවිසුමට විරෝධය පෑම, සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පෑම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ එක්දින සංකේත වැඩ වර්ජනයක් කැඳව තිබේ.
    මේ සම්බන්ධයෙන් කල් වේලා ඇති බවධාරීන් දැනුවත් කලද නිසි ප‍්‍රතිචාර නොලැබුනු නිසා මෙම පියවර ගත් බව සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරයි.
    රජය මේ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග නොගන්නේ නම් තම වෘත්තීය ක‍්‍රියාමමාර්ග තවත් දැඩි කරන බවද සංගමය කියා සිටී.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    හරිනේ

    පොනිල් ශින්හලුන්ගේ සාක්කු රුපියල් වලින් පිරෙව්වා

    ඉස්සරහට සාක්කු පිරෙන්න රුපීල අරං යන්න වෙනව පාන් ගේන්නත්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරිනේ

    පොනිල් ශින්හලුන්ගේ සාක්කු රුපියල් වලින් පිරෙව්වා

    ඉස්සරහට සාක්කු පිරෙන්න රුපීල අරං යන්න වෙනව පාන් ගේන්නත්

    :yes:

    Shakku madi wela wheelbarrowth purawanawa