උපුටා ගැනීමකි.....උබට නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලන්කාවේ හුන්ඩු පක්ශ ඔනාවට වැඩියි කියලා.. ප්රදාන පක්ශ දෙකම හොදා පාලුවට ගිහින් දැනටමත්.. කවදාහරි ඔකේ වාසිය එන්නේ සුලු ජන කොටස්වලට.. ඔන්න කිව්වයි කියලා මතක තියාගනින්.. ජේ වී පී එක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැ ඒ හැටි..
[FONT="]මේව මුන්ගෙ ප්ලෑන්.ඇත්තටම ජවිපෙ දෙකට කැඩුනෙ නෑ. පැහැදිලිවම මේක සැලසුමක්. පහුගිය ඡන්දෙ වෙලාවෙ සිරිසේනත් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කැරගත් ජවිපෙ දැන් ඉන්නෙ ඇමති මණ්ඩලයටත් ඉහලින් තියෙන විධායක සභාවෙ. මේ දින 100 ට රටට කරපු විනාශෙත් එක්ක ජවිපෙ ගැන තිබුන පැහැදීමත් නැතිවෙලා.ජනපදනම එහෙම පිටින්ම බිදවැටිල. ෆේස්බුක් වල රජකම් කරපු එකත් දැන් අහිමිවෙලා ඒක මේ දවස්වල හොදින්ම පේනවා.කමෙන්ට් කරපු එවුන් ඇටිකෙහෙල් කාපු කලවැද්දො වගේ.හොයාගන්නත් නෑ. මෙතනින් ඉස්සරහට ජවිපෙ කොහෙටද.?. මෙන්න මේකට උත්තර හොයන්න පරාජිත,චම්පක,සිරිසේන,ෆොනිල් වගේ එවුන් එක්ක ගහපු ගේමක මංගල පියවර තමයි මේ එලි දැක්වුනේ. දත් කුට්ටමත් නැතිව අසරණ වෙලා ඉන්න අමරෙ අයියාගෙ පිහිට පතන්න අවසානයෙදි තීන්දු කලා. අවසන් හුස්මත් ජවිපෙ වෙනුවෙන් පූජාකරන්න අමරෙ අයියා තීරණය කලා. අමරෙ අයියගෙ භූමිකාව පටන් ඇරන් තියන්නෙ දැන්. ජවිපෙ හොර දීගෙ නිසා කැඩීබිදීගිය ජනපදනම වෙනත් මගකින් නැවත එකතුකරගන්නයි මේ සැලසුම. ඒක වෙන්නෙ මෙහෙමයි.අමරෙ වෙනම පක්ෂයක් හදනවා. එතකොට ජවිපෙගැන කලකිරිල ඉන්න ජනතාවයි යහපාලනය කියල මුලා වෙච්ච ජනතාවයි හෙල උරැමෙ ගැන කල කිරැන ජනතාවයි සේරම අමරෙ අයියාගෙ සත්ගුණවත් කතාටික අහල පෙර පරිදිම ඒ පැත්තට දුවගෙන යනවා.ජවිපෙ නැති උනාට මෙන්න නියම සමාජවාදියා කියල රැවටෙන අපේ සිංහලුන් ටික.ආයිමත් රෑ වැටුන වලේ මහ දවාලෙත් වැටෙනවා. මෙතනදි වැනෙන ඡන්ද ටිකකුත් එකතුවුනාම අමරෙ අයියගෙ අලුත් පක්ෂයටත් ආසන 4ක් 5ක් ගොඩදාගන්න පුලුවන්.ජවිපෙ ඇගේ එල්ලිලා ඉන්න මැක්කො ටිකත් එක්ක ගිහින් ආසන 3ක් 4ක් ගනිවි.අවසානයේ මේ පක්ෂ දෙකම එකට ඉදගෙන එකගෙයි කනවා. එකොට සැලකිය යුතු ඡන්ද ටිකක් කැඩෙනවා.මතක තියාගන්න මේ කැඩෙන්නෙ සිංහල ඡන්ද. දෙමල හෝ මුස්ලිම් ඡන්ද කැඩෙන්නෙ නෑ. සිංහල ඡන්ද කාට වැටෙන ඡන්දද..? මහින්ද මහත්තයට වැටෙන ඡන්ද. දැන් පැහැදිලිද මොකක්ද මේ කරන්න හදන්නෙ කියල. මහ මැතිවරණයක් අත ලගයි. මහින්ද වේගයෙන් නැගිටිනවා.ඒක බුද්ධි අංශත් කියනවා. මහින්ද රැල්ල දරැණු වෙද්දි ඒකෙන් ගැලවෙන්න කරන අප්පරවැට්ටියක් තමයි මේක.මෙතනදිත් පැහැදිලිවම ඇරිකාව සහ ඉන්දියාව මුල්තැන අරන් තියෙනවා.අමරෙට ඕනතරම් සල්ලි දෙන්නෙ මේ රටවල්.විමල් මහත්තයෝ මේවට අහුවෙන්න එපා. ජනතාව දැනුවත් කරන්න. පැහැදි අමු සිංහලෙන් මේව ජනතාවට කියල දෙන්න.මතකයිනෙ පහුගිය ඡන්දෙ වෙලාවෙ කරපු වැඩේ.සිංහල ඡන්ද හෙල උරැමය හරහා දෙකට කැඩුවා.දෙමල මුස්ලිම් ඡන්ද වලින් දිනුවා.මේකත් ඒ වගේම නාට්ටියක්.බුද්ධිමත් වෙමු. මව්බිම බේරාගනිමු. මහින්ද අගමැති කරමු.
[FONT="][FONT="][/FONT][/FONT]
[/FONT]



