ජනපති අගමැති අද ජාතිය අමතයි
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
ඉරිදා උදෑසන කොළඹ සිට රිය පෙරහරකින් මහනුවරට ගමන කරන නව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස මහනුවර බලා යන අතරවාරයේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමටද නියමිත බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නුදුරු දින කිහිපය ඇතුලත පත් කෙරෙනු ඇති බව කොළඹ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළ අතුරලියේ රතන හිමියෝ, එම කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 30 කට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇති බවද කියා සිටියහ.
සජීවී විකාශය
Source

Code:
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150110_maithree_kandy