ජනපති සොහොයුරා මියයයි
පොරෝ පහරකින් තුවාල ලැබූ ජනපති සොහොයුරා මියයයි
පොරව පහරකින් තුවාල ලබා සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප‍්‍රියන්ත සිරිසේන මහතා අද අලූයම මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බවයි.
පොළොන්නරුව හතරෙ ඇළ වීර ප‍්‍රදේශයේදී පෙරේදා රාත‍්‍රී අදාළ පහරදීම සිදුවුණා. සැකකරු එදිනම රාත‍්‍රී පොලිසියට භාර වූ අතර ඊයේ එම සැකකරු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. පහරදීම සඳහා යොදාගත් බව කියන පොරව ද විමර්ශනවලදී සොයා ගැනුණා. මියගිය ප‍්‍රියන්ත සිරිසේන මහතා 40 වන වියේ පසුවූවෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරෙනවා.
- See more at: http://nethfm.com/article/62213#sthash.1t140WLk.dpuf