ජනප්‍රියම රව්ම -OLYMPIC TRACK

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජනප්‍රියම රව්ම -OLYMPIC TRACK

    1439247761.jpg

    මේ දවස් වල වැඩියෙන්ම කථා වෙන්නෙ ඔලිම්පික් ගැන නිසා මටත් හිතුන වැඩි දෙනෙක් නොදන්න ඔලිම්පික් වලට නැතුවම බැරි දෙයක් ගැන කියන්න:baffled:.ඒ අස්සෙ අපෙ කට්ටිය ලෝක වාර්ථාවක් තියලත් තියනව කියල කව්රුත් දන්නව ඇතිනෙ.:rofl:ඔව් ඔව් එක කිරිඩකයෙකුට නිලදාරීන් තුන්දෙනෙක් යවපු වාර්ථාව තමයි. නිලදාරින්ගෙන් අපෙ කට්ටියට කියනවනෙ වැඩියෙන්ම සුදුසුකම් තියෙන්නෙ...:rofl::P

    හා එහෙනම් දැන් බලමුකො ඔලිම්පික් දුවන කට්ටිය දුවන ට්‍රැක් එකේ විස්තර...:nerd:

    ann-summers-stadium.png

    Length - 400 m (1,312.3 ft)
    Tracks -9

    මේක හදල තියෙන්නෙ වෝල්කනයිස් රබර් වලින්. හදල තියෙන්නෙ මොන්ඩො කියල ඉතාලි කොම්පැණියක්. මේ කොම්පැණි කාරය තමයි 1992 ඉදන් මේ වෙනකන් ඔලිම්පික් ක්‍රීඩාංගන වලට අවශ්‍ය ධාවන පථ හදල තියෙන්නෙ. ඒ ගොල්ලෝ ඒක වෙන තැනක හදල මීටර් 15 කෑලි විදිහට ගෙනල්ල තමයි ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ අතුරල තියෙන්නෙ.:shocked: මෙක අතුරන්න ඒ ගොල්ලන්ට දවස් 75ක් ගිහින් තියනව.මෙම ධාවන පථය අධි තාක්ෂණික ධාවන පථයක්. :oo:මෙම අතුරන ක්‍රියාවලිය ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි.මොකද මේක අන්තර්ජාතික ප්‍රමිතිය අනුව හදන්න ඔනෙනේ. ඒ කියන්නෙ. මේකෙන් ක්‍රීඩකයන්ට කිසිම වාසියක් වෙන්න බැහැ. තව මේ විදිහට කෑලි අතුරද්දි එකිනෙකට තියන පරතරයක් තියෙන්න බැහැ.සිංහලෙන් කියනව නම් ජොයින්ට්ස් තියෙන්න බැහැ:rolleyes:.

    _61712338_mondo_olympic_track_624_1.jpg

    මේ ට්‍රැක් එකෙ shock-absorption සිස්ටම් එකක් තියනව කියල තමයි හදපු කොම්පැණිය කියන්නෙ.:baffled: ධාවන පථය ස්ථර දෙකකට තමයි හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ලෙයර් දෙකකට. පලමු ස්ථරය උඩ තමයි ක්‍රීඩකයො ධාවනයෙ යෙදෙන්නෙ.

    දෙවැනි ස්ථරය තමයි පොළවට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මෙහි දෙවන ස්ථරයෙ දියමන්ති හැඩයට කට්ට කපල තමයි තියෙන්නෙ.:rolleyes: එහෙම කරල තියෙන්නෙ ක්‍රීඩකයන්ගෙ උපරිම ජවයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. මෙලෙස කට්ට කැපීම නිසා ක්‍රීඩකයන් යොදවන ශක්තිය උපරිම වශයෙන් අපතේ යාමකින් තොරව ලැබෙනව කියල තමයි ඒ ගොල්ලො කියන්නෙ.:yes:

    මෙහි ඇති තවත් සුවිශෙෂ කමක් වන්නෙ මෙහි ලිස්සන සුලු ස්වභාවයක් නැති තරම්. මෙහි ඇති ඇදෙන සුලු බව සහ ප්‍රතික්‍රියා කාලය ඉතාම අඩු කාලයක්.:shocked:

    Olympic-running-track-007.jpg

    ඔන්න ඔහොම තමයි ලොකෙ මේ දවස් වල ප්‍රසිද්ධ රව්මෙ විස්තරෙ...:P

    විස්තර ටික ඉස්සුවෙ අන්තර්ජාලයෙන් තමයි.;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Last edited: