ජනප්‍රිය කලාකරුවන්ගේ වැඩිපුර නොදන්නා කත&

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ජනප්‍රිය කලාකරුවන්ගේ වැඩිපුර නොදන්නා කත&

    ජනප්‍රිය තරු වල තොරතුරු දැනගන්න කවුද අකමැති නේද? අපි Facebook, Twitter වගේ ඒව හරහා ඒ අය එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙත් එයාලගෙ ජීවිත වල වෙන අලුත් වෙනස්කම් ගැන ආරංචි දැනගන්න. හැබැයි ඉතින් මේව හරහා හැම දෙයක්ම දැන ගන්නත් බෑ. විශේෂයෙන් සමාජ වෙබ් අඩවි නොතිබුණු කාලෙ හිටපු අපේ ජනප්‍රිය තරු සම්බන්ධව රසවත් කතා බොහොමයක් තිබෙනව.
    මේ එදත් අදත් ලංකාවේ ජනප්‍රියම කලා තරු කිහිප දෙනෙක් ගැන වැඩි දෙනෙක් අසා නැති කරුණු එකතුවක්.


    ජෝති විශාල ස්වීප් දිනුම් මුදලක් දවස් තුනෙන් ඉවර කරයි

    Celebrityfacts-01.jpg


    අපේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලව සමහරු හඳුන්වන්නෙ හදවත රත්තරන් ජෝතිපාල කියල. ඒ තරමට මිනිස්සුත් එක්ක හිතවත් අව්‍යාජ චරිතයක්. ජෝතිගේ ජීවිතේ කවදාවත් සල්ලි වලට ලොකු තැනක් දීල තිබිල නෑ. එහෙම දීල තිබුණනම් ඔහු මියයද්දි මහා කෝටිපතියෙක්ව ඉන්න තිබුණ. ජෝති මියයනකොට ඔහුගෙ බැංකු ගිණුමේ රුපියල් හයසිය ගණනක් වැනි මුදලක්ලු තිබුණෙ.
    එක පාරක් ජෝතිපාලට ස්වීප් දිනුමක ඇදිල තියනව. ඒ ඒ කාලෙ ස්වීප් එකක දෙවැනි දිනුම හැටියට රුපියල් හතලිස්දාහක්. අද කාලෙ හැටියටනම් මිලියන ගණනක් වෙන්න පුලුවන්. කොහොම උනත් දවස් තුනක් යද්දි හිතමිතුරො එක්ක විනෝද වෙලා මේ මුලු මුදලම ඉවරයිලු.


    විජය බොඩිගාඩ්ලා නොගත්ත හේතුව

    Celebrityfacts-02.jpg


    ඒ කාලෙ කලාකරුවන්ගේ තොරතුරු අහද්දි තමයි හිතෙන්න ඒ අය කොයිතරම් මානව හිතවාදී මිනිස්සුද කියල. ජෝතිපාල වගේම ලංකාවේ අදටත් ජනප්‍රිය විජය කුමාරතුංගත් එහෙම පුද්ගලයෙක්.
    ජනප්‍රිය නලු විජය පසුකාලීනව දේශපාලනයටත් සම්බන්ධ වෙනවා. ඔහුගේ ජීවිතයට විශාල තර්ජන රාශියක් ඇතිවෙනව. විජයගේ සමීපතමයො යෝජනා කරල තියනව ආරක්ෂකයො කීප දෙනෙක් බඳවාගමුය කියල. ඒ උනත් විජය ඒක හෙලාම ප්‍රතික්ෂේප කරල තියනව. මොකක්ද ඒකට හේතුව?
    විජය ලංකාව පුරාම එක එක උත්සව වලට සහභාගි වෙද්දි, කද්දි බොද්දි ඔහු වටේ ඉන්න ආරක්ෂකයින්ට කෑමක් බීමක් වත් නැතිව ඔහුගේ ආරක්ෂාව ගැන හිතන්න වීමෙන් හිරිහැරයක් වේවි කියල හිතපු නිසා.
    එහෙම හිතපු විජය කුමාරතුංගව තමයි හිත් පිත් නැති මිනිස්සු අකාලයේ ඝාතනය කරල දැම්මෙ.


    ගාමිණී ෆොන්සේකාගේ අමුතු පුරුද්ද

    Celebrityfacts-03.jpg


    ගාමිණී ෆොන්සේකා මහතා කියන්නෙ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම රංගධරයෙක්. ගාමිණී ෆොන්සේකා මහතා ඉතාම ළගින් ආශ්‍රය කල පුද්ගලයෙක් තමයි අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා කියන්නෙ (ඔව් ඔව් දිනක්ශිලගෙ තාත්ත තමා)
    දිනේශ් ප්‍රියසාද් කියන විදිහට ගාමිණි ෆොන්සේකා දවසට දෙපාරක් ස්නානය කරනවලු. හැබැයි ඒ කිසිම වෙලාවක කොණ්ඩෙ පිසදමන්නෙ නැහැලු. පස්සෙ කාලෙක දිනේශ් ප්‍රියසාද් මහත්තයත් මේ පුරුද්දට හුරු වුණාලු. (ඒක තමා මෑන්ගේ තට්ටේ පෑදුනේ..:lol::lol:)


    ඇස්වාට්ටුව සිට හෝමගමට යන අතරතුර ලියැවුණු ආදරයේ උල්පත වූ අම්මා

    Celebrityfacts-07.jpg


    ප්‍රේමකීර්තිද අල්විස් කියන්නෙ ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ගී පද රචකයෙක්. ඔහුගේ ඉතාම සංවේදී ගී පද රචනයක් තමයි “ආදරයේ උල්පත වූ අම්මා” නම් ගීය.

    ඕනෑම ගී පද රචකයෙක් තමන් අතින් ලියවුනානම් කියා ප්‍රාර්ථනා කරන්න තරම් හදවතට දැනෙන වදන් පෙළකින් සමන්විත මේ ගීය ප්‍රේමකීර්ති ලියල තියෙන්නේ ඇස්වාට්ටුව සිට හෝමගම දක්වා ගමන් කරපු බසයක ටිකට් එකක බවයි කියවෙන්නේ. ඒ වන විට අක්ෂි රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තමන්ගේ මව දැකබලාගෙන පැමිණෙන සංවේදී මොහොතක තමයි මේ ගීය ප්‍රේම් අතින් ලියවිලා තියෙන්නෙ. ඒ වගේ කෙටි කාලයකින් මෙවැනි නිර්මාණයක් බිහි කරන්න කොයිතරම් නිර්මාණශීලී මනසක් තියෙන්න ඇතිද නේද?


    හෙට දවසේ අප දෙදෙනා ගීතය ලියවුනේ බෝතලයකටද? නැද්ද?

    Celebrityfacts-08.jpg


    මේ කතාවටත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සම්බන්ධයි. ප්‍රියා සූරියසේන ගයන “හෙට දවසේ අප දෙදෙනා” කියන ලයාන්විත ගීතය තරමටම ජනප්‍රිය ඒ ගීතය හා බැඳුණු කතාවක් තියනව. ඒ කතාවට අනුව ප්‍රියා සූරියසේන මහතා ගීතයක් ලියවා ගැනීමට ප්‍රේමකීර්ති හමුවීමට යන්නේ මත්පැන් බෝතලයකුත් අරගෙන. කොහොම වෙතත් ඒ වන විට ප්‍රේමකීර්ති වෙනත් හදිසි ගමනක් යාමට සූදානමින් සිටි නිසා ඉක්මනට මේ ගීයෙ මුල් පද පේළි ටික කොලයක ලියල ප්‍රියා අතට දීල ගියාලු.
    “හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ”
    ඒ කියන්නෙ හෙටත් අද වගේම බෝතලයක් අරන් එන්න කියන එක. හැබැයි මේක හුඟක් දෙනා විශ්වාස කරන ජනප්‍රිය කතාවක් උනාට ප්‍රියා සූරියසේන මහතා මේ කතාව ප්‍රතික්ෂේප කරනවා.



    අනිවා.lk ඇසුරෙනි.
     
    Last edited:

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    1024full-indiana-jones-and-the-temple-of-doom-screenshot.jpg

    පහුගිය අවුරුදු පහළොව ඇතුලත ඉපදුන ගැංස්ටස්ලා එහෙම අහලා නැතුව ඇති, අපේ හිටියා හොඳ නළුවෙක් ඩී.ආර්. නානායක්කාර කියලා. මනුස්සයා Indiana Jones එකෙත් රඟපෑවා. මේ දාලා තියෙන්නෙ ඒකෙ හැරිසන් ෆෝඩ් එක්ක ඉන්න රූපරාමුවක්. පිටිපස්සෙ ඉන්නෙ අයිරාංගනී සේරසිංහ. දවසක් මහා රෑක ඩී.ආර්. ඩෝප් එකෙන් නැග්ගලු බස් එහෙකට. පස්සෙ හෝල්ට් එහෙකින් නැග්ගලු ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් හිටගෙන යන එක පිරිමිකමට වටින්නැති නිසා මිනිහා නැගිටලා දුන්නලු මෙන්න මැඩම් කියලා තමන්ගෙ සීට් එක. මුලු බස් එකේම හැබැයි ඉඳලා තියෙන්නෙ මිනිහා විතරයි..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    පහුගිය අවුරුදු පහළොව ඇතුලත ඉපදුන ගැංස්ටස්ලා එහෙම අහලා නැතුව ඇති, අපේ හිටියා හොඳ නළුවෙක් ඩී.ආර්. නානායක්කාර කියලා. මනුස්සයා Indiana Jones එකෙත් රඟපෑවා. මේ දාලා තියෙන්නෙ ඒකෙ හැරිසන් ෆෝඩ් එක්ක ඉන්න රූපරාමුවක්. පිටිපස්සෙ ඉන්නෙ අයිරාංගනී සේරසිංහ. දවසක් මහා රෑක ඩී.ආර්. ඩෝප් එකෙන් නැග්ගලු බස් එහෙකට. පස්සෙ හෝල්ට් එහෙකින් නැග්ගලු ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් හිටගෙන යන එක පිරිමිකමට වටින්නැති නිසා මිනිහා නැගිටලා දුන්නලු මෙන්න මැඩම් කියලා තමන්ගෙ සීට් එක. මුලු බස් එකේම හැබැයි ඉඳලා තියෙන්නෙ මිනිහා විතරයි..
    :lol::lol::lol::lol: