ජනාදිපතිවරනය - හොදම option එක

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ජනාදිපතිවරනය - හොදම option එක

    75199769_1334884600014507_8608974083238920192_n.jpg

    ජනාදිපතිවරණයට තව දවස් පහයි. අපේක්ශකයෝ 35ක් අතරින් පේන විදියට යම්කිසි සාදනීය බලපෑමක් ඇති කරන්න පුලුවන් අපේක්ෂකයෝ තුන් දෙනෙක් විතරක් තවම race එකේ ඉතුරු වෙලා ඉන්නවා. මහේශ් සේනානායක පුස්සක් වෙලා ඉවරයි. මොකද ඔහුගේ මැතිවරණ ව්‍යාපායේ බිම් මට්ටමේ අමන්ත්‍රණයක් ඇත්තෙම නෑ. ඊට අමතරව හොදටම අල්ල ගන්න තිබුන සමාජ මාධ්‍ය බාවිතා කරන තරුණ චන්ද ආකර්ෂණය කර ගන්නවත් උනන්දුවක් නෑ. මහේශ් දැනගෙන හරි නොදැනගෙන හරි කාගේ හරි campaign එකක ඉත්තෙක් වෙලා ඉවරයි. තවමත් මහේශ්ට කඩේ යන්නේ සජිත්ට එලිපිට චන්දේ දෙනවා කියන්න බැරි ජානගත unp කාරයෙක් විතරයි.

    එතකොට අපිට ඉතිරි වෙනවා ගෝඨා, සජිත්, අනුර කියන තුන් දෙනා. මේ ගොල්ලෝ නියෝජනය කරන පක්ශ බැලුවොත් අපිට කියන්න තියෙන්නේ මේ හැම පක්ශෙටම ඒවගේම පක්ශෙ ඉන්න හැමෝටම ඉතිහාසයක් තියනවා. ඒ කියන්නේ මහින්ද ඇතුලු පොදුජන පෙරමුණ තමන්ගේ 2010-2014 පාලන සමයේ කරපු ලොකු වැරදි දූෂණ මිනීමැරීම් චෝදනා තියනවා. ඒ වගේම සජිත් ඇතුලු unp එක බලය ලැබුන සෑම අවස්ථාවකම රටට අහිතකර තීරන අරගෙන තියනවා වගේම දූශන වංචා මිනීමැරුම් වල අඩුවකුත් නෑ. 80 දශකයේ කරපු මිනීමැරීම් පොදු දේපල විනාශ කිරීම් වලින් චෝදනා වලින් ගැලවෙන්න අනුර කුමාර ඇතුලු ජවිපෙට වගේම යූන්පී එකටත් බෑ. ඒ කියන්නේ මේ හැමෝටම අදුරු අතීත තියනවා. එහෙනම් කරපු අතීත දූෂණ මිනීමැරුම් වලින් මේ තුන් ගොල්ලෝ සමානයි. එහෙනම් අරයට වඩා මෙයා අඩුවෙන් කරලා තියෙන්නේ මෙයාට වඩා අරයා අඩුවෙන් කරලා තියෙන්නේ කියලා සාධාරණීකරනය කරන්න බෑ.

    මේ තුන් ගොල්ලොන්ගේ මාධ්‍ය බාවිතාව බැලුවොත්. ගෝඨට හිරු දෙරණ ඉන්නවා. සජිත්ට සිරස ITN ඉන්නවා. අනුරලාට ලංකා වගේ මුද්‍රිත මාද්‍ය ඉන්නවා. අනුරලගේ tv චැනල් එකක් තිබුනා නම් ලංකා පත්තර වල content එකට වඩා වැඩි දෙයක් එලියට එන්නෙත් නෑ. මේ තුන්ගොල්ලොන්ගෙම මාද්‍ය බාවිතාව එක වගේ කියලා අපිට තේරුම් ගන්න පුලුවන් පාට පක්ෂ කන්ණාඩි ගැලවලා ඒ news වල content බැලුවට පස්සේ.

    බදිව්දීන්, හකීම්, සුමන්තිරන් සම්බන්දන්, මනෝ ගනේශන්, වික්‍රමබාහු ඇතුලු අන්තවාදී බෙදුම්වාදීන්ගෙන් බහුතරයක් ඉන්නේ සජිත් එක්ක. පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ද උන බෝම්බකරුවන් දෙන්නෙක්ගේ තාත්තා වගේම මහවිල පාරේ බෝම්බ ප්‍රහාරය සිද්ද උන ගෙදර අයිතිකාරයා උන ඊබ්‍රහීම් ජවිපේ අනුර කුමාරලගේ ජාතික ලයිස්තුවේ ඉදලා තියනවා. කොයිතරම් ජාතික බලවේග පොදුජන පෙරමුන වටා ඒකරාශී උනත් හිස්බුල්ලා වක්‍රාකාරයෙන් ගෝඨාගේ campaign එකට උදව් කරනවා කියන එක සාමාන්‍ය දැනීම තියන ඕනම කෙනෙකුට තේරෙනවා.

    ඒ වගේම සජිත්ගේ වේදිකාවේ රාජිත, රවී, මංගල වගේ කාලකන්ණි සෙට් එකක්ම ඉන්නවා. එතකොට ගෝඨාගේ වේදිකාවේ රෝහිතලා මහින්දානන්දලා SBලා වගේ ත්‍රාඩ සෙට් එකක් ඉන්නවා. අනුරත් එක්ක ජාතියක් ජම්මයක් නැති අලුත් පරපුර වගේ කාලකන්ණි සෙට් එකක් ඉන්නවා. එතකොට මේ හැමෝම ලග කාලක්න්ණි කට වචාලයො ඉන්නවා.

    උඩ තියන දේවල් කොච්චර ඇත්ත උනත් අපිට තෝරගන්න ඉතිරි වෙලා තියෙන්නෙත් උඩ ඉන්න තුන් දෙනා නම් අපිට කරන්න වෙන්නේ මේ තුන් දෙනාගෙන් සාපේක්ශව හොද අපේක්ශකයා ඉදිරි අවුරුදු 5ට තෝර ගන්න එක. එහෙනම් අපි කොහොමද මේ තුන් දෙනාගෙන් සාපේක්ශව හොදම අපේක්ශකයා තෝරගන්නේ. එතනදී මට නම් හිතෙන්නේ අපි අනුගමනය කරන්න ඕනේ අපි මේ තුන් දෙනාගෙන් කෙනෙක් තෝරන්නේ අපිට තියන මොන ප්‍රශ්නෙට උත්තරයක් විදියටද කියන එක. මුලින්ම අපි රටක් විදියට අපිට තියන ප්‍රායෝගික ප්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්න ඕනේ.

    1. ඇත්තටම අපිට රටක් විදියට තියන ලොකු ප්‍රශ්නයක් තමයි Experienced Rigid Visionary Leadership එකක් නැති කම.

    2. ඊලග එක තමා නිවැරදි දැක්මක් හා ප්‍රතිපත්ති මූලික system එකක් නැති කම.

    3. තවත් තියන ලොකුම ප්‍රශ්නයක් තමා ගෝලීය ප්‍රවනතා හදුනාගෙන ඒ අනුව රටේ ආර්ථික දැක්ම, කර්මාන්ත, අධ්‍යාපනය මෙහෙයවීමට ඇති නොහැකියාව.

    4. තවත් ප්‍රශ්නයක් තමා නිදහසෙන් පස්සේ අව්රුදු 10කට පාරක් විතර එක එක මුහුනුවරවල් වලින් මතුවෙන යුද්ධ විප්ලව හා ජාතික ආරක්ශාවේ දුර්වලතා.

    5. සංස්කෘතික හා ආගමික පරිහානිය


    මට හිතෙන විදියට නම් උඩින් තියන ප්‍රශ්න ටික විසදන්න පුලුවන් නම් ලංකාවේ ලොකුම සල්ලිකාරයගේ ඉදන් අන්තිම දුගී දුප්පත් මිනිහ දක්වා හැමෝටම මුහුන දෙන්න වෙන එදිනෙදා ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.දැන් අපි බලමු මේ ප්‍රශ්න වලට තියන සාපේක්ශව නිවැරදිම උත්තරේ අර අපේක්ෂ්කයෝ තුන් දෙනාගෙන් කව්ද කියලා. මෙතනදි අපි mcq වලදි කරන elimination process එකෙන් උත්තරේ හොයන්න බලමු.

    ඇත්තටම බැලුවොත් එහෙම නම් මුලින්ම සජිත්ව අපිට race එකෙන් අයින් කරන්න පුලුවන්. මොකද සජිත්ගෙ ප්‍රතිපත්ති දර්ශනය හැමදේම කොහෙන් හරි ඇහිදගතපුවා. සජිත්ගේ නිවාස ව්‍යාපෘති වල තිරසාර බව බැලුවොත් හිතාගන්න පුලුවන් රටේ නායකයා උනොත් මොන වගේ ප්‍රසිද්ද දේශපාලනයක් කරයිද කියලා. සජිත් කියන්නේ දුප්පත්කම මාර්කට් කරන නිසි අධ්‍යාපනයක් නැති අන්තිම සාමාන්‍යම දේශපාලකයෙක්. එතකොට සජිත් අර උඩ කියපු ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි.

    එහෙම නම් ඉතිරි උත්තර දෙක ගෝඨා සහ අනුර. මේ මැතිවරණ ව්‍යාපාරය බැලුවොත්, මේ දෙන්නම මම අර උඩ කියපු ප්‍රශ්න වලට එක ලග උත්තර ටිකක් සපයනවා. යල් පැන ගිය දේශපාලකයෝ වෙනුවට මේ දෙන්නා වටේම උගත් වෘත්තීයවේදීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. වියත්මග, එලිය හා ජාතික ජන බලවේගය කියන මේ සංවිදාන සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයට ලොකු තර්ජනයක් එල්ල කරලා තියනවා. කිසිම දැක්මක් නැති සජිත් පවා වෘත්තියවේදීන්ගේ සහය හොයන්න යොමු වෙලා තියනවා. ඒ කියන්නේ මේ පාර Election Campaign එකේ දිශානතිය වෙනස් කරන්න ගෝඨාට වගේම අනුරටත් පුලුවන් වෙලා තියනවා.

    අපි මේ අපේක්ශකයො දෙන්නට ඉහත ප්‍රශ්න විසදීමට ඇති හැකියාව අනුව points දෙමු. 2 හා 4 කියන ප්‍රශ්න දෙකට මේ දෙන්නගේ points බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ දහයෙන් හතක් වගේ දෙන්නටම දෙන්න පුලුවන්. මට තේරෙන විදියට 1,3 & 5 කියන ප්‍රශ්න වලින් ගෝඨා අනුරට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කියල. ඒ කියන්නේ ගෝඨාට දහයෙන් අටක් දෙනවා නම් අනුරට දහයෙන් හතක් වගේ.

    මේ points දීලා තියෙන්නේ මට දැනෙන මම අර්ත දක්වගන්න පුලුවන් නිර්නායකත් එක්ක. ඒ කියන්නේ මගේ චන්දේ මේ පාර ගෝඨාට. ඒ ගෝඨා දියසෙන් කුමාරයා නිසා නෙවෙයි. මේ වෙලාවෙ ප්‍රායෝගිකව මට ගන්න පුලුවන් හොදම option එක නිසා.


    උපුටා ගැනීමකි..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ :lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එය ජනාධිපතිවරණයක් නොවෙයි. හෙළයන් සහ පරයන් අතර සටනකි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ :lol:


    SB activated...


    Mahindananda activated....



    Pradeshiyasabha guys activated ....:lol::lol::lol::lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    ඒ කියන්නේ මගේ චන්දේ මේ පාර ගෝඨාට. ඒ ගෝඨා දියසෙන් කුමාරයා නිසා නෙවෙයි. මේ වෙලාවෙ ප්‍රායෝගිකව මට ගන්න පුලුවන් හොදම option එක නිසා...:yes::yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    ඇත්තටම බැලුවොත් එහෙම නම් මුලින්ම සජිත්ව අපිට race එකෙන් අයින් කරන්න පුලුවන්. මොකද සජිත්ගෙ ප්‍රතිපත්ති දර්ශනය හැමදේම කොහෙන් හරි ඇහිදගතපුවා.


    උපුටා ගැනීමකි..

    sE7L5LA.png

    ඔව් බන් අනිත් උන්ගේ තියෙන්නේ මීට කලින් අම්ම මුත්තා කාලේවත් අහලා නැති ඔරිජිනැලිටි කියන එක උඩින්ම තියෙන මාරම යුනික් ප්‍රතිපත්ති සහ දර්ශන.. පුක තමයි! ඕවා ගිහින් කියපන් මොලේ නැති බයියන්ට චූන් වෙන්න!

    cfd6795d4c780615847d7b470f3ce4bc.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යල් පැන ගිය දේශපාලකයෝ වෙනුවට මේ දෙන්නා වටේම උගත් වෘත්තීයවේදීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. වියත්මග, එලිය හා ජාතික ජන බලවේගය කියන මේ සංවිදාන සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයට ලොකු තර්ජනයක් එල්ල කරලා තියනවා.

    අනේ ද කියන්නේ..? මේක ලියපු එකා ගංජා ගහලද දන්නෙ නැ මේක ලිව්වේ! නෑ ඉතින්, රටකට ලියන්න පුලුවන් ජෝකර්ලත් ඉන්න ඕනේ. ඒ හැකියාව තියෙනවා මොනවා වුනත්!

    75233889_1137954649927968_4221079874095284224_n.jpg
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    ow me awasthawedi nam mamath kalin hansaya vote karala UNP eken karapu campaign eka karapu campaign eka anagaththu hatiyata Gota thamai optio eka.
    Sajith aawoth nam maithree mahathtayata hapan wei :YES:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sE7L5LA.png

    ඔව් බන් අනිත් උන්ගේ තියෙන්නේ මීට කලින් අම්ම මුත්තා කාලේවත් අහලා නැති ඔරිජිනැලිටි කියන එක උඩින්ම තියෙන මාරම යුනික් ප්‍රතිපත්ති සහ දර්ශන.. පුක තමයි! ඕවා ගිහින් කියපන් මොලේ නැති බයියන්ට චූන් වෙන්න!

    cfd6795d4c780615847d7b470f3ce4bc.gif
    උබට විතරද බන් මොලේ තියෙන්නේ??
    සජිත්ට චන්දෙ දෙනවනම් උට තමා මොලේ තියෙන්නේ. එහෙමද ??
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සාපේක්ෂහොඳාවාදය

    එය ජනාධිපතිවරණයක් නොවෙයි. හෙළයන් සහ පරයන් අතර සටනකි.

    එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ :lol:

    Ow.. But only option is gota.. :yes::yes:

    උබට විතරද බන් මොලේ තියෙන්නේ??
    සජිත්ට චන්දෙ දෙනවනම් උට තමා මොලේ තියෙන්නේ. එහෙමද ??

    Uta kiyla wedal ne bn.. 😊