ජනාදිපති තාත්තා..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජනාදිපති තාත්තා..

    දිනක් රාත්‍රී දොලහට පමන තාත්තා තම කාර්‍යාල කාමරයේ වැඩක නියැලී සිටිනු දුටු මා ඔහු වෙත ලඟාවී පොඩි විපරමක් කලා..
    "තාත්‍තා, ලොකු වැඩක්ද"
    "ඔව් දුව.. UN එකේ කරන්න ඕනි කතාව හදනව.."
    මට මතකයට ආවේ කාලයකට කලින් රූපවාහිනියේ විකාශනය වූ කුඩා දියනිය සහ තාත්තා අතර ඇතිවන කතා බහක් ඇසුරෙන් ගොඩ නැගුන වෙළඳ දැන්වීමකි.. එම වෙලඳ දාන්වීමේ පරිදි ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා කියන කතාව පැවසීමට හිතට ආවත් නොපවසා ගිල ගත්තේ තාත්තාගේ හිත රිද්දීමට ඇති අකමැත්ත නිසාවෙනි..
    " ඒ කියන්නෙ තාත්‍තා ඇමෙරිකා යනව, ? " මම දුක් මුසු ස්වරයෙන් ඔහුගෙන් ඇසුවේය..
    " ඔව් දුව.." උපැස් යුවල ගලවමින් මා දෙසට හැරන ගමන් ඔහු පිලිතුරු දුන්නේය..
    " තාත්තා.. මල්ලිවයි මාවයි එක්කගෙන යන්න බැරිද.."
    "දූ... මේ යන්නෙ රාජකාරී ගමනක්.. මේ ගමනට පවුලේ උදවිය එක්කගෙන යන්න බෑ.. අනික දුව මම ජනතවට පොරොන්දු වෙලා තියෙනව මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි නිකරුනේ නාස්ති කරන්නෙ නැහැ කියල. මම කොහොමද ඔයාලව එක්කගෙන යන්නෙ.."
    දුක් මුසු ස්වරූපයෙන් ඔහු කියාගෙන ගියේය..
    " කමක් නෑ තාත්තා... තාත්තා ගිහින් එන්න.." .කඩවුනු බලාපොරොත්තුවකින් යුතුම මා මාගේ කාමරයට ගියේ නින්ද යාමටය...
    පසුදා දින දහවල් දෙකට පමන තාත්තා පැමින මා හට කතා කලේය..
    " දූ චතූ... මෙතන රුපියල් විසිපන්දාහක් තියෙනව.. ඔයාලා ඇමෙරිකා යන්න ලෑස්තිවෙන්න මල්ලිවත් ලෑස්ති කරගන්න"
    ඒ වදන් වලින් තරමක් සතුටට පත්වූවත් එක පාරට පුදුමයටද පත් විය..
    "තාත්තා කොහෙන්ද සල්ලි.."
    " දුව.. මගේ කුඹුර උගස් තියල මේ සල්ලි ඉල්ල ගත්තේ.. ඔයාලවත් ඇමෙරිකා එක්ක යන්න ඕනි නිසා"
    "ඔයයි මල්ලියි හෙට හවස එන්න.. මම ඔයාලට එකොනොමි ක්ලාස් ටිකට් බුක් කලා.. ඔය ටික වියදමට තියාගන්න.. ඔයාලා ඇවිත් නිවුයෝක් හන්දියෙන් බැහැල ඔබාමා අංකල්ගෙ තේ කඩෙන් ඉන්න.. එතන ඉඳල ඩොලර් දෙකක් දීලා ත්‍රී විල් එකක් අරගෙන හිලරි ඇන්ටිගෙ හොටලයට යන්න.. ඒක බාප්පගෙ අරලිය හෝටලය තරම් වත් පහසුකම් නෑ තමයි ඒත් වියදමට තියෙන්නෙ පොඩි මුදලක් නිසා ඒක මැනේජ් කරගන්න"
    කියමින් තාත්තා අලුතින් මිලදී ගත් වොක්ස්වැගන් රථයේ නැගී යන්න ගියේය..
    තාත්තා වසර ගනනාවක් තිස්සේ විවිද ඇමතිකම් දරමින් සිටියත් අපි කිසි දිනෙක පොලොන්නරුවෙන් පිටවී නැත. ගුවන් ගමනක් යනු අපට හීනයක්ම වී තිබූ දෙයකි.. වෙනත් ජනාදිපතිවරු තම රටේ මුදල් වලින් තම නෑදෑ හිතවතුන් ලෝකය වටා සංචාරයේ රැගෙන ගියද තාත්තා කිසිම දිනයක එවැනි කාරනයක් වෙනුවෙන් රටේ මුදල් වියදම් කරන්නෙ නැත.
    ජීවිතේ යන පලමු ගුවන් ගමනද කුඹුරක් උගස් තබා ලද මුදලින් යෑමට ලැබීම මට මහත් භාග්‍යයකි.. උගස් තැබූ කුඹුර නැවත බේරා ගැනීමට තාත්තාට හැකියාව ලැබේද නොලැබේද යන්න මා දන්නේ නැත. එය සිතන විටත් මහත් බියක් ඇතිවේ.. ඈත අතීතයේ කුඹුරු උගස්තබා ගොවිතැන් කල ගොවීහු ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි නසාගෙන ඇති බවට පුවත් ද මා අසා ඇත..

    7869.09 පිටුව

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇහැට කඳුළු පැන්න
    මගේ හිතේ ජනාදිපති ගැන තිබුන වැරදි ආකල්ප ඔක්කොම නැති උනා
    පුදුම මිනිහෙක්නේ අපිට ලැබිල තියෙන්නේ.
    අපි මේ වගේ මිනිහෙක් ජනාදිපති වෙන්න පිං කරලත් මදි
    අපේ වාසනාවකට පහලවෙච්ච උතුම් පුද්ගලයෙක්
    මේ පොත අරගෙන කියවන්න ඕන හැකි ඉක්මනින්.

    මම ජනාදිපති ගැන හිතාගෙන හිටිය විදිහ ගැන මං ගැනම කළකිරුණ :sorry:

    ජංගි පොඩ්ඩක් වත් නැතුව හෙලුවැල්ලෙන් හිටි කලේ මතක් උනා
    අංග ජාතකය පොළොවට ලංබකව එල්ලාගෙන
    පුක නොහොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මතක් උනා :(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇහැට කඳුළු පැන්න
    මගේ හිතේ ජනාදිපති ගැන තිබුන වැරදි ආකල්ප ඔක්කොම නැති උනා
    පුදුම මිනිහෙක්නේ අපිට ලැබිල තියෙන්නේ.
    අපි මේ වගේ මිනිහෙක් ජනාදිපති වෙන්න පිං කරලත් මදි
    අපේ වාසනාවකට පහලවෙච්ච උතුම් පුද්ගලයෙක්
    මේ පොත අරගෙන කියවන්න ඕන හැකි ඉක්මනින්.

    මම ජනාදිපති ගැන හිතාගෙන හිටිය විදිහ ගැන මං ගැනම කළකිරුණ :sorry:

    :lol::lol::lol::lol:
     

    Baabuwa

    Member
    Sep 24, 2017
    64
    13
    0
    නාවල
    QG4op62.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජංගි පොඩ්ඩක් වත් නැතුව හෙලුවැල්ලෙන් හිටි කලේ මතක් උනා
    අංග ජාත්‍ය පොළොවට ලංබකව එල්ලාගෙන
    පුක නොහොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මතක් උනා :(

    mama hithanne lankawe pahala una lassanama joke kiyapu buwaa hitan

    andareth kale ban mu dena athal walata:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama hithanne lankawe pahala una lassanama joke kiyapu buwaa hitan

    andareth kale ban mu dena athal walata:lol:
    :lol:
    මූත් රජවාසලේ කවටය තමයි
    ඒත් වැඩේ කියන්නේ මූ ගේ ජෝක් බල බල හිනාවෙද්දි
    අනික් උන් ජල්තර ටික හංගල අපිට අරිනවා :dull:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අන්න චතුර සේනාරත්න පොතක් ලියල ලු "ජනාදිපතිගේ තාත්තා" කියලා. :lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොතේ නම වැරදී.... ඕක එන්න ඔනේ "මල් පොන්නයා" කියලා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මම ජනාදිපති ගැන හිතාගෙන හිටිය විදිහ ගැන මං ගැනම කළකිරුණ