Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..
November 15, 2018 at 10:49 pm | lanka C news
Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..
පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමනට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පෙරමුණේ නායකයන් සමග පැවති පැවති සකච්ඡාවේදිය.
පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.
කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.
එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.
ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක. විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ යුතු අතර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක. පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.