ජනාධිපති තාත්තා

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ජනාධිපති තාත්තා

    ජනාධිපති තාත්තා...

    පිටු අංක 1689-දෙවන පරිච්ඡේදය

    අපේ තාත්තාගේ තාත්තා එනම් මගේ සීයා ගොවියෙකි. ඒ වගේම මුලු පොලොන්නරුවටම ප්‍රසිද්ද නම ගිය දඩයක්කරුවෙකි.

    අපේ තාත්තාට අවුරුදු 16ක් වූ කල සීයා දිනක්, අපේ තාත්තාත් කැටුව දඩයමේ ගොස් ඇත. එදා හොදින් හද පායා තිබූ දිනයකි.

    සීයා අතේ බෙහෙත් කොටන තුවක්කුවක්ය. ඒකෙන් ගිණි බිදින්න නම් තුවක්කුවේ "කනට" ගිණි පෙනෙල්ලක් ලං කල යුතුය. ඒ නිසා තාත්තා අතේ ගිණි පෙනෙල්ලය.

    ඔහොම යනකොට දෙදෙනා වතුර බොමින් සිටින මුවෙක් දැක තිබේ. සීයා කවදාවත් සාපිපාසය නිවාගන්නා සතෙකුට ගිණි බිදින්නේ නැත.

    ඒ නිසා මුවා වතුර බී අවසාන වනතෙක් ඉවසා සිටි සීයා හොදින් කුරුමානම් අල්ලා තාත්තාට "සිරෝ ඕක ඔබපිය කනේ" යැයි කියා ඇත.

    තාත්තා ඉතාම සරල මනුස්යෙකි. තාත්තා පස් පවින් තොරය. සීයා කන ලෙස අදහස් කලේ තුවක්කු කන උවත් තාත්තා සරල මනුස්සයෙක් නිසා සිතා ඇත්තේ සීයාගේ කනට ගිණිපෙනෙල්ල ඔබන ලෙස සීයා කියූ බවකි.

    ඒ අනුව තාත්තා ගිණිපෙනෙල්ල සීයාගේ කනේ ඔබා ඇත. වේදනාවෙන් වියරු වැටුන සීයා;
    "#%%ත්තිගෙ සිරෝ ඔය කනේ නෙවෙයි ඔබපිය අනෙක් කනේ"යැයි කියා ඇත.

    ඒ අනුව තාත්තා දෑතම බදා සීයාගේ අනෙක් කනට ගිණිපෙනෙල්ල ඔබා ඇත.

    තාත්තා තවමත් හද ඇති සමහර දිනවල ඔය කතාව වහල දෙස බලාගෙන කියන්නේ බොහොම දුක්මුසුවය.

    ඒ කතාව ලගදී තාත්තා කියනු අසා සිටි අම්මා මට රහසක් කීවාය. අර දෙවනිපාර ගිණිපෙනෙල්ල සීයාගේ කනේ එඹීමෙන් වියරු වැටුනු සීයා ගිණිපෙනෙල්ල සරම උස්සා තාත්තාගේ #%කේ ඔබා ඇත.

    අප නොදුටු අම්මා පමනක් දුටු ඒ තුවාල කැලල මනුස්සෙකුට බැලීමටත් බය හිතෙන තරමේ එකක් බව කියන විටත් අම්මාගේ කම්මුල දිගේ උණු කදුළු බිංදුවක් ගලනවා මා බලා සිටියේ බොහොම දුකෙන් ය.........
     
    • Like
    Reactions: SuperX