ජපන් ජිවිතේ?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම නම් සිටිසන් බන් දැන් ජපන් ඇවිල්ලා අවුරුදු 18 ක් වගේ වෙනවා ලමයි නෝනා එක්ක මෙහේ ජීවත් වෙන්නේ එයාලත් සිටිසන්, මටනම් කිසි අවුලක් නෑ ප්‍රදානම අවුල ජපන් කතාකරගන්න බැරිනම්, ජපානෙ පට්ට අවුල්, ජපන් බැරි ඩයල තමයි රසිසම් අරකයි මේකයි කියලා මැරෙන්න හදන්නේ...මට අරක උනා මේක උනා ජප්පෙක් ඇරීයා කියලා මැරෙන්න හදන්නේ, මුන්ට කලු හම සුදු හම වැඩක් නෑ ජප්පෙක් වගේ ජපන් කතාකරනව නම් වෙල්කම්. මටනම් මේ වෙනකන් අවුලක් වෙලා නෑ...
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    @අල මල්ලි කියපන් උබ ඇවිල්ලා. ලගදි PR හම්බ වුනා කියලා දැක්කා.
    ඔව් බන්. HSP වීසා එකෙන් හිටියේ. එකේ PR එක ගන්නවටත් වඩා වාසියක් තියනවා. පොඩි ළමයෙක් ඉන්නවා නම් අපේ අම්මා තාත්තව ළමයට අවුරුදු 7ක් පිරෙනකම් ජපානේ තියාගන්න පුළුවන් (මගදී තව ළමයෙක් ලැබුනොත් එයාට අවුරුදු 7ක් වෙනකම් පුළුවන් :D). ඒක නිසා PR එක ගත්තේ නැතුව හිටියේ, හැබැයි 2022 layoffs/ economy කේස් වෙද්දී PR එක ගන්න එක හොඳයි කියල හිතලා ගත්තා.

    කියපන්කො. ජපානේ ගැන වැඩිය දන්නේ නෑ.

    @අල මල්ලි උඹත් මොනවා හරි කියපන්
    මම මේ හෙන බර වැඩක හිටියේ බොලව්.... :)

    PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි
    1. බොරු. Points 80ක් එක්ක HSP (Highly Skilled Professional) විසා එකක් ගන්න පුළුවන් නම් අවුරුද්දෙන් PR එකට අයදුම් කරන්න පුළුවන්. 80ක් නැතුව 70-80 අතර HSP එකක් ගන්න පුළුවන් නම් අවුරුදු 3න් අයදුම් කරන්න පුළුවන්. IT/Agri/Construction Engineers ල Phd students ල ඕන තරම් ඉන්නවා අවුරුද්දෙන් PR ගත්ත.

    2. හැමෝම නෙවෙයි. මම සතියට දවස් 4යි වැඩ. දවස් 3ක් නිවාඩු. අවුරුදට paid leaves 22යි, ලෙඩ නිවාඩු 10, family care 5යි. summer vacation 3යි තියනවා. ඉතින් paid leaves ගන්න ඕන නැති තරම්. මම මේ අවුරුද්දේ පාවිච්චි කරේ ගිය අවුරුද්දේ ඒවා. මේ අවුරුද්දේ 22ම ඉතුරුයි, ඒ ටික ලබන අවුරුද්දේ පාවිච්චි කරන්න පුළුවන්. දවස් 16 නිවාඩු දැම්මොත් සති 5ක් නිවාඩු. ලංකාවට ගිහින් එන්න පුළුවන්

    3. හැමෝම නෙවෙයි.

    4. බොරු. මම ඇවිත් දැන් අවුරුදු 8ක් විතර. තාම භාෂාව හරියට බෑ. හොඳ රස්සාවක් තියනවා නම්, හරි මිනිස්සු ආශ්‍රය කරනවා නම් කිසිම අවුලක් නෑ. හැබැයි භාෂාව හොඳට පුළුවන් උනා නම් මීට වඩා හොඳයි..

    5. Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ.

    6. ඇත්ත.

    6. ඇත්ත
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ.
    Japan වල Economy එක Slow වෙනවා කියලා කිව්වේ මගේ Japan ඉන්න Business කරන යාලුවෙක් . GDP එකේ කැපිලා පෙන Growth එකක් නැති එක තමා Data බැලුවත් පෙන්නන තියෙන්නේ
    https://tradingeconomics.com/japan/gdp-growth

    බොරු. Points 80ක් එක්ක HSP (Highly Skilled Professional)
    Japan යන හැමෝටම Highly Skilled Professional Visa Apply කරන්න බැහැ නේ
    ඒක නිසා මේක හැමෝටම වලංගු නැහැ නේද
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    4. Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ.
    Economy එකේ growth rate එක සෑහෙන්න අඩුයි. Within Next 3 years Germany වල GDP එකට වඩා අඩු වෙන සීන් එකක් තියෙන්නෙ German economy එකත් හොඳට perform කරන්නෙ නෑ. ඒත් ජපන් economy එක ඊටත් වඩා හිමින්. 1989 මූල්‍ය ප්‍රතිපත්තියෙ කරපු වෙනස්කම් එක්ක. අවුරුදු 30ක ආර්ථිකේ ගත්තම තියෙන්නෙ පහළ උද්දමන අගයක්. දියුණු වෙන රටක යම් මට්ටමකින් ධන උද්දමනගයක් තියෙන්න්නොන. 2022,2023 ධන අගයත් තිබුණත් 2019,2020,2021 අවුරුදු වල 0ට වඩා අඩු අගයක තමයි උද්දමනය තිබුණෙ. මේකට හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඉල්ලුම අඩුවීම. ඉල්ලුම අඩුවීමට හේතු වෙන්නේ පරිභෝජනය කිරීමේ ශක්යතාව අඩුවීම. එහෙම නැත්නම් මිනිස්සුන්ට බඩුගන්න තරම් සල්ලි අතේ නැති උනාම බිස්නස්කාරයින්ට බිස්නස් නැති නිසා බඩුවල මිල අඩු වෙනවා. මේක දියුණු වෙන ආර්ථිකේක තියන ලක්ෂනයක් නෙවෙයි. ලංකාවෙ ලොජික් එක හාල්, පොල් මිල රට දියුණු වෙද්දි අඩුවෙනව කියන එක. ඒත් ආර්ථික විද්‍යාවට අනුව නම් ආර්තිකයක් දියුනු වෙද්දි බඩු මිලත් යම් අනුපාතයකින් වැඩිවෙනවා. ඒකට සාපේක්ශව වැටුප් වැඩිවීමයි බලාපොරොත්තු වෙන්නේ.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    ඔව් බන්. HSP වීසා එකෙන් හිටියේ. එකේ PR එක ගන්නවටත් වඩා වාසියක් තියනවා. පොඩි ළමයෙක් ඉන්නවා නම් අපේ අම්මා තාත්තව ළමයට අවුරුදු 7ක් පිරෙනකම් ජපානේ තියාගන්න පුළුවන් (මගදී තව ළමයෙක් ලැබුනොත් එයාට අවුරුදු 7ක් වෙනකම් පුළුවන් :D). ඒක නිසා PR එක ගත්තේ නැතුව හිටියේ, හැබැයි 2022 layoffs/ economy කේස් වෙද්දී PR එක ගන්න එක හොඳයි කියල හිතලා ගත්තා.

    මම මේ හෙන බර වැඩක හිටියේ බොලව්.... :)

    1. බොරු. Points 80ක් එක්ක HSP (Highly Skilled Professional) විසා එකක් ගන්න පුළුවන් නම් අවුරුද්දෙන් PR එකට අයදුම් කරන්න පුළුවන්. 80ක් නැතුව 70-80 අතර HSP එකක් ගන්න පුළුවන් නම් අවුරුදු 3න් අයදුම් කරන්න පුළුවන්. IT/Agri/Construction Engineers ල Phd students ල ඕන තරම් ඉන්නවා අවුරුද්දෙන් PR ගත්ත.

    2. හැමෝම නෙවෙයි. මම සතියට දවස් 4යි වැඩ. දවස් 3ක් නිවාඩු. අවුරුදට paid leaves 22යි, ලෙඩ නිවාඩු 10, family care 5යි. summer vacation 3යි තියනවා. ඉතින් paid leaves ගන්න ඕන නැති තරම්. මම මේ අවුරුද්දේ පාවිච්චි කරේ ගිය අවුරුද්දේ ඒවා. මේ අවුරුද්දේ 22ම ඉතුරුයි, ඒ ටික ලබන අවුරුද්දේ පාවිච්චි කරන්න පුළුවන්. දවස් 16 නිවාඩු දැම්මොත් සති 5ක් නිවාඩු. ලංකාවට ගිහින් එන්න පුළුවන්

    3. හැමෝම නෙවෙයි.

    4. බොරු. මම ඇවිත් දැන් අවුරුදු 8ක් විතර. තාම භාෂාව හරියට බෑ. හොඳ රස්සාවක් තියනවා නම්, හරි මිනිස්සු ආශ්‍රය කරනවා නම් කිසිම අවුලක් නෑ. හැබැයි භාෂාව හොඳට පුළුවන් උනා නම් මීට වඩා හොඳයි..

    5. Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ.

    6. ඇත්ත.

    6. ඇත්ත
    uba kiyana eka nm tikak piliganna puluwan, mehe adu kule mudduku nuugath horata japan gihin ballekwath ganan gaththe nathi unama kiyana katha thamaii oya kiyanne, moda huththalawa lankawe iddiwath ganan ganne nathi dial koheda bn pita rataka un ganan ganne
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Japan වල Economy එක Slow වෙනවා කියලා කිව්වේ මගේ Japan ඉන්න Business කරන යාලුවෙක් . GDP එකේ කැපිලා පෙන Growth එකක් නැති එක තමා Data බැලුවත් පෙන්නන තියෙන්නේ
    https://tradingeconomics.com/japan/gdp-growth

    Japan යන හැමෝටම Highly Skilled Professional Visa Apply කරන්න බැහැ නේ
    ඒක නිසා මේක හැමෝටම වලංගු නැහැ නේද

    Economy එකේ growth rate එක සෑහෙන්න අඩුයි. Within Next 3 years Germany වල GDP එකට වඩා අඩු වෙන සීන් එකක් තියෙන්නෙ German economy එකත් හොඳට perform කරන්නෙ නෑ. ඒත් ජපන් economy එක ඊටත් වඩා හිමින්. 1989 මූල්‍ය ප්‍රතිපත්තියෙ කරපු වෙනස්කම් එක්ක. අවුරුදු 30ක ආර්ථිකේ ගත්තම තියෙන්නෙ පහළ උද්දමන අගයක්. දියුණු වෙන රටක යම් මට්ටමකින් ධන උද්දමනගයක් තියෙන්න්නොන. 2022,2023 ධන අගයත් තිබුණත් 2019,2020,2021 අවුරුදු වල 0ට වඩා අඩු අගයක තමයි උද්දමනය තිබුණෙ. මේකට හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඉල්ලුම අඩුවීම. ඉල්ලුම අඩුවීමට හේතු වෙන්නේ පරිභෝජනය කිරීමේ ශක්යතාව අඩුවීම. එහෙම නැත්නම් මිනිස්සුන්ට බඩුගන්න තරම් සල්ලි අතේ නැති උනාම බිස්නස්කාරයින්ට බිස්නස් නැති නිසා බඩුවල මිල අඩු වෙනවා. මේක දියුණු වෙන ආර්ථිකේක තියන ලක්ෂනයක් නෙවෙයි. ලංකාවෙ ලොජික් එක හාල්, පොල් මිල රට දියුණු වෙද්දි අඩුවෙනව කියන එක. ඒත් ආර්ථික විද්‍යාවට අනුව නම් ආර්තිකයක් දියුනු වෙද්දි බඩු මිලත් යම් අනුපාතයකින් වැඩිවෙනවා. ඒකට සාපේක්ශව වැටුප් වැඩිවීමයි බලාපොරොත්තු වෙන්නේ.
    Economy එක slow වේගෙන යනවා තමයි මචන්. මම කියන්නේ අපි compare කරන්න ඕන අපිට ලැබෙන opportunity එකයි අපි දැනට ඉන්න තැනයි එක්ක නේ. ඇමරිකාවේ ඉඳල ජපන් එන්න හිතන කෙනෙක්ට නම් ඕවා හිත හිත ඉන්න පුළුවන්,

    මේ වෙනකොට ජපානේ තවමත් ප්‍රධාන රටවල් අතර ඉන්නවනේ. තව අවුරුදු 10කින් ජපන් එන්න ප්ලෑන් කරනවා නම් හෝ වෙන හොඳ රටකට යන්න පුළුවන් නම් මේවා හිතුවට කමක් නෑ

    Japan යන හැමෝටම Highly Skilled Professional Visa Apply කරන්න බැහැ නේ
    ඒක නිසා මේක හැමෝටම වලංගු නැහැ නේද

    අන්න ඔතන තමයි වෙනස මචන්. labor jobs වලට ජපන් එනවා කියල හිතන පිරිස තමයි වැඩි. එහෙම ආවත් PR ගන්න සැහෙන කලක් යනවා තමයි. ජපන් ඉගෙනගන්න ඇවිල්ල ජොබ් එකක් හොයාගන්න අය හෝ බිස්නස් එකක් කරන අය තමයි වැඩිපුර කොමෙන්ට් කරන්නේ, YT වීඩියෝ දාන්නේ. හොඳ Skills තියනවා නම් හොඳට ජිවත් වෙන්න පුළුවන්. මගේ යාලුවෙක් ඉන්නවා French එක්කෙනෙක් පඩිය යෙන් මිලියන 2.7 (මාසෙට), රුපියල් වලින් නම් ලක්ෂ 62ක් විතර. ජපානේ ජිවන වියදම් එක්ක එහෙම බලද්දී මිනිහට අවුරුදු 15කින් retire වෙන්න plan කරන්න පුළුවන්.
    ------ Post added on Dec 26, 2023 at 3:05 PM
     
    • Like
    Reactions: eksudda and Thiefx

    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
    @devinfer98

    ජපන් එනවනම් student විසා තමා හොදම.ඇවිල්ල හොදට ජපන් ඉගන ගත්තොත් (ලිවීම සහ කියවීම ඇතුලුව) උබ කැමති field එකකින් ඉස්සරහට යන්න පුළුවන්.කිසිම අවුලක් නෑ.හැබැයි වෙන රටවලට සාපේක්ෂව සල්ලි හොයන්න ටිකක් අමාරුයි සහ pr සහ citizenship ගන්න අමාරුයි ගන්න බැරි නෑ ගත්ත උන් ඕන තරන් ඉන්නවා.හොද ජොබ් එකකට ගියොත් ඔයකියන racist කතන්දර අනංමනං එච්චර වැඩක් නෑ.අනික apartment එකක agreement ගහවුවට පස්සේ ඕන ඕන විදියට එලවන්න බෑ.අනික IT වගෙ ජොබ් එකකට යනවා නම් english අනිවා ඕන english ජපානෙට වැඩක් නෑ කියන්නේ බොරු.වයස අඩුනම් student විසා එන්න පුළුවන් නම් ජපන් ඇවිල්ල ජිවිතේ ගොඩ ද ගනිං.එක එකාගේ බයිලා අහන්නේ නැතුව.
    ජයවේවා !
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Quality of life , work life balance නෑ බං මැශින් වගේ වැඩ වැඩ වැඩ. අනික හැම රෙද්දම ජපන් භාෂාවෙන්ම තියන හින්දා ආය මුල ඉදන් ඒක ඉගෙනගන්න ඕන
     
    • Like
    Reactions: netnet

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Quality of life , work life balance නෑ බං මැශින් වගේ වැඩ වැඩ වැඩ. අනික හැම රෙද්දම ජපන් භාෂාවෙන්ම තියන හින්දා ආය මුල ඉදන් ඒක ඉගෙනගන්න ඕන
    ඔයා ජපානෙද ඉන්නේ මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඔයා ජපානෙද ඉන්නේ මචං
    නෑ බං මගෙ හොදම යාලුවෙක් ජපන් ගියා දැන් මාස කීපෙකට කලින් ඌ කිව්ව දේවල් එක්ක තමා ඔය ටික කිව්වෙ. ඌ දැන් පසු තැවෙනවා ජපන් එක්සෑම් කර කර කට්ටත් කාලා ආපු එකේ තව ටිකක් ට්‍රයි කරලා ඔසී/කැනඩා පැන්නනං හොදයි කියලා
     
    • Like
    Reactions: gamerlk

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    නෑ බං මගෙ හොදම යාලුවෙක් ජපන් ගියා දැන් මාස කීපෙකට කලින් ඌ කිව්ව දේවල් එක්ක තමා ඔය ටික කිව්වෙ. ඌ දැන් පසු තැවෙනවා ජපන් එක්සෑම් කර කර කට්ටත් කාලා ආපු එකේ තව ටිකක් ට්‍රයි කරලා ඔසී/කැනඩා පැන්නනං හොදයි කියලා
    dan uu higakanawada ahapan?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මට වඩා අත්දැකීම් වැඩි අය ඕන තරම් මේකේ ඇති.

    ඒත් ජපානෙ සහ ජපානේ ජීවිතේ ගැන මගේ සත දෙක.

    ජපානෙ හොඳයි ලංකාවත් එක්ක සසඳලා බලද්දි.හැබැයි ජපානෙ අංක 1 භාශාව.ජපන් බැරුව මෙහෙ බල්ලෙක් වත් ඔයාව ගනන් ගන්නෙ නෑ.ලංකාවෙ වගේ නීති බයිපාස් කිරිලි නෑ නීතී නම් නීති තමයි.ඒක හම කලුද සුදුද ජප්පෙක්ද අදාල නෑ.ඔක්කොටම නීතිය එක වගේ.මං දැනට අවුරුදු 3ක් වගේ ජපානෙ ජීවත් වෙනවා.ටැක්ස් ගෙවන්න ඕන ඉන්ශුවරන්ස් ගෙවන්න ඕන හැමෝම.ලොකු මිනිස්සු පොඩි මිනිස්සු නෑ.හැමෝම එක වගේ.වැඩ කරන තැන් ස්ට්‍රෙස් කියල ගොඩක් අය කියනව ඒත් මං වැඩ කරන තැන නම් එහෙම නෑ..හැමෝම හිනා වෙලා සුහදව වැඩ කරන් ඉන්නවා.සැලරි එක හොඳයි.වාහන ගනන් අඩුයි.සමහර පැති වල අපාර්ට්මන්ට් ගනන් වැඩී.ඒක තමන් ඉන්න පැත්ත සහ ලක් එක එක බලපානවා.හැමෝම එක්ක කතා බහ කරල සුහදව ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.ගොඩක් අය කරන්නෙ ලංකාවෙ ජීවත් වෙලා එන පුරුද්දට මෙහෙත් ඒ විදියටම ජීවට් වෙන්න උත්සහ කරනවා.එහෙම ඉතින් බෑ.එතකොට තමයි අනේ මෙහෙ බෑ හරියන්නෙ නෑ කියල නහයෙන් අඩන්නෙ.මෙහෙ එනව නම් ලංකාවෙ තිබ්බ අඩුකුලේ ගති පැවතුම් එයාපෝට් එකේදි තියලා එන්න.ජපානෙ විතරක් නෙවෙයි මොන රටටත් ඒක අදාලයි.වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිල ඉන්න ඕන..අපි කෙනෙක්ට ඔලුව පාත් නොකර එයාල අපිට ඔලුව පාත් කරයි කියල කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා.

    මට වඩා දන්න සෙන්පයි කෙනෙක් මේකට වැඩි දෙයක් එකතු කරයි කියල හිතනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    අඩෝ ජපානේ කැරියෝ ඉන්නවා නම් අහපන් ක්‍රිෂාන් ගෙන් මන් කව්ද කියලා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට වඩා අත්දැකීම් වැඩි අය ඕන තරම් මේකේ ඇති.

    ඒත් ජපානෙ සහ ජපානේ ජීවිතේ ගැන මගේ සත දෙක.

    ජපානෙ හොඳයි ලංකාවත් එක්ක සසඳලා බලද්දි.හැබැයි ජපානෙ අංක 1 භාශාව.ජපන් බැරුව මෙහෙ බල්ලෙක් වත් ඔයාව ගනන් ගන්නෙ නෑ.ලංකාවෙ වගේ නීති බයිපාස් කිරිලි නෑ නීතී නම් නීති තමයි.ඒක හම කලුද සුදුද ජප්පෙක්ද අදාල නෑ.ඔක්කොටම නීතිය එක වගේ.මං දැනට අවුරුදු 3ක් වගේ ජපානෙ ජීවත් වෙනවා.ටැක්ස් ගෙවන්න ඕන ඉන්ශුවරන්ස් ගෙවන්න ඕන හැමෝම.ලොකු මිනිස්සු පොඩි මිනිස්සු නෑ.හැමෝම එක වගේ.වැඩ කරන තැන් ස්ට්‍රෙස් කියල ගොඩක් අය කියනව ඒත් මං වැඩ කරන තැන නම් එහෙම නෑ..හැමෝම හිනා වෙලා සුහදව වැඩ කරන් ඉන්නවා.සැලරි එක හොඳයි.වාහන ගනන් අඩුයි.සමහර පැති වල අපාර්ට්මන්ට් ගනන් වැඩී.ඒක තමන් ඉන්න පැත්ත සහ ලක් එක එක බලපානවා.හැමෝම එක්ක කතා බහ කරල සුහදව ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.ගොඩක් අය කරන්නෙ ලංකාවෙ ජීවත් වෙලා එන පුරුද්දට මෙහෙත් ඒ විදියටම ජීවට් වෙන්න උත්සහ කරනවා.එහෙම ඉතින් බෑ.එතකොට තමයි අනේ මෙහෙ බෑ හරියන්නෙ නෑ කියල නහයෙන් අඩන්නෙ.මෙහෙ එනව නම් ලංකාවෙ තිබ්බ අඩුකුලේ ගති පැවතුම් එයාපෝට් එකේදි තියලා එන්න.ජපානෙ විතරක් නෙවෙයි මොන රටටත් ඒක අදාලයි.වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිල ඉන්න ඕන..අපි කෙනෙක්ට ඔලුව පාත් නොකර එයාල අපිට ඔලුව පාත් කරයි කියල කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා.

    මට වඩා දන්න සෙන්පයි කෙනෙක් මේකට වැඩි දෙයක් එකතු කරයි කියල හිතනවා.

    Racist nadda? :(
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Racist nadda? :(
    තාම නම් එහෙම අත්දැකීමක් ලැබුනෙ නෑ.මං ඉන්නෙ ටෝකියෝ වල.මෙහෙ ගොඩක් අය හොඳයි.හැමෝම තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ.එතික්ස් තියෙනවා.අපාර්ට් එකකට අලුතෙන් ගියාම අනිත් අයට තෑග්ගක් එහෙම දීලා හොඳින් කතාබහ කරල ඉන්න ඕන.එතකොට මාර හොඳයි.ජපන් ෆැමිලි එකක් සෙට් කර ගන්නකො අම්මට තාත්තට වඩා පරිස්සමට බලා ගන්නවා.කෑම බීම පවා දෙනවා.හැබැයි අපිත් අවංක වෙන්න ඕන.අපි එයාල දිහා බලන විදියෙන් පවා ඒ අය අපිව මැන ගන්නවා